දෙමළ තරුණියන් සිය දෙනෙකු යුද හමුදාවට

කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත‍්‍රික්කවලින් දෙමළ තරුණියන් සිය දෙනෙකු යුද හමුදාවට බඳවා ගැනීමට තීරණය කර තිබෙන බව යුද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.

විශේෂ වැඩපිළිවෙලක් යටතේ ඔවුන් යුද හමුදාවට බඳවා ගැනෙන බව ඔහු සදහන් කළේය.


දෙමළ තරුණියන් යුද හමුදාවට බඳවා ගන්නා ආකාරයට දෙමළ තරුණයන්ද බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් ඇත්දැයි විමසු අවස්ථාවේදී බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියා සිටියේ, දෙමළ තරුණයන්ද බඳවා ගැනීමේ එවැනි විශේෂ වැඩපිළිවෙලක් නොමැති බවයි.
එහෙත්, හමුදාවට බැදීමට දැන්වීම් පල කරන අවස්ථාවලදී ඕනෑම සුළු ජාතිකයකුට ඒ සදහා අයදුම් කිරීමේ හැකියාව තිබෙන බව ඔහු පැවසිය.

Gossip Lanka Hot News Previous News Archive