නව ජනාධිපති නීතීඥවරු 22 ක් දිවුරුම් දෙයි

ජ්‍යෙෂ්ඨ නීතීඥවරු 22 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නිල උත්සවයේදී අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉදිරියේ අද (15) ජනාධිපති නීතීඥවරු ලෙස දිවුරුම් දුන්හ.
එම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ සියලු විනිසුරුවරු, මෙන්ම කොළඹ මහාධිකරණය, දිසා අධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණ‍යන්හි සියලුම විනිසුරුවරු හා මහේස්ත්‍රාත්වරු ද එක්ව සිටියහ.

මුරුකේසු සිත්තම්පලම්, රෝහන් සහබන්දු, බුලේන්ද්‍ර වීරසූරිය, සංජීව ලක්ෂ්මන් පෙරේරා, රෝලන්ඞ් චිත‍්‍රානන්ද පෙරේරා, ප‍්‍රශාන්ත ලාල් ද අල්විස්, නිහාල් ජයවර්ධන, ශාමිල් ජෝසප් පෙරේරා, මහේන්ද්‍ර කුෂාන් අල්විස්, කාලිංග ඉන්ද්‍රතිස්ස, බුද්ධිප‍්‍රිය ශානක රණසිංහ, නලීන් රුචිර ලද්දුහෙට්ටි, ශිරාන් හර්ෂ අමරසේකර, මෛත‍්‍රීගේල් වික‍්‍රමසිංහ, ධම්මික ප‍්‍රියන්ත සමරකෝන්, ප‍්‍රසන්න සුජීව ජයවර්ධන, උදිත ප‍්‍රියන්ග එගලහේවා, සංජීව ප‍්‍රගීත් ජයවර්ධන, ෆයිසර් මුස්තාෆා, ඉසුරු ද සොයිසා, මොහොමඞ් උවයිස් අලි සබ්දික් යන නීතීඥවරුන් මෙසේ දිවුරුම් දුන්හ.
මෙම නීතීඥවරුන් ජනාධිපති නීතීඥයින් ලෙසට නම්කර තිබුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනී.
මෙම දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති පුත් නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ද සහභාගිවී සිටියේය.



Gossip Lanka Hot News Previous News Archive