වැසිකිලියක් නැතිනම් කෙල්ලව දෙන්නැ- ඉන්දියාවේ නව නීතියක්.

‘වැසිකිළියක් නැත්නම් මනාලියක් නෑ’ යනුවෙන් නවතම ව්‍යාපාරයක් අරඹන ඉන්දීය රජය තම අතගන්නා පුද්ගලයාට වැසිකිළියක් සැපයීමේ හැකියාවක් නැත්නම් ඔහු ප්‍රතික්ෂෙප කරන ලෙස කාන්තාවන්ගෙන් ඉල්ලා තිබේ.
 මේ අදහස රජයට ඉදිරිපත් කර ඇති ඉන්දීය ග්‍රාම සංවර්ධන ඇමති ජායිරාම් රාමේශ් බිලියන 1.2 ක ජනතාවක් සිටින ඉන්දියාවේ වැසිකිළිවලට වඩා දේවාල පවතින බව කීමෙන් හින්දු ආගමිකයන් ප්‍රකෝප කර ඇති බව වාර්තාවේ. රාජස්තාන ගම්මානයකදී ඇමතිවරයා කියා සිටියේ මනාලයකුගේ සුදුසු කම බැලීමට කේන්ද්‍ර බලනවාට ඔහුගේ නිවසේ වැසිකිළියක් තිබේද යන්න සොයා බැලිය යුතු අතර එවැන්නක් නැත්නම් ඔහු සමග විවාහ දිවියට එළඹිම නොකළ යුතු බවය.

 ගෘහස්ථ වැසිකිළි වලට වඩා ජංගම දුරකතන පවත්නා රටක ගෘහස්ත වැසිකිළි සංඛ්‍යාව වැඩිකිරීමේ අරමුණෙන් ඔහු මේ ව්‍යාපාරය අරඹා තිබේ.
පසුගිය වසරේ සිදුකළ සංගණනයකදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ ජනගහනයෙන් 75% කට එනම් මිලියන 900කට වැඩි ප්‍රමාණයකට ජංගම දුරකතන පවත්නා නමුදු වැසිකිළියක් පවත්නේ ඉන් අඩකටත් අඩු පවුල් සංඛ්‍යාවකට බවය. රටේ නිවාස වලින් ජලාපවාහන පද්ධති හා බැඳුනු වැසිකිළි ඇත්තේ 11% කට පමණක් බවද ඉන් අනාවරණය කර තිබිණ.
ඇමතිවරයා කීවේ මේ වැසිකිළි හිඟයෙන් පෙනෙන්නේ ඉන්දියාව ලෝකයේ විශාලම එළිමහන් වැසිකිළිය බවට පත්ව ඇති බවය. මේ වැසිකිළි ප්‍රශ්නය ඉන්දීය කාන්තාව කෙරේ කෙතරම් බලපාන්නේද යත් ඔවුන් බහුතරයක් එළිය වැටීමට මත්තෙන් අඳුරේ පිහිටෙන් සිය ශාරීරික අවශ්‍යතා පිරිමසා ගැනීමට පෙළඹී තිබේ . සමහර අවස්ථාවල ඔවුන් දූෂණය ට ලක්වීමටද මෙය හේතුවක්ව ඇත .
 කෙසේවෙතත්එළිමහන් ශරීර කෘත්‍ය ක්‍රමය වලක්වා එම පුරුද්ද ඉන්දියාවෙන් අතු ගා දැමීම තම ව්‍යාපාරයේ අරමුණ බව ඇමතිවරයා කියා ඇත

Gossip Lanka Hot News Previous News Archive