2013 ඔබට කොහොමද ? Lagna palapala - 2013

Updates
 මේසමග ,
  1. සිලෝන් අස්ට්‍රෝවෙබ් අඩවිය මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  2. දිවයින පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  3. දිනමිණ පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  4. මව්බිම පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  5. සිළුමිණ  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  6. ලංකාදීප  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  7. සුබසෙත  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  8. රිවිර  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  9. ලක්බිම  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය

1.සිලෝන් අස්ට්‍රෝවෙබ්අඩවිය   මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය

 මේෂ ලග්නය


මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්චව 10 වැන්නේද, ගුරු දෙවැන්නේ ද, සඳු 4 වැන්නේ ද, ශනි සහ රාහු 07 වැන්නේද, සිකුරු 8 වැන්නේද, රවි බුධ 9 වැන්නේද, කේතු ලග්නයේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවෙනු ඇත.



ධනය

මිල මුදල් ලාභ ලැබේ. ආදායම වැඩිවේ. පඩි වැඩි වේ. රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ මුදල් හානි වේ.
අධික වියදම් ඇති වේ. රෝගාබාධ සඳහා මිල මුදල් වැය කිරීමට සිදු වේ. විවාහ වූ අයට නම් බිරිඳට හෝ ස්වාමියාට ධන ලාභ හෝ සැප ලැබෙන කාලයකි.

රැකීරක්‍ෂා

රැකීරක්‍ෂා වලින් උසස් වීම් ලැබේ. වෙළ හෙළදාම් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. භාරගෙන කරන වැඩ වලින් හෝ ආරම්භ කරන වැඩ වලින් ලාභ හා දියුණුව ඇති වේ. අලූතින් රැකී රක්‍ෂා ලැබේ. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට කරගෙන එන රැකී රක්‍ෂා වලට අවහිරතා හෝ සමහර විට රැකී රක්‍ෂා නැති වීමටද ඉඩ ඇත.
තනතුරු දරන අයට ස්ථාන මාරුවක් හෝ වෙන පලාතකට යාමට සිදු වේ.

ගෘහජිවිතය

ගරු නම්බු ලැබේ. සැපවත් කාලයකි. රසවත් කෑම බීම සංග‍්‍රහ ආදිය ලැබෙන්නට පුලූවන. වාසනාව මතුවන කාලයකි. උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ඥාති මිත‍්‍රයෝ තමා සොයාගෙන එයි. ඔවුන්ගෙන් උපකාරද ලැබේ. ශුද්ධ භූමි වලට යාමට ඉඩ ලැබේ. සතුරන් ගෙන් ජය ලැබේ. පවුලේ පිරිස වැඩි වේ. සමහර විට දරු උපතක් හෝ ඇති වේ. සුදුසු වයස නම් විවාහය හෝ කම්සැප හෝ ස්ත‍්‍රී සැප ඇති වේ. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉතා යහපත් කාලයකි.
සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයට දරු ශිෂ්‍ය ආදීන්ගෙන් වෙන්වීමක් සිදු වේ. මහජනයා සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් දෝෂාරෝපනවලට හසුවේ. ප‍්‍රසිද්ධ සතුරන් ඇති වේ. රාජ දඩුවම් පවා ලැබිය හැකිය. ගොවිතැන් වැඩ කරන අයට ඒවා පාලූ වීමෙන් අලාභ හානි ඇති වේ. පවුලේ කරදර මතු වේ. දේශපාලන කටයුතු වල නිරත වන අයට ප‍්‍රයෝජන ලැබිය හැකි කාලයකි. නිතර ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩ වලට බාධා හා ප‍්‍රමාද වීම් ඇති වේ. තම ස්වාමිපුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් වෙන් වීමට සිදු වේ. බොරු චෝදනා වලට හසු වේ. තද ලෙස සිත් කම්පා ඇති වීමට කරුණු යෙදේ. තමාගේ තිබුණ සැප සම්පත් එක් අතකින් හීන වී යයි. මේ කාලයේ නඩු හබ වලට පැටලූන හොත් ඉන් තමාට අවාසි විය හැක. බොහෝ කැලබිලි සහිත චංචල සහගත කාලයක් වේ. නොයෙක් ආකාරයේ වැදගැම්මකට නැති හිංසා පීඩා ඇති වේ.

අධ්‍යාපනය

අමුතු දේ ඉගෙන ගැනීමට හා දැන ගැනීමට ඉඩ ලැබේ. ඥාණය වැඩි දියුණු වේ. විභාග වලින් ජය ලැබේ. වර්ෂය මුල කාලයේදී උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ රටවලට යාමට සිදු විය හැක.

සෞඛ්‍යය

තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීප වැලඳෙන්න පුලුවනි. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට ලිංගා බාධ, වාත ආබාධ, හිරිවාත, අජීර්ණ රෝග ආදිය අසනීප වලට ඉඩ තිබේ. ශරීර ශක්තිය හීන වේ. විශේෂයෙන් මුත‍්‍රා දෝශ, ධාතු දුර්වලත්වය, වකුගඩු වල ආබාධ ඇතිවිය හැකිය. ඇතැම් විට ශල්‍යකර්මයක් හෝ කිරීමට තරම් අසනීප ආබාධ වැලඳීමට ඉඩ ඇත.
ශුභ දවස් :- ඉරිදා, අඟහරාවාදා, සෙනසුරාදා

ශුභ අංකය :- 1, 2, 3, 4, 5, 7, 9

ශුභ වර්ණ :- රතු සහ නිල්

ශුභ මැණික් :- රතු කොරල්, රතු මැණික්

වෘෂභ ලග්නය


වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 7 වැන්නේද, ගුරු ලග්නයේද, සඳු 3 වැන්නේද, ශනි සහ රාහු 6 වැන්නේද, රවි, බුධ 8 වන්නේද, කුජ 9 වැන්නේද, කේතු 12 වැන්නේද, ගෝචර කරමින් ආරම්භවන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයකි.

ධනය

ධන ලාභ ලැබේ. දේපළ දියුණු වේ. ණය තුරුස් වලින් නිදහස හෝ ණය ගණුදෙනුවකින් ලාභ ලැබේ. ආදායම වැඩි වේ. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. කරන කියන සෑම කටයුත්තකින්ම ලාභ සහ දියුණුව ඇති වේ. සමහර විට නැති වී ගිය වස්තුව පවා ලැබෙන්නට ඉඩ ඇත.

රැකී රක්‍ෂා

රැකී රක්ෂාවල දියුණුව ඇති වේ. රැකී රක්‍ෂා තනතුරු වලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එය ලැබෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්‍ෂාව පිළිබඳ ස්ථාන මාරුවක් ලැබීමට නියමයි. මේ කාල සීමාව තුළදී රැකී රක්‍ෂා උසස්වීම් පිළිබඳව වෑයම් නොකල යුතුය.

ගෘහ ජීවිතය

උත්සව වලට සහභාගි වීමට සිදුවේ. සොර සතුරන්ගෙන් කරදර ඇති නොවේ. සතුරන් පරාජය කළ හැකිය. තමා කැමති ආකාරයට කම්සැප විඳීමට ඉඩ තිබේ. සිතේ ප‍්‍රීතිය හේතුවන වස්තුව ලැබේ. තමාට සිතෙන ආකාරයට ගෙදර දොර පාලනය කිරීමට ඉඩ ලැබේ. බඩු රැස්කර ගැනීමට ඉඩ ලැබේ. තමාට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට ඉඩ ලැබේ. දියුණුවට කටයුතු සැලසේ. සැපවත් වේ. ආහාරපාන වර්ග ලැබේ. ස්ත‍්‍රීන්ට පුරුෂයන් සමගද පුරුෂයන්ට ස්ත‍්‍රීන් සමගද ආශ‍්‍රය ඇති වේ. තමාගේ නම හොඳ වේ. තමාට සිතෙන වේලාවට ගමන් බිමන් ආදිය යාමට ඉඩ ලැබෙන නිදහස් කාලයකි. තමා සමාජයෙහි ප‍්‍රසිද්ධ වන අතර සමාජයට ප‍්‍රිය වේ. ගුරු මහ දශා අන්තර් දශා ගතකරන අයට දුර බැහැර ගමන් යාමට සිදු වේ. වර්ෂය මැද භාගය දක්වා නින්දා අපවාද වලට මුහුණ දීමට සිදු වේ. නිතරම බියක් ඇතිව කටයුතු කිරීමට සිදු වේ. මෙම කාලය ඇතුලත බොහෝ සේ සතුරන්ගෙන් ඈත් වී කටයුතු කිරීම යහපත් වේ. තමා ආශ‍්‍රය කළ මිතුරෙකුගේ හෝ හිතවතෙකුගේ විපතක් දැන ගැනීමට හැකි වේ. නොයෙක් ක‍්‍රම වලින් එකපිට එක කරදර ඇති වේ. විශේෂයෙන් මේ කාලයේදී ඊර්ෂ්‍යාකාරයින් හෝ සතුරන් හෝ නීතියේ පිහිට පතා පොලීසියේ හෝ උසාවි වලට නීතිඥයන් සොයා යයි. නඩුවලට පැටලිය හැකි කාලයකි. මේ කාලයේදී ගෙදර දොර කරදර ඇති වේ. පවුලේ අයගෙන්ම තමාට සිත්තැවුල් ඇතිවන කාරනා ඇසීමට සිදු වේ. පිටතැන්වල නතර වීමට සිදු වේ. පිටතැන්වල නතර වීමට සිදු වේ. උසස් අයගෙන් උපකාර පිහිට සොයා ගිය නමුත් එයින් වඩා හොඳ ප‍්‍රතිඵල නොලැබේ. ලොකු ජයග‍්‍රහණයක් ලැබීමට නොපුලූවන. උසස් අය සමග ආරවුල් හා ඒ අය තමාගැන අප‍්‍රසන්න වීමට හේතු තිබෙන බැවින් ඉතා පරිස්සමෙන් නුවණින් යුක්තව ක‍්‍රියා කලයුතු කාලයකි.

අධ්‍යාපනය

විභාග වලින් ජය ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉගෙනුම පහල බසී. විභාග වලින් අසමත් වේ. ධාරණ ශක්තිය අඩුවේ. තමාගේ තිබුණු නුවණ අඩු වී යයි. වර්ෂය මැද භාගයෙන් පසුව ඉගෙනීමේ වෙනසක් සිදු වේ. නැතහොත් අමුතු ඉගෙන ගැනීමකට බැදීමට සිදුවේ.

සෞඛ්‍යය

ශරීරය දුර්වල වේ. නැතහොත් අසනීපයක් හෝ වැලඳේ. එය ලේ අඩුකමක් හෝ වැඩි කමක් විය හැකි වේ. ශරීරය කෘශ වේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට ශරීර සනීපය ඇති වේ. යම් අසනීපයකින් පෙලෙමින් සිටියේ නම් එය සුව වේ.

ශුභ දවස් :- බදාද, සිකුරාද, ඉරිදා

ශුභ අංක :- 6

ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම්, අයිවරි

ශුභ මැණික් :- දියමන්ති, සුදුමැණික්

මිථුන ලග්නය


මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 7 වැන්නේ ද, සඳු දෙවැන්නේ ද, ශනි රාහු 5 වැන්නේ ද, සිකුරු 6 වැන්නේ ද, කුජ 8 වැන්නේ ද, කේතු 11 වැන්නේ ද, ගුරු 12 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් සුභදායක එකක් නොවනු ඇත.

ධනය

අධික වියදම් සහිතයි. මුදල් හානි වේ. ලැබීමද අඩු වේ. දරු ශිෂ්‍යය ආදීන්ගේ අසනීප වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදු වේ. රහසිගතව හෝ අප‍්‍රසිද්ධව යම්යම් දෙයට මුදල් වියදම් කිරීමට සිදු වේ. ඒවා සමහරවිට පුණ්‍ය කටයුතු වලට විය හැකිය. වියදම් අධිකවීම හා මුදල් හානිය නිතරම පාහේ සිදු වේ.

රැකීරක්‍ෂා

තමාගේ රැකී රක්‍ෂා වෙල හෙළඳ කටයුතු වල වටිනාකම තත්ත්වය අඩු වේ. හවුලේ කරන කටයුතු වලින් පාඩු සිදු වේ. රැකී රක්‍ෂා වල ස්ථානීය වෙනසක් හෝ රැකී රක්‍ෂා කටයුතු වල වෙනසක් දක්නට පුලූවන. වර්ෂය මැද භාගය දක්වා රැකී රක්‍ෂා කටයුතු සඳහා විදේශ ගතවීම් යෙදිය හැකිය.

ගෘහජීවිතය

සුලු වරදක් නිසා ලොකු දඩුවම් ලැබෙන කාලයකි. තමාගේ හෝ තම පවුලේ දරු ශිෂ්‍යාදීන්ට අසනීප හෝ කරදර ඇතැම් විට කෙනෙකුට මාරක හෝ ඇතිකල හැකිය. ඇවිදිලි වැඩිවේ. කරදර සහිත වේ. දරු ලාභයකට ඉඩ තිබේ. සමහර විට එම දරුවා අවාසනාවන්ත හෝ අනියම් කෙනෙක් විය හැකිය. පවුලෙන් අඹු දරුවන්ගෙන් වෙන්වීමට සිදුවේ. නඩු හබ වලට හසුවීමට හෝ නීතියට විරුද්ධව වැඩ කිරීමට සිදු වේ. සිතට බය ඇතිවන කාලයකි. දුක සේ වාසය කිරීමට සිදු වේ. දරු උප්පත්තියක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට නම් තදබල අමාරුකම් ඇතිවිය හැකිය. දරුවන් හිතුවක්කාරී වේ. පිටතැන්වල වාසය කිරීමට සිදු වේ. දේශපාලන කටයුතු වල නිරත වන අයට මහජන ප‍්‍රසාදය නොලැබීමෙන් ඉවතට තල්ලූ වී යාමට ඉඩ ලැබේ. බොරු චෝදනා අපවාද අසන්නට සිදු වේ. ඥාතීන්ගෙන් කරදර හිරිහැර ඇතිවිය හැකිය. බලාපොරොත්තු වන අදහස් ඉෂ්ඨකර ගැනීමට නොහැකි වේ. කෝලහලයකට මැදිහත් වීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය. පිට පලාත්වල ගමන් යෑමට සිදු වේ. තම තත්ත්වය පහලට වැටිය හැකිය. ගව, එලු ආදී තිරිසන් සතුන් වෙළඳාමෙන් පාඩු සිදුවිය හැකිය. තදලෙස රාගාධික කාලයකි. තමා බලාපොරොත්තු වූ ආකාරයට අදහස් ඉෂ්ඨ කරගත නොහැකි වේ. උගත් මහලු අයගෙන් තමාට රහසිගතව ආධාර ලැබෙනවා ඇත.

අධ්‍යාපනය

ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට ගුප්ත විද්‍යාවක් ඉගනීමට ද ඒවා අත්හදා බැලීමට හා ඒ පිළිබඳ සාකච්චා පැවැත්වීමටද සිදු වේ. භූත විද්‍යා ගුප්ත ශාස්ත‍්‍ර ජ්‍යොතිෂ කටයුතු කරන අය අධ්‍යාපනය තුළින් යම් යම් ලාභ ලබයි. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැකිය.

සෞඛ්‍යය

බඩේ අසනීපයක් සාදයි. ශරීරයෙහි තුවාල හෝ අර්ශස් ආදී රෝගයක් හෝ මතුවන කාලයකි. වසංගත රෝග සෑදීමට පවා ඉඩ ඇත. ශරීර සනීපයද දුර්වල කරයි. සෙම් රෝග නිසා පීඩා විදීමට සිදු වේ. ශල්‍යයකර්ම වලට භාජනය වීමට හැකියාව ඇති අතර ඒවා අසාර්ථකවීමටද ඉඩකඩ ඇත.

ශුභ දවස් :- බදාද, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා

ශුභ අංක :- 3, 5

ශුභ වර්ණ :- කොළ, කහ

ශුභ මැණික් :- පච්ච

කටක ලග්නය


කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු ස්වක්ෂේත්‍රව ලග්නයේද, ශනි රාහු 4 වැන්නේ ද, සිකුරු 5 වැන්නේ ද, රවි බුධ 6 වැන්නේ ද, කුජ 7 වැන්නේ ද, කේතු 10 වැන්නේ ද, ගුරු 11 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයකි.

ධනය

දේපල වලින් ලැබෙන ආදයම පිළිබඳව කරදරයක් ඇති විය හැක. පාඩු අලාභ හානි සිදුවේ. මුදල් තත්ත්වය පහළ බසී. නැතහොත් විනාශ වී යයි. වෙළහෙළඳ, ව්‍යාපාර වලින් පාඩු හා අලාභ හානි සිදුවේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට මේ කාලය සෑම දෙයින්ම ලාභ ප‍්‍රයෝජන ලැබෙන කාලයකි. මේ කාලයේදී සැලකිය යුතු ධනවතෙක් කරනවා ඇත. අරමුදල් හා බැංකු මුදල් සම්පූර්ණ කරගත හැකි වේ.

රැකී රක්‍ෂා

රැකියාවෙන් අස්වීමට හෝ විශ‍්‍රාම ගැනීමට සිදු වේ. රැකී රක්‍ෂා වල තිබුණ තත්ත්වය අඩුවේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්‍ෂා තනතුරු නැවත ලැබේ. උසස් වීම්ද ලැබේ. රක්‍ෂාවක් සොයා සිටින කෙනෙකුනම් මේ කාලයේදී එය ලැබීමට හේතු වේ. නිලතල බලාපොරොත්තු වන අයටද එය ඉෂ්ඨ වේ.

ගෘහ ජීවිතය

පවුලේ වැඩිහිටියෙකුගේ මාරකයක් නියමයි. දේපල පිළිබඳ කටයුතු ඇති වේ. දේපල බෙදීම්ද අන්‍ය උරුමක්කාරයින් ඉදිරිපත් වීමද මේ කාලයේ සිදු වේ. සමහර දේපල කොටස් නැති වී යන කාලයකි. සමාජයෙහි තිබුණ හොඳනාමයත් ප‍්‍රසිද්ධියත් පහත වැටේ. අප‍්‍රසිද්ධව වාසය කිරීමට සිදු වේ. භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් ඈත්වීමට සිදු වේ. වෙහෙසකර දුරගමන් යාමට යෙදේ. තම කටයුතු පිරිහී යයි. තිබුණ දක්‍ෂකම් නැති වී යයි. කම්මැලි වෙයි. විරුද්ධ කරුවන් ඇතිවේ. මව්පිය වැඩිහිටියන් හා අමනාපකම් ඇති වේ. පහත් අයගේ ආශ‍්‍රය ඇති වීම නිසා නරක වැඩට ඇබ්බැහි වේ. නරකනාම ලැබේ. පදිංචිය පිළිබඳ දුෂ්කරකම් පැනනගී. දක්‍ෂ කර්මාන්ත කාරයන්ගෙන් ද උගත් අයගේද ආශ‍්‍රය හා ඔවුන් ලඟ වැඩ කිරීමට ඉඩ ලැබේ. යහපත් පොරොන්දු ගිවිසුම් වලට බැදීමෙන් සැනසිල්ල ඇතිවීමට පුලූවන. ජල ගැලීම් වලින් කුණාටු වලින් කඩා බිඳ වැටීම් වලින් පාඩු ද ඇතැම්විට දක්නට ලැබේ. මව් පාර්ශවයේ ඥාතියෙකුටද මාරක සිදු වේ. ජීවිතය අදුරු කාලයක් වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට හිතවත් මිතුරු, මිතුරියන් ලැබේ. ඒ මිත‍්‍රයන්ගෙන් කාලයක් යන තුරුම ප‍්‍රයෝජන ගැනීමට ඉඩ ලැබේ. සැනසිලි දායක ප‍්‍රීතමත් කාලයකි. ශරීර සැප පහසුවද ගෙදර දොර සැනසිලිදායක තත්ත්වයද ඇති වේ. පවුලේ වාසනාවන්ත ප‍්‍රීතිදායක කාලයකි. හොඳ ආහාරපානද ඇඳුම් පැලඳුම් ද යාන වාහනද ලැබෙනවා ඇත. දරු ශිෂ්‍යය ලාභ ලැබෙන කාලයකි. පිට පලාතක සිටි කෙනෙකුට නම් මේ කාලය තුළ ආපසු තම ගමට එන්නට පුලූවන.

අධ්‍යාපනය

ඉගෙනීම් වලින් පහල බසී. විභාග වලට ශුභ කාලයක් නොවේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට අමුතු දේ ඉගනීමටද ඉඩ ලැබේ.

සෞඛ්‍යය

ශරීර සනීපය අඩු වේ. වාතරෝග වැනි අසනීප වැළදේ. දෙමව්පිය වැඩිහිටියෙකුට විෂමිශ‍්‍ර රෝගයක් වැලදෙන්නට හේතුයි. විශේෂයෙන් මවට වාතරෝග සෑදේ. නමුත් ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ අසනීප වහා සුව වේ.

ශුභ දවස් :- ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා

ශුභ අංක :- 2, 7, 9

ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම්

ශුභ මැණික් :- මුතු

සිංහ ලග්නය


සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි බුධ සමග 5 වැන්නේද, ශනි රාහු 3 වැන්නේද, සිකුරු 4 වැන්නේද, කුජ 6 වැන්නේද, කේතු 9 වැන්නේද, ගුරු 10 වැන්නේද, චන්‍ද්‍රයා 12 වැන්නේද, තැන්පත්වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් වර්ෂයක් වනු ඇත.

ධනය

ධන ලාභ ලැබේ. දේපල ලාභ ලැබේ. කරගෙන ආ ව්‍යාපාර කටයුතු හා අමුතුවෙන් ආරම්භ කරන වැඩ වලින් ලාභ සහ දියුණුව ලැබේ. ලොකු ලාභ පවා ලැබීමට ඉඩ ඇත. ආදායම වැඩි වේ. පතල් වැඩ වලින් ගෙවල් බදු දීම් වලින් ණය ගණුදෙණු වලින්ද ලාභ ලැබෙන කාලයකි.

රැකී රක්‍ෂා

රැකී රක්‍ෂා වලින් උසස් වීමට හෝ අමුතුවෙන් රැකියාවක් සොයා ගැනීමට උත්සහ කරන කාලයකි. රැකී රක්‍ෂා වල තත්ත්වය උසස් වේ. රැකී රක්‍ෂා වල ස්ථාන මාරුවීම්ද සිදු විය හැකි වේ. සමහර විට එම ස්ථාන මාරුවීම් දුර බැහැර පළාත් වලද විය හැකිය.

ගෘහ ජීවිතය

ගොවිතැන් කරන අයගේ නම් ගොවිතැන් පාලූ වේ. වැරදි මාර්ග වලට උත්සහ කරන කාලයකි. ඥාතීන් විසින් තමාට දොස් පවරනු ලැබේ. දියුණු වීමට ගන්නා වූ අධික උත්සාහයන්ගේ ප‍්‍රථිඵල නොලැබේ. ස්ථානයේ හා තත්ත්වයේ වෙනසක් විය හැකිය. ප‍්‍රයෝජන රහිත අධික ගමන් බිමන් ඇති වේ. උසස් අයගෙන් හෝ ස්වාමියාගෙන් අකරුණාවද අප‍්‍රසාදයද ලැබීමට පුලූවන. සමහර විට ආරවුල් වලට මැදි වන්නට ඉඩ ලැබේ. මේ කාලයේ බොහෝ විට තත්ත්වයට නොගැලපෙන ආකාරයට අයතා කම්සැප සෙවීමට යාම නිසා නින්දාවකට භාජනය වීමට ඉඩ තිබේ. සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට සිතට ප‍්‍රීතිමත් කාලයකි. දියුණුව ඇති වේ. යහපත් වැඩකරුවන් ලැබේ. උත්සව වලට හෝ සමාගම් වලට ආරාධනා ලැබේ. නම්බුව ලැබේ. මිනිරන් වැනි භූමියෙන් ලැබෙන වස්තුව ලැබෙන කාලයක් බැවින් ඒ ගැන වැඩට බැසීමට යහපත් වේ. ස්ත‍්‍රීන් සමග ප‍්‍රීතිවීමට ලැබෙන කාලයකි. ස්ත‍්‍රී සැපද මංගල යෝගද ඇති වේ. සෑම උත්සාහයකම ප‍්‍රතිඵල ලැබෙන කාලයකි. වැදගත් ගමන් යාමට සිදුවේ. සමිති සමාගම් වැඩ වලට බැදීමට ඉඩ ඇත. මිත‍්‍ර සංගම් ඇති වේ. සතුරන්ගෙන් ඈත් වී වාසය කිරීමට සිදුවේ. ප‍්‍රසිද්ධ වේ. ද්‍රව්‍ය ලාභ හා ධන ලාභ ලැබෙන වාසනාවන්ත කාලයකි. එහෙත් මේ කාලයේ දී නින්දාවක් ලැබෙන්නටද පුලූවන. පූජ්‍ය ස්ථානවල වන්දනාගමන් යාමට ඉඩ ලැබේ. සමාජ සේවකයන්ද ගුරුවරුන් හා පූජකයන්ද තමාට සහයෝගය දක්වනවා ඇත. ගෞරවය වැඩිවන අයුරින් සමාජසේවයේ නිරත වනු ඇත. වරදෙන් නිදහස ලැබේ. නින්දාවෙන් බේරෙයි. කලින් හමුනොවූ හිතවත් ඥාතීන් සමග ආශ‍්‍රයට වැටේ.

අධ්‍යාපනය

ගුප්ත ශාස්ත‍්‍ර සහ අලූත් ශාස්ත‍්‍ර ඉගනීමට වාසනාව ඇත. ගණිත සහ ඉංජිනේරු විෂයන් වල නිරත වන අයට ඉන් ඉතා උසස් ප‍්‍රතිඵල ලබාගත හැකිය. විභාග වලින් ජය ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශ රටවලින් ශිෂ්‍යත්ව ආදිය ලැබිය හැකිය.

සෞඛ්‍යය

අසනීප වලින් සුවය ලැබේ. ශරීර සනීපය ඇති වේ. සමහර විට ශල්‍යකර්ම වලට භාජනය වීමට ඉඩ ඇත.

ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

ශුභ අංකය :- 1, 4

ශුභ වර්ණ :- රතු

ශුභ මැණික් :- පත්මරාග

කන්‍යා ලග්නය


කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 4 වැන්නේ ද, ශනි රාහු 2 වැන්නේ ද, සිකුරු 3 වැන්නේ ද, කුජ 5 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 9 වැන්නේ ද, සඳු 3 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන එකක් වනු ඇත.

ධනය

මුදල් ලාභද ලැබෙනවා ඇත. නොයෙක් ක‍්‍රම වලින් වාසි සහ ලාභ ලැබේ. ආදායම් වැඩි වීමටද ඉඩ තිබේ. පඩි වැඩි වීම ඇතිවන කාලයකි. වැඩිපුර දීමනාද හිමි වේ. වෙළඳ ව්‍යාපාර ආදිය කරන අයට ඒවායෙන් ලාභ ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට අධික වියදම් ඇතිවන අතර නිෂ්ඵල දේ සඳහා මුදල් හා ධනය වියදම් කිරීමට සිදු වේ.

රැකී රක්‍ෂා

උගත් ශාස්ත‍්‍ර අංශවලින් රැකී රක්‍ෂා බලාපොරොත්තු වන අයට ඒ අංශ වලින් උසස් රැකියා ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකියාවේ දියුණුවක් හා වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකිය.

ගෘහජීවිතය

ආගමික භක්තිය වැඩි වේ. දේව භක්තිය තරමකට ඇති වේ. සමහර විට තරුණ තරුණියන්ට ආදර බන්ධන දෙකක් එකවර පවත්වන්නට ඉඩ ලැබේ. අලූත් දරු ශිෂ්‍යය ලාභ හෝ දරු ශිෂ්‍යයින් සිටිනවා නම් ඔවුන්ගේ උසස් වීම්ද නියමයි. දක්‍ෂ අන්දමින් කටයුතු කරගෙන යා හැකි කාලයකි. සිත් සතුටට කරුණු නිතර ඇති වේ. සතුරන් පරාජයටපත් වේ. ප‍්‍රීතිමත් දුරබැහැර ගමන් වන්දනා ගමන් යෑමට සිදු වේ. සමහරවිට මුහුදෙන් තරනය කිරීමට පවා සිදු වේ. ගෙදරදී හෝ පිටදී ආගමික කටයුතු වලට මැදිහත්වන්න සිදු වේ. භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ පවුලේ අය සමග ආශ‍්‍රය වැඩිවන අතර ඔවුන්ගෙන් උපකාරද ලැබෙනවා ඇත. පූජකයන්ගෙන්ද, අන්‍ය ආගමිකයන්ගෙන්ද, අන්‍ය ජාතිකයන්ගෙන්ද, ආශ‍්‍රය ඇති වීමත් ඔවුන්ගෙන් උපකාර ලැබීමත් නියමයි. මෙය වාසනාවන්ත කාලයකි. මෙම වාසනාව උදාවන්නේ ගෙදරට වී සිටීමෙන් නොව පිටපලාත්වල ආශ‍්‍රයෙන්ය. එබැවින් මේ කාලය තුල ගෙදර අතහැර පිටපලාත් වල වාසයට හෝ ආශ‍්‍රයට යාමට හොඳම කාලයයි. පියාටත් ගුරුවරුන්ටත් මෙම කාලය ඉතා හොඳය. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට හදිසි අනතුරු ඇති වේ. අනුන්ගෙන් යැපෙන්නට සිදු වේ. ගව මහේෂාදීන්ගේ විනාශය සිදු වේ. තැන්තැන් වල නිකරුනේ ඇවීදීමට සිදු වේ. නරක සහ පහත් අයගේ ආශ‍්‍රය ඇති වේ. හීන ජාතිකයන් හා ආශ‍්‍රය ඇති වේ. ස්ත‍්‍රීන්ට පුරුෂයන් හා පුරුෂයන්ට ස්ත‍්‍රීන් සමග ආශ‍්‍රයට යාම නිසා කල කෝලහල ඇති වේ. පවුලේ අවුල් වියවුල් අසමගිකම් ඇති වේ. හිතවත් ඥාතියකුගේ මරණය නියතයි. තම භාර්යාවට හෝ ස්වාමියාට අපලයි දුරදිග නොබලා ඉක්මන් කමින් කරන කතාවෙන් ආරවුල් මතුවන අතර පවුලේ අවුල් වියවුල් ඇතිවිය හැකිය. සැප පහසුකම් නැති කරදර සහිත කාලයකි. ස්ත‍්‍රී ආශ‍්‍රය ඇතිවන නමුත් එය ටි කලකින් නැති වී යයි. චෝදනා වලට හසුවේ. ණය ගණුදෙණු වලට බැදෙන්නට සිදු වේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ යෙදී දිටින ශිෂ්‍යයින්ට නම් මේ කාලයේ අලූත් උසස් ඉගෙනීම් වලට බැඳෙන්නට සිදු වේ. තරග විභාග වලින් ජය ලැබේ. උසස් ධර්ම ශාස්ත‍්‍ර ඉගෙන ගැනීමට හා ඒ පිළිබඳ දැනීමක් ලබා ගැනීමට ඉඩ ලැබේ. එසේම මේ කාලයේ ඉගනීමේ යෙදී සිටින අයට අන්‍ය භාෂාවන් පවා ඉගෙනීමට ඉඩ ලැබේ.

සෞඛ්‍යය

ශරීර සනීපද යහපත් වේ. තිබූ ලෙඩරෝග ක‍්‍රම ක‍්‍රමයෙන් සුවදායක අතට හැරේ. සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීරය දුර්වල වේ. අසනීප වලට හේතුයි දත්මුල් දිය වේ. දත් සෙලවීමට පටන් ගනී. ගබ්සා සිදුවන කාලයකි. තම භාර්යාවට හෝ ස්වාමියාට ද අසනීප ආදිය ගෙන දේ.

ශුභ දවස් :-බදාද, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා

ශුභ අංක :- 2, 3, 5, 7

ශුභ වර්ණ :- කොළ

ශුභ මැණික් :- පච්ච, ගෝමේද

තුලා ලග්නය


තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 2 වැන්නේ ද, ශනි උච්ච රාශිගතව රාහු සමග ලග්නයේද, රවි බුධ 3 වැන්නේ ද, කුජ 4 වැන්නේ ද, කේතු 7 වැන්නේ ද, ගුරු 8 වැන්නේ ද, සඳු 10 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවනු ඇත.

ධනය

බලාපොරොත්තු රහිත අධික වියදම් සිදු වේ. හවුල් ව්‍යාපාර වලින් සීට්ටු දැමීම් ආදියෙන් පාඩු හා අලාභහානි ඇති වේ. ඇතිවන සෑම කරදරයකින්ම ධනහානී හා අධික වියදම් ඇති කරයි. වැඩකට නැති දෙයකට වියදම් කිරීමට සිදු වේ. වැඩි විශ්වාසයක් නැතිව කරන සෑම කටයුතු වලින්ම අලාභ හා පාඩු සිදු වේ.

රැකී රක්‍ෂා

රැකී රක්‍ෂා නැවතී තිබුනේ නම් නැවත ආරම්භ වේ. නැති වී ගිය රැකියාවන් නැවත ලැබෙන්නට පුලුවන. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්‍ෂා නැති වී යාමක් හෝ තනතුරු වලින් පහළ වැටීමක්ද සිදු වේ. රැකී රක්‍ෂා වෙනුවෙන් වැඩකරන තරම් වෙහෙසෙනතරම් උසස් වීම් සහ යහපත් තත්ත්වයක් ඇති නොවේ.

ගෘහ ජීවිතය

තමාට හෝ අඹු දරුවන්ට විපත්ති කරදර මාරක බය ආදී අපල ඇතිකරන කාලයකි. රාජ දඩුවම් පවා ලබන කාලයකි. කණගාටුවට කරුණක් ඇති වේ. සමහර විට දරුවෙකුගෙන් ඈත් වීමක් හෝ දරුවෙකුට විපතක් නියමයි. ප‍්‍රයෝජන රහිත ගමන් බිමන් අධික වේ. නිතර කයට වෙහෙස මහන්සි ගතියක් දැනේ. කරගෙන ආ වැඩකටයුතු වලට අවහිර බාධා ඇති වේ. චෝදනා, අපවාද, අපකීර්ති ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් තත්ත්වයට නුසුදුසු වැඩ නොකිරීමට සිතට ගත යුතුය. වරින්වර සතුරු උවදුරු ඇති වේ. තමාගැන නරක ආරංචි පැතිරේ. ඥාතීන් සමග හෝ ආශ‍්‍රය කල අය සමග ආරවුල් මතුවේ. සිතේ නොසන්සුන් ගතිය මෙන්ම වැඩ කටයුතු වල එකලසක් නැති තත්ත්වයක් පහල වේ. කලක් ආශ‍්‍රය කල හිතවතෙකුගෙන් ඈත්වීමක් සිදු වේ. ප‍්‍රාණ බයෙන් කල් ගෙවීමට සිදු වේ. නිතර ශරීරයේ කුණුගෑවෙන කටයුතු කිරීමටද එවැනි තැන්වල ආශ‍්‍රය ඇති වීමටද හේතු වේ. සිතට විවේකය නැති වේ. මුහුණේ ලප මතු වේ. ශරීරයේ තිබුණ ලස්සන ගතිය නැති වී මහලූ ස්වභාවයක්, දුර්වල, දුර්වර්ණ ගතියක් ඇති වේ. හිසකෙස් පැසෙන්නට පටන්ගනී. දරාගැනීමේ හා ඉවසීමේ ශක්තිය අඩුවේ. කලකසිට විවාහ පොරොන්දුවක් තිබුණේ නම් එය කැඞීබිදී ගොස් අලූත් විවාහ ගිවිසුමක් ඇති වේ. රාහු මහදශා අන්තර් දශා ගතකරන අයට විශේෂයෙන් දේශපාලඥයන්ගේ වැඩ පිළිවෙල නොපිට පෙරලේ. තමාගේ දක්‍ෂකම් නොපිට පෙරලෙන නිසා මහජනයාගේ අප‍්‍රසාදයට ලක්වී දේශපාලන අවාසිවීම් ඇති වේ. සිතට බය උපදවන කාලයකි. දුරගමන් අධික වේ. තිබූ නම්බුව හා ගෞරවයට හානිවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව කටයුතු කරන කාලයක් වේ. රජයෙන් අවනම්බු ලැබේ. අනියම් කම්සැපසේවනයට ඉඩ ලැබේ. ඊර්ෂ්‍යාකාරයින් ඇති වේ.

අධ්‍යාපනය

ඉගනීම් සපල වීමද, ඉගනීම් වලින් ප‍්‍රතිඵල වැඩිකර දීමටද මේ කාලය යහපත් වේ. බුද්ධිය වෙහෙසවා කරන ඉගනීම් කටයුතු තුලින් ඉතා උසස් ප‍්‍රතිඵල ලබාගත හැකි වේ.

සෞඛ්‍යය


අර්ෂස් ආබාධ හෝ එවැනි ගුදමාර්ගාබාධ සෑදෙන්නට ඉඩ තිබේ. ශරීර ශක්තිය අඩු ගතියක් හෝ අසනීප දැනේ. නිදන්ගත රෝග පවා සෑදීමට ඉඩ තිබේ. කලක සිට අසනීප වලින් පෙලෙන කෙනෙකුටනම් මේ කාලයේ තව තවත් ලෙඩ වැඩි වේ. පාදයක ආබාදයක් ඇතිවිය හැකිය. එය දුක් වේදනා විඳවන සුලූ වේ. එබැවින් මේ කාලයේ ආබාධ වලින් ඉතා පරිස්සම් විය යුතුය. ශරීරයේ බර අඩුවේ. හිසේ ආබාධ, සෙම් රෝග, වාත රෝග ඇතිවිය හැකිය.

ශුභ දවස් :-අඟහරාවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාද

ශුභ අංක :- 6

ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම්, අයිවරි වර්ණ

ශුභ මැණික් :- දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය


වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති උච්ච රාශි ගතව 3 වැන්නේ ද, සිකුරු ලග්නයේ ද, රවි බුධ 2 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 7 වැන්නේ ද, සඳු 9 වැන්නේ ද, ශනි රාහු 12 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයක් වේ.

ධනය

ධන හානි වීමට හේතු වේ. දුප්පත් වේ. සමහර විට දැන දැනම නිශ්ඵල දෙයට වියදම් කිරීමට සිදු වේ. මිල මුදල් හානි වේ. නිකරුනේ වියදම් යන කටයුතු ඇති වේ. ආදායම් මාර්ග වැසී යයි. වෙළඳ ව්‍යාපාර කරගෙන යන අය ඉතා පරිස්සමෙන් ඥාණාන්විතව කටයුතු නොකල හොත් බංකොලොත් වීමට ඉඩ තිබේ. ගමන් බිමන් සඳහා අධික වියදම් කිරීමට සිදු වේ.

රැකී රක්‍ෂා

රැකී රක්‍ෂා වල තත්ත්වය පහලට වැටේ . ස්ථාන මාරුවීම්ද විය හැකිය. රාජ්‍යය පාර්ශවීය රැකියාවක් කරන අයට අයහපත් වන අතර රැකියා මගින් ධනය රැස්කර ගැනීමට හැකි වේ.

ගෘහජීවිතය

ගෙදර දොර වාසනාවන්ත කාලයක් වේ. සුදුසු වයස නම් මංගල යෝග උදා වේ. විවාහය සිදුවීමට හෝ අනියම් කම්සැප ලාභ ලැබීමට ඉඩ තිබේ. දරු ශිෂ්‍යය ලාභද ලැබේ. සිතට කයට සැප ඇතිවන කාලයකි. සාමාන්‍යයෙන් දියුණුවට ඉඩ තිබේ. හොඳ ආහාරපාන වර්ගද යාන වාහනද ලැබීමට ඉඩ තිබේ. භාර්යාව හෝ ස්වාමියා සමග වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් ඇති වේ. අලූත් ස්ත‍්‍රීන් සමග ආශ‍්‍රයට ලැබේ. ප‍්‍රීතිමත් සමාගම් පැවැත්වීමට ඉඩ ලැබේ. රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ඇති අයට සිත් තැවුල් ගහන වේ. අදහස් කරන කටයුතු වලට සෑම පැත්තෙන්ම කරදර හා බාධා ඇති විය හැකිය. දරු ශිෂ්‍ය ආදීන්ට විපත්ති දායකයි. මව්පිය ගුරුවර ආදී වැඩිහිටියන්ට තදබල අපල හෝ මාරක අපලද විපත් ද සිදුවේ. තමාගේ හොඳ නම නැති වී තමා නරක පුද්ගලයෙකු බවට පත් වේ. තමා පිළිබඳව රටේ තොටේ අපවාද පැතිරි යයි. තදබල කනගාටු වලට සිත් කල කිරීම් වලට මුහුණ පාන්නට සිදු වේ. ජීවත් වීම පවා සැක සහිත වේ. විශේෂයෙන් හදිසි අනතුරු වලින් ප‍්‍රවේසම් විය යුතුය. පවුලෙන් වෙන්වීමද නියමයි. සිරදඩුවම් පවා ලැබෙන කාලයකි. සෑම තැනකදීම තමාට පරාජයට කරුණු සැලසේ. ගොවිතැන් කටයුතු වලින් අලාභ හානි පාඩු සිදු වේ. රහස් ආදර බන්ධන පවත්වන අයට ඒවා හසු වීමටත් ආදර බන්ධන කැඩීබිදී යාමටත් ඉඩ තිබේ. සැගවී සිටින රහස් සතුරන් ඇති වේ. තමාට අපහාස හා නින්දා විදීමට සිදු වේ. විපතේදී ආධාරයට එන අයගෙන් කරදර සිදු වේ. දිගින් දිගට යන කණගාටු සහ අවසනාවන්තකම් මතුවේ.

අධ්‍යාපනය

අලූත් දේ ඉගනීමට ලැබේ. මේ කාලය තුල විභාග වලින් පරාජය වීමටද අසමත් වීමටද ඉඩ තිබෙන බැවින් ඒ ගැන තද උත්සාහයකින් ක‍්‍රියාකල යුතුය. අධ්‍යාපන තත්වය පහළට වැටේ.

සෞඛ්‍යය

කැඩුම් බිඳුම්, වැටීම් ආදිය නිසා ශරීරයේ තුවාල සාදන්නට පුලූවන. ඇස්වල ආබාධයකට ඉඩ තිබේ. ඇතැම් අයගේ මුහුණේ නොමැකෙන තුවාලයක් සාදන්නට ඉඩ ඇත. ශරීර සනීපය දුර්වල කරයි. උසකින් හෝ වාහන වලින් වැටීමට සිදු වේ.

ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා

ශුභ අංක :- 1, 2, 4, 5, 7

ශුභ වර්ණ :- රතු

ශුභ මැණික් :- රතු මැණික්, රතු කොරල්

ධනු ලග්නය


ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්ච රාශිගතව 2 වැන්නේ ද, රවි බුධ ලග්නයේද, කේතු 5 වැන්නේ ද, ගුරු 6 වැන්නේ ද, සඳු 8 වැන්නේ ද, ශනි රාහු 11 වැන්නේ ද, සිකුරු 12 වැන්නේ ද, ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ශුභදායක වනු ඇත.

ධනය

ධන ලාභ ලැබේ. දේපල ගෙවල් ඉඩම් ආදිය ලැබෙන කාලයකි. බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභද ලැබෙනවා ඇත. මුදල් අතින් වාසනාවන්ත කාලයකි. භූමියෙන් ලාභද, ලැබෙන අතර මිනිරන් පතල් කරුවන්ටද, ලාභ ලැබේ. ලී ගඩොල් වෙළඳාම ගොවිතැන් වැඩ කරන අයට ද විශේෂ ලාභ ප‍්‍රයෝජන ලැබෙනවා ඇත.

රැකී රක්‍ෂා

රැකීරක්‍ෂා තනතුරු වලින් ඉහළ යයි. තම තත්ත්වයට සුදුසු තනතුරු ලැබේ. තමාකල සේවයේ රක්‍ෂාවේ ප‍්‍රතිඵල හෙවත් එකවර ලැබෙන්නට තිබෙන පඩි මුදල් ද ලැබෙන කාලයකි. තම රැකී රක්‍ෂා තනතුරු ආදිය ස්ථිර වීමටද සිදු වේ. වෙළඳ ව්‍යාපාර ආදිය පටන් ගැනීමට හොඳම කාලයකි.

ගෘහජීවිතය

තම අදහසට අනුව වැඩ කටයුතු සිදු වේ. සිතට සැනසීම ගෙනදෙන කාලයකි. සිතුදේ ඉෂ්ඨකර ගැනීමට ඉඩ ලැබේ. විශේෂ දියුණුවකට මග පෑදෙන කාලයකි. ඉතා දීප්තිමත් වූද සැපවත් වූද තත්ත්වයක් ගත කරන්නට ඉඩ ලැබේ. උසස් අය සමග ද වයසින් වැඩි අය සමග ද හිත මිත‍්‍ර සබඳකම් පවත්වන්නට ඉඩ ලැබේ. දේශපාලනයේ යෙදෙන අයගේ විශේෂ දියුණුවක් ඇති කරයි. පවුලේ දියුණුව ඇති වේ. අලූත් නෑයෙක් ලැබීමක් හෝ පවුලේ අයට දරුවන් ලැබීමෙන් එය සිදු වේ. යහපත් හිතවත් වැඩකරුවන්ද ලැබෙනවා ඇත. සමහර විට මේ කාලයේ නපුරු අදහස් ද පහල වේ. වෙන කෙනෙක් මහන්සි වී කල වැඩක පල ප‍්‍රයෝජන නිරායාසයෙන්ම නෙලා ගැනීමට ඉඩ ලැබේ. ස්ත‍්‍රීන් සමග හිතවත්කම් බැදගෙන ආශ‍්‍රය කිරීමට ලැබේ. සුදුසු වයස නම් විවාහයටද නැතහොත් කම්සැප ලාභද ලැබෙන්නට ඇත. තම බලය වැඩි වේ. තම පින් පලදෙන කාලයකි. ප‍්‍රීති උත්සව පවත්වන්නට හෝ ඒවාට සහභාගී වන්නට ඉඩ ලැබේ. මිතුරු මිතුරියන් සමග විනෝද ගමන් යෑමට යෙදේ. ගොඩනැගිලි වැඩ පටන් ගැනීමටද මෙය හොඳ කාලයකි. නිසරු ඉඩම් වගා දියුණු කිරීමට කටයුතු කිරීමෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගත හැක. ගෙදරට නිතරම අමුත්තන් සහ හිතවතුන් පැමිණෙනවා ඇත. පවුලේ වැඩිහිටියන්ට යහපත සැලසෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට මෙම කාල සීමාව තරමක කනගාටුදායක හා අවාසනාවන්ත තනි වූ කාලයකි. නමුත් මෙම කාලයේ ප‍්‍රයෝජනවත් වැඩක යෙදෙනවා ඇත. සිතට කයට සැප ඇති කරන දේ වලින් ඈත් වීමට ඒවා නොලැබීමට හේතු වේ. සතුරන්ගෙන් විපත්ති කරදර ඇතිවිය හැක. වාහන ගමන් යන්න ඉඩ පහසුකම් සැලසේ.

අධ්‍යාපනය

යකඩ යන්ත‍්‍ර සූත‍්‍ර වාහන ආදියෙහි කර්මාන්ත ඉගනීමට ඉඩ ලැබේ.

සෞඛ්‍යය

ශරීර සනීපය ඇති කරන කාලයකි. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීර ආබාධ වලට හේතු තිබේ. විශේෂයෙන් වාත රෝග ඇති වීමට ඉඩ ඇත. තම දරුවන් සිටීනම් ඔවුන්ටද අසනීප ඇති විය හැක. ශරීරයේ අධික වෙහෙස ඇති වේ.

ශුභ දවස් :- ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

ශුභ අංක :- 3, 5, 6,8

ශුභ වර්ණ :- කහ

ශුභ මැණික් :- පුෂ්පරාග

මකර ලග්නය


මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රාහු සමග 10 වැන්නේ ද, කුජ ලග්නයේද, කේතු 4 වැන්නේ ද, ගුරු 5 වැන්නේ ද, සඳු 7 වැන්නේ ද, සිකුරු 11 වැන්නේ ද, රවි බුධ 12 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මම වර්ෂය මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයකි.

ධනය

ධන හානි හා මුදල් හානි ඇති කරන කාලයකි. තමාගේ වතුපිටි දියුණු වීම තුලින් ලාභ ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නොයෙක් කටයුතු වලින් ලාභ ලැබේ. ධන ලාභ හා ආදායම් හොඳ වේ. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ඉඩම් විකුණන අයට නම් ඉතා විශාල ලෙස ලාභ ලැබේ.

රැකී රක්‍ෂා

රැකී රක්‍ෂා තනතුරු වලින් පහත වැටේ. උසස් වීම් වලට බාධා වන ආකාරයේ නොයෙකුත් අවහිරකම් මතු වේ. රැකී රක්‍ෂා වල නොයෙක් ගැටලූ පැටලිලි මතු වේ. සමහර විට අලූත් වැඩ කටයුතු වලට හෝ රැකී රක්‍ෂා වලට බැදෙන්නට හෝ සිදුවන කරුණු ඇති වේ.

ගෘහජීවිතය

සිත් තැවුල් දුක් දොම්නස් ඇති කරන කාලයකි. කරදර හා විපත්ති ද ඇති කරන කාලයකි. එහෙත් දරු ශිෂ්‍ය ආදීන්ද ලැබීමට ඉඩ තිබේ. වැඩ කටයුතු අධික වේ. අමුතු වැඩද ඇති වේ. කීර්තිය, ප‍්‍රසංසාව නැති වේ. නොයෙක් කරදරවල පැටලෙනවා ඇත. පවු වැඩ කිහිපයක් කෙරෙන්නට පුලූවන. මනුෂ්‍ය ගුණධර්ම හීනවන කාලයකි. පහත් හෝ නරක අයගේ ආශ‍්‍රයට පැමිණෙන අතර නරක සිරිත් විරිත් පුරුදු වේ. තිබුණ ගෞරවය ද සැලකිලිද පහල වැටේ. වැඩිහිටියෙකුට මාරක අපලයක්ද සිදු වේ. වැඩකරුවන්ගෙන් හා තමා යටතේ වැඩ කරන අයගෙන් කරදර හා හිරුහැර ඇති වේ. කේලම් ඕපාදූප නිසා සිත් තැවුල් ඇති වේ. ලද පමණින් සතුටු විය යුතු කාලයකි. නමුත් රසවත් කෑමබීම නම් නිතර පාහේ ලැබෙන්නට පුලූවන. සතුරන් ඇති කරන කාලයකි. ගොවිතැන් කටයුතු වලටද, ඉඩකඩම් වල කටයුතු වලට කරදර පාඩු සහ අවහිරතා ඇති වේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නැවතී තිබුණ වැඩ කටයුතු නැවත පටන් ගැනීමට යහපත් කාලයකි. දියුණුවට මග පෑදෙන අතර බලාපොරොත්තු වූ දේ ලැබේ. ඇඳුම් පැලඳුම් අලංකාර වස්තුව ලැබේ. පුරුෂයින්ට පියකරු ස්ත‍්‍රීන් සමග ආශ‍්‍රය හා ආදර බන්ධන ආදී සම්බන්ධකම් පවත්වන්නට ඉඩ ලැබේ. සතුරන්ට වඩා තම තත්ත්වය උසස් වේ. අනාගත දියුණුවට හේතුවන වැඩ පිළිවෙලක් ඇති වේ. උත්සාහයෙන් ප‍්‍රතිඵල ලැබෙන කාලයකි. දරු ශිෂ්‍යයන් නිරෝගී වේ. දරුවන් බලාපොරොත්තුවන අයට වාසනාවන්ත දරුවන් ලැබේ. ප‍්‍රීතිමත් විනෝද ක‍්‍රීඩා, රේස්, සූදු ආදියට යන අයට විශේෂ දිනුම් ලැබෙනවා ඇත. තරුණ තරුණියන්ට රහස් ආදර සබඳතා බැඳගෙන ආදර හසුන් ආදිය හුවමාරු කර ගැනීමට ලැබේ. අනුන්ගෙන් උපකාර ලැබෙන කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු අතපසු වේ. නැතහොත් කැඩී බිදී යයි. ඉගනීමේ කටයුතු වලට බාධා සිදු වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ ඉගනීම ඉගැන්වීම දියුණු වේ. අමුතු ඉගැන්වීම් වලට බැදෙන්නට සිදු වේ. ඥාණය දියුණු වන කටයුතු වල බැදෙන්නට ලැබේ. තරග විභාග වලින් ජය ලැබේ.

සෞඛ්‍යය

ශරීර ආබාධ සාදන්නට පුලූවන. විශේෂයෙන් හෘදයාබාධ සහ දණහිස්වල ආබාධ වලට ඉඩ තිබේ. ගුරු මහදශා අන්තර් දශා ගතවන අයගේ ශරීර සෞඛ්‍ය යහපත් වේ. ශරීරය පෘෂ්ඨිමත් වේ.

ශුභ දවස් :- අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

ශුභ අංක :- 6, 8, 9

ශුභ වර්ණ :- නිල්

ශුභ මැණික් :- නිල් මැණික්

කුම්භ ලග්නය


කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු රාහු සමග 9 වැන්නේ ද, කේතු 3 වැන්නේ ද, ගුරු 4 වැන්නේ ද, සඳු 6 වැන්නේ ද, සිකුරු 10 වැන්නේ ද, රවි බුධ 11 වැන්නේ ද, කුජ 12 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් කාලයක් නොවනු ඇත.

ධනය

බැංකු වල තිබූ මුදල් අඩු වේ. තිබුන මුදල් ප‍්‍රමාණය අඩු වේ. වියදම් අධික වේ. ආදායම අඩුවන බැවින් ණය තුරුස් වැඩිවිය හැකිය. ගොවිතැන් කටයුතු වලින් ආදායම අඩු වේ. ධන හානි ඇති වන කාලයකි. ධනය හා දේපල පිළිබඳ පැටලිලි ඇති වේ. එහෙත් වාහන ලාභ ලැබේ. විකිණීම සඳහා මිලයට ගන්නා ලද දෙයින් ලාභ ලැබේ. ඉඩකඩම් දේපල පිළිබඳව විශේෂ ලාභ ලැබේ.

රැකී රක්‍ෂා

සමහරවිට රැකියාවෙන් අස්වීමට හෝ විශ‍්‍රාම ගැනීමට කාලය උදා වේ. කලක් සිට කරගෙන ආ රැකී රක්‍ෂා කටයුතු වලට උනන්දුව අඩු වේ. රැකී රක්‍ෂා වලට හානිවීම් හෝ ඒවා නැති වී යා හැකිය.

ගෘහජීවිතය

තිබුන ගෞරවය නැති වේ. නොතේරුම් කමින් හෝ තමා නොදැනීම වැරදි සිදු වේ. සමහර විට ස්ථාන වල හෝ කරගෙන ආ කටයුතු වල වෙනසක් ඇති කළ හැකිය. නෑදෑයන්ගෙන් දුක් කරදර මතු වේ. බලාපොරොත්තු වූ අදහස් සුන් වේ. දුර්වල හෝ පහත් අයගේ ආශ‍්‍රයට වැටී ඔවුන් නිසා අලාභ හානි සිදු වේ. ගෙදර වාසය අප‍්‍රිය වී ගෙදරින් පිටවී යාමට සිතේ. ගෙදර දොර අවාසනාවන්ත කාලයක් වේ. තිබුණ කඩිසර ගතිය ප‍්‍රාණවත් ගතිය නැති වී යයි. ගමන් බිමන් වලින් කරදර හා අනතුරු ඇති කරයි. වැඩක් නැතිව කාලය ගත වේ. රැවටීමකට හසු වේ. හොඳින් ආශ‍්‍රය කල තමාගෙන් උපකාරගත් කෙනෙක් තමාව මුලාවක දමනවා ඇත. හිටිතැනින් බටහිරට හෝ නැගෙනහිරට යාමට සිදු වේ. ගොඩනැගිලි වැඩක් ආරම්භ කෙරේ. මව්පියන්ට යහපත සැලසීමද සිදු වේ. මේ කාලයේදී විවාහ සහකරුවන් සොයා ගැනීම අවසානයේ රැවටීමකට හේතු වේ. එබැවින් විවාහ ගිවිසුම් හා ආදර බන්ධන වලට අශුභ කාලයකි. පිනට දහමට අකමැති වන නමුත් දේවභක්තිය වැඩි වේ. මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ගේ කරදර නිසා සිතට දුක් දෙන්නට සිදු වේ. එවැනි කෙනෙකුට හෝ අන්‍ය හිතවතෙකුට මාරක නියමයි.

අධ්‍යාපනය

තරග විභාග, වාද විවාද ආදියෙන් පරාජයට පැමිණේ. නමුත් සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ උසස් අධ්‍යාපන කටයුතු සහ විශ්වවිද්‍යාල කටයුතු සාර්ථකව කරගත හැකි වේ.

සෞඛ්‍යය

ශරීරාබාධ මතුවිය හැකිය. මේ කාලයේ ලේ වැඩිකම හෝ රත්පිත ගතියද මතු වේ. හෘදයාබාධ සෑදීමට ඉඩ තිබේ. පපුවේ වේදනාව සාදයි.

ශුභ දවස් :- අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා

ශුභ අංක :- 3, 8, 9

ශුභ වර්ණ :- රතු නිල්

ශුභ මැණික් :- කාක නිල

මීන ලග්නය


මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු 3 වැන්නේ ද, කේතු 2 වැන්නේ ද, සඳු 5 වැන්නේ ද, ශනි රාහු 8 වැන්නේ ද, සිකුරු 9 වැන්නේ ද, රවි බුධ 10 වැන්නේ ද, කුජ 11 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් එකක් නොවනු ඇත.

ධනය

මුදල් හිඟ කාලයකි. තිබෙන මුදල් නිකරුනේ නැති නාස්ති වෙයි. අධික වියදම් නිසා ණය වීමට සිදුවේ. වෙළඳ ව්‍යාපාරිකයන්ට අලූත් අයබදු වලට හසුවීම නිසා තම ආදායම් පක්‍ෂය පහල බසී.

රැකී රක්‍ෂා

රැකී රක්‍ෂා තත්ත්වය පහල වැටේ. ලියකියවිලි හෝ හස්ත කර්මාන්ත වැඩට සම්බන්ධ රැකියා ඇති වේ. තමාගේ රක්‍ෂාවේ හෝ වැඩ කරන කාර්යාලයේ ඇතිවන කරදර නිසා රක්‍ෂාව හෝ ස්ථානය වෙනස්කර ගැනීමට තද ආශාවකින් ක‍්‍රියා කරන නමුත් ඒ කරදර වලින් නිදහස් වීමට ඉඩ නොලැබේ. රැකී රක්‍ෂා නිලතල හො වෙළඳ ව්‍යාපාර නිතරම කරදර සහිතව කරන්නට සිදු වේ.

ගෘහජීවිතය

ස්ථානය හෝ පදිංචියේ වෙනසක් සිදුවිය හැක. ගම අතහැර දැමීමට සිතේ. ගෙදර පැමිණිවිට සිතට කිසිම ප‍්‍රීතියක් නැති නිසා පිටවී යාමට සිතේ. නෑදෑ හිත මිතුරෙකුගේ විනාශය හෝ ඈත් විමද නියමයි. චෝදනා අපවාද ලැබෙන කාලයක් බැවින් ප‍්‍රවේශම් විය යුතු කාලයකි. දඩුවම් ලැබිය හැකි කාලයකි. බලාපොරොත්තු රහිත අවුල් මතුවේ. අසල් වැසියන්ගෙන් කරදර මතුවේ. සමහර විට තම සහෝදරයෙකුගේ තත්ත්වය උසස් වේ. නිතර වාහන වල ගමන් ඇති වේ. සහෝදරයෙකුගෙන් හෝ නෑනා මස්සිනා කෙනෙකුගෙන් තමාට හිරිහැරයක් ඇති වේ. පියාට හෝ එවැනි වැඩිහිටියෙකුට මාරක නියමයි. දරුවෙකුට විපත්ති දායකයි. එය විශේෂයෙන් වැඩිමහල් දරුවා විය හැක. සූදුවට ආශාව ඇතිවන කාලයකි. වැඩකරුවන්ගෙන් කරදර මතුවේ. තද රාග අධික කාලයක් වේ. වෙඩි වැදීමට හිදි හූනියම් වැදීමට පවා ඉඩ තිබේ. තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට තද ලෙස අසනීප ඇති වේ. ආශ‍්‍රය කරන්නන්ගෙන් බරපතල කරදර හා සිත් තැවුල් ඇති වේ.සමූහ වශයෙන් එකතුවී වැඩකිරීමට හා එයට පෙළඹේ. නැතහොත් අනුන්ගේ එවැනි වැඩ වලින් තමන්ට හිරිහැර ඇති වේ. අනුමානයට කටයුතු කිරීමට යාම නිසා පාඩු සහ පරාජය සිදුවන අතර මේ කාලය තුළදී එවැනි කටයුතු වලින් වැලකී සිටම යහපත් වේ. ප‍්‍රයෝජන නොලැබෙන දේට මහන්සි වන කාලයකි. නීති විරෝධී වැඩ කිරීමට සිදු වේ. ක‍්‍රමානුකූල ජීවිතයක් ගත කිරීමට ඉඩ නොලැබේ. තද ලෙස කේන්ති යන කාලයකි. අන්අයගෙන් ඊර්ෂ්‍යයාකාරකම් සිදුවේ. සිතේ චෛතසික ඉස්පාසුවක් ඇති නොවේ. පැරණි වැරදි මතුවී ලොකු දඩුවම් විදීමට සිදු වේ.

අධ්‍යාපනය

විභාග විලින් සහ වාද විවාද ආදියෙන් අසමත්වීම හා පරාජයට පත් වේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය යහපත් නොවේ. අසනීපයක් තිබුනේ නම් මෙය වැඩි වේ. බෝවෙන රෝග ආදී අසනීප ඇති විය හැක. මෙය තමාට හෝ තමාගේ පවුලේ අයට විය හැක. අඹු දරුවන්ගෙන් වෙන් වීමට සිදු වේ. පපුවේ තදබල වේදනාවක් ඇති වේ. ශරීර සනීපය අඩුවේ. අමුතු අසනීප සෑදෙන්නට පිළිවන.

ශුභ දවස් :- අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා

ශුභ අංක :- 3, 9
ශුභ වර්ණ :- රතු, කහ

ශුභ මැණික් :- පුෂ්පරාග, වෛරෝඩි

සැලකිය යුතුයි.
ඉහත දක්වා ඇති සියලුම පලාපලයන් එකී ලග්නයන් පදනම් කොට ගෙන පොදුවේ ඉදිරිපත් කරන ලද ඒවා බවත් ඔබගේ උප්පත්ති කේන්දරයේ (ජන්ම පත්‍රයේ) ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් ග්‍රහ ගෝචර වලට අනුව එම පලාපලයන් වෙනස් විය හැකි බවත් කරුණාවෙන් සලකන්න.

 

2. දිවයින පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය


3.දිනමිණ පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය



4.මව්බිම පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය



5. සිළුමිණ  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය

උත්තරීතර සෘෂි භාෂිතයට අනුව ක්‍රි. ව. 2013 ක් වූ ජනවාරි මස පළමුවන කුජ දින උදේ 06.22 ට ධනු ලග්න සම්භව සිංහ නවාංශකයෙන් කටක රාශ්‍යාර්ධයෙන් මේෂ දෙර්කාණයෙන් මිථුන ද්වා දශාංකයෙන් ධනු ත්‍රිංශාශකයෙන් පී‍්‍රතියෝගයෙන් භව කර්ණයෙන් උඳුවප් අව ජලවක තිථියෙන් කුජ හෝරාවෙන් කුජගේම පංචම කාලයෙන් කුජ ශූක්ෂම හෝරාවෙන් 2013 නව වර්ෂය උදාවෙන්නේය.
වසර ආරම්භ වන මොහොතේ ලග්නාධිපති උච්ඡ බල සහිතව භාග්‍යස්ථානයේ ගෝචර වෙමින් පවතින බැවින් ලක් මෑණියන්ගේ දූ පුතුන්ට ඉතා වාසනාවන්ත සෞභාග්‍යවත් ඉසුරුමත් නව ලෝකයකට ප්‍රවිෂ්ට වීමට මං පෙත් විවර වන බව නිගමනය වේ.
තව ද මේ භාග්‍යවත් ග්‍රහ ගෝචරය හේතුවෙන් සැබැවින්ම ලක් මෑණියන්ට ආදරය ගෞරවය දක්වන සියලු දූ පුතුන් රැක ගැනීමටත් - ආරක්ෂා කිරීමටත් - දියුණු කිරීමටත් ලක් මාතාව මෙන්ම ලක් මාතාව රැක ගැනීමට නායකත්වය දෙන ජනාධිපතිතුමා ඇතුළු දේශ හිතෛශීන් ආරක්ෂා කර රැක ගැනීමට සියලු ඉෂ්ට දෙවි දේවතාවුන්ගේ දිව්‍ය නෙත නිරන්තරයෙන් යොමු කරවන බව මෙම ග්‍රහ බලය පසක් කරවයි.
එබැවින් ලක් මවට නිගා කිරීමට හෝ අවමන් කිරීමට උත්සාහවත් වන කිසි දුවකුට හෝ පුතකුට රැකවරණයක් හෝ ශක්තියක් නොලැබී අන්ත අසරණ භාවයකට පත්වන බව මෙම ග්‍රහ බලය මොනවට පැහැදිලි කරවයි.
තව ද 11 වැන්නේ යෙදෙන කෝටියක් දෝෂ භංග කරවන රවිගේ පිහිටීම හා රවි බුධ යෝගය හේතුවෙන් උගතුන් බුද්ධිමතුන්ගේ දැනුම ඥානය යොදමින් ලක් මව පෝෂණය කරමින් ලෝකයේ අන් රටවල් අතර ලක්මව ප්‍රමුඛස්ථානයකට ඔසවා තැබීමට හැකි වනු ඇත.
නව වැනි භාවයේ පවතින රාහුගේ ආගමනය හේතු වෙන් විදේශ කුමන්ත්‍රණ දියත් වන බව පෙන්නුම් කළත් ඒ කිසිදු බලවේගයකට හිස එසවීමට තරම් බලයක් නොලැබෙනු ඇත. විදේශ ආයෝජකයන්ගේ පැමිණීම මතින් ලක් මව තව තවත් දියුණු මාවතකට යොමු වේ.
සංචාරකයින්ගේ පැමිණීම බහුල වේ. විදේශ රැකියා අවස්ථා වර්ධනය වේ. ඉඩම් හිමිකම් ඔප්පු නොමැතිව පදිංචි වී සිටින විශාල පිරිසකට නිරවුල් ඔප්පු මේ වර්ෂය තුළ හිමි වනු ඇත. වරාය හා ගුවන් තොටුපළ හරහා දකුණු ලක් වැසියන්ට නැවුම් අත් දැකීමක් එක් කරමින් දියුණුවේ මාවතට පියමන් කිරීමට විදේශීය හා සෘජුව ගනුදෙනු කිරීමේ භාග්‍ය උදා වනු ඇත.
දිවයිනේ සියලු වරාය සුවිශේෂී ප්‍රගතියක් අත්පත් කර ගනිමින් ලක්මව පෝෂණය කරනු ඇත. පතල් කර්මාන්තය දියුණු වේ. කෘෂිකර්මාන්තයේ ඉහළ පිබිදීමක් ඇති වේ. ඒ ශ්‍රේණියේ මහා මාර්ග මෙන්ම ගම් බිම් හරහා වැටෙන කුඩා මංමාවත් ද විශාල වශයෙන් සංවර්ධනය වී සාමාන්‍ය ජනතාවට ද සුවෙන් පහසුවෙන් තම ගමන් බිමන් යෑමට වාසනාව උදා වේ.
උසස් කලා නිර්මාණ බිහි වේ. අපගේ කලා නිර්මාණ විදේශයන්හි ජනපි‍්‍රය වේ. ක්‍රීඩා අංශයෙන් ද ලක් මවට කීර්තියක් හිමි වේ.
කේතු 03 වැන්නේ ගෝචරය වන බැවින් ආගමික අංශයේ ඉහළ ප්‍රබෝධයක් ඇති වේ. බොහෝ දෙනකුට ආගම ධර්මයේ විපුල ඵල නෙලා ගැනීමට ද මෙම වර්ෂය යහපත් වනු ඇත. මාරක රිය අනතුරු බහුල ව සිදුවේ.
ස්වාභාවික විපත් හේතුවෙන් විවිධ උපද්‍රව වලට මුහුණ පෑමට සිදු වේ. ගං වතුරින් හානි - නියඟයෙන් පීඩා මෙන්ම භූ චලන ද මෙතෙක් ලක් වැසියන්ට අත් දැකීමට නොලැබුණු ආකාරයෙන් අමුතුම ආකාරයේ ස්වාභාවික විපත් ආදියට මුහුණ පෑමට ද සිදු වේ.
නොමනා හැසිරීම් රටාව නිසා බොහෝ රෝගා බාධයන්ට ලක් වීමට සිදු වේ. සිර මැදිරි තුළ විවිධ කලහකාරී ස්වභාව මතු වේ. වසර ආරම්භයත් සමඟ නීති ක්ෂේත්‍රය තුළ බලවත් අර්බුද පැවතුණත් වසරේ මුල් කාර්තුව තුළ නීති ක්ෂේත්‍රයේ පවත්නා ගැටලු සහගත තත්ත්වයන් නිරාකරණය වනු ඇත.
සියලු ලක් වැසියන්ට සාධාරණ ලෙස යුක්තිය විසඳීමට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇත. නීතිය සංශෝධනය වී ස්ථාපිත වේ. එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර බොහෝ ගැටුම් ඇති වීමට ද අවකාශය ඇති බැවින් සහෝදර සබඳතා රැක ගැනීමට බුද්ධිමත් විය යුතුය. පවුල් සංස්ථාව රැක ගැනීමට සෑම බිරියක්ම ස්වාමි පුරුෂයෙක්ම අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම යහපත් වේ.
පොදුවේ ගත් කල 2013 වර්ෂය මාතෘ භූමියට නිගා කිරීමට උත්සාහවත් වන කිසිදු බලවේගයකට යහපත් නොවන අතර ලක් මවට ආදරය ගෞරවය දක්වන සැමට ලක් මවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණය, ආරක්ෂාව හිමි වනු ඇත.
ප්‍රවීණ ඡ්‍යොතිෂඥ සුමනදාස අබේගුණවර්ධන

2013 වසර ලෝකයට

සර්වග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයා වන සූර්යයා ධනු රාශියේ මධ්‍ය අංශක 15 පමණ ගෝචර වන අවස්ථාවේ 2013 නව වසර උදා වෙයි. ප්‍රබල ග්‍රහයන් දෙදෙනකු වන ශනි හා කුජ බලවත්ව ‘සස හා රුචක’ යෝග උදාවීම රට රටවලට මිශ්‍රඵල උදාකරයි. එහෙත් මොවුන් දෙපළ ඔවුනොවුන් දැකීම, සප්තමවීම ත්‍රිකෝණාධි අවස්ථාවලදී විවිධ රටවලට පාඩු හා පීඩන යුද බිය වැඩිකරයි. එවැනි ග්‍රහ සංකලන යොමු වීමෙන් යෙදෙන ඵලඅපල ඇතිවන රටවල් පිළිබඳව මේ ලිපියෙන් ආවරණය වේ.
මේ අනුව අප රටට ආසන්න ඉන්දියාවේ පාලන ලග්නය කන්‍යා බව හිටපු ඡ්‍යොතිෂ ප¼ඩිවරයකු වන ආචාර්ය බී.වී.රාමන් මහතා පවසා ඇත. කන්‍යාවෙන් සිව්වැන්න වන ධනු රාශියේ රවි බුද යෝගය ශනි දකී. එරටට සුබ අසුබ මිශ්‍ර පල ගෙන දෙයි.
ඉන්දීය පාලන තන්ත්‍රය අනුව පාර්ලිමේන්තු ඇමැති මණ්ඩල තීරණ තුළින් ගන්නා තීරණ නිසා ඒ රටට හා ජනතාවට සුබදායක වැඩ කොටසක් සිදුවෙනවා ඇත. විද්‍යා අංශ, වෙළෙඳ කටයුතු ආදී අංශවල විශේෂ දියුණු තත්ත්වයක් උදා කැරෙනු ඇත. එරට මහජනතාවගේ බලාපොරොත්තු බොහොමයක් ඉටුවෙයි. වාහන නිෂ්පාදන කර්මාන්තය කෘෂිකර්මය යාන්ත්‍රික උපකරණ නිෂ්පාදනයේ සුවිශේෂ දියුණුවක් අත්වෙයි. විදේශ රටවලට නිෂ්පාදන බෙදාහැරීමේ වැඩපිළිවෙළ නවීකරණය වෙයි.
ජනවාරි 25 සිට මාර්තු 22 අතර කාලය පංජාබ් ප්‍රදේශයේ ආගමික අර්බුද පැනනඟී. නැවතත් අප්‍රේල් 04 සිට ජූනි 23 අතර කාලය එකී ප්‍රශ්න නැඟී එයි. ආගමික නායකයන් ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් උද්ගත වෙයි. ඒ අතර මහ වැසි හා ගංවතුර නිසා දේපළ හානි හා මරණ වැඩිවෙයි. නීති ප්‍රශ්නවලට අදාළ අර්බුද අධික වේ. ඉන්දීය රජයට එය ඉවසිලිවන්තව විසඳීමේ ශක්තිය හිමිවනු ඇත.
මිත්‍ර රටවල් හා ගිවිසුම්
අප්‍රේල් මස 26 වැනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවේ. එයින් බටහිර ඉන්දීය ප්‍රාන්ත කීපයකට බලවත් භූචලන දෙකක් එක ළඟ සිදුවීමෙන් හානිදායක තත්ත්වයක් උද්ගත වෙයි.
අන්ද්‍රා ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කීපයකට ගංවතුර හා නායයාම් ඇති වීමෙන් විනාශ හා පාඩු වැඩිකරයි. නේපාල ඇතුළු උතුරු මැද හා නැෙඟනහිර දිශාවල ගිනිගැනීම් හා ගොඩනැඟිලිවලට හානි සිදුවේ. මහාරාශ්ට්‍රය, අයෝධ්‍යාව මධ්‍ය ප්‍රදේශ හා පාකිස්ථානයේ ඇතැම් කොටස්වලට ගිනි හා යුද බිය වැඩි කරයි. එවැනි ගැටුම් මාර්තු 22 සිට මැයි 09 දක්වා ද නැවත අගෝස්තු - ඔක්තෝබර් අතර කාලවල සිදුවීමට නියමිතය. දැනට පවතින අර්බුද මධ්‍යයේ රටවල් සමඟ ඇතිකරගන්නා සබඳතා තුළින් සංවර්ධන හා කර්මාන්ත දියුණුව ගොඩනැඟේ.
ඇමෙරිකාව, බෙල්ජියම, කැනඩාව, බටහිර එංගලන්තය හා බ්‍රසීලයට බලපාන මිථුන රාශිය අධිපති බුද රවි සමඟ යෝගව සත්වැන්නේ සිට ශනි දකී. ඒ රටවල වෙළහෙළෙඳාම් පිළිබඳ නව පියවරක් ගැනීම සඳහා විදේශ රටවල් හා මිත්‍ර ගිවිසුම් ඇතිකර ගැනීමට උත්සාහ ගනී. එහෙත් හත්වැන්න නරක හා යුද සම්පාදනයට රුකුල් දෙන රාශියක් වීම නිසා ඊට බාධා මතුවිය හැක.
මාර්තු මැයි අතර කාලයේ කැනඩාවේ සුළිසුළං හා මහ වැහි ඇතිවෙයි. දේශපාලන අරගල, වර්ජන, විවිධ ජාතින් අතර ඇතිවන මතභේද හා ගැටුම් වැඩි කරයි.
ඇමෙරිකාවේ නිව්යෝර්ක්, ලොස්ඇන්ජලීස්, කැලිෆෝනියා ප්‍රදේශවලට ගංවතුර හා නායයෑම් තර්ජන එල්ල වෙයි. බ්‍රසීලයේ විප්ලවකාරීන්ගේ කුමන්ත්‍රණ වැඩි වීමෙන් ප්‍රදේශ කීපයක අර්බුද ඇතිවෙයි.
වසර මැද බලවත් රටවල් අන්තර්ජාතික සමුළු සාකච්ඡාවලට එක්වී ආර්ථික රටා ගොඩනැඟීමට නව විධි ක්‍රම සකස් කිරීමට උත්සාහ ගනී.
එංගලන්තයට ආර්ථික පරිහානියක තර්ජන ඇති වෙයි. මහ ගත්කතුවරයකු හෝ ප්‍රධාන දේශපාලන නායකයකුගේ අභාවයක් ගැන අසන්නට ලැබේ.
ඇෆ්ඝනිස්ථානයේ සාමයට බාධා
චීනය හා රුසියාවට, මැදපෙරදිග රටවලින් එල්ල වන චෝදනාවලට විසඳුම් වශයෙන් සාම සාකච්ඡා එකඟවීමට සිදුවේ. එසේම ජපානය, චීනය හා රුසියාව රාජ්‍යවල දේශගුණික විපර්යාස වැඩි කරයි. බොහෝවිට අගෝස්තු - ඔක්තෝබර් අතර මේ තත්ත්වය උද්ගත වන අතර ඇෆ්ඝනිස්ථානයේ සාමය බිඳ වැටීමක් ද සිදුවෙයි. අල්කයිඩාවරු නැවත පණගැන්වීමේ කාලයක් මතු කර ගනිති.
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි ඇතිවේ. ලෙබනනයේ අරාබි හා මැද පෙරදිග ගැටුම් උග්‍ර වෙයි. ඛනිජ තෙල් ආකර ප්‍රශ්න හා බෙදුම්වාදී ප්‍රශ්නවලට වෙනත් රටවල් අත පෙවීම නිසා සාමය බිඳවැටීම් ඇතිවිය හැක.
විද්‍යාඥයන්ට හා දේශපාලන බලවතුන්ට සුබ කාලයක් නොවේ. විශේෂයෙන් තුලා රාශිය ශනි හෝ කුජ සිංහ කේන්ද්‍ර හිමි නායකයන්ට අපල ගෙන දෙයි. තුලා ලග්නය හිමි වන උතුරු චීනය, ඉන්දු චීනය, ටිබෙට්, ජපානය, බටහිර ඊජිප්තුව ආදී රටවලට සුබපල අඩු කරයි. ගිනි බිය, යුද බිය අධික වේ. ඉක්මන් කෝපකාරී ක්‍රියා ලේ හැලීම්වලට ඉඩ යෙදේ.
ජර්මන් නිපැයුම්වලට ඉහළ ඉල්ලුමක්
වසර මුල් කාලයේ හා අග කාලවල විදෙස් රටවල් කිහිපයක කෘෂිකර්මයට අදාළ කටයුතුවලට ද පාඩු ගෙනදෙයි. සුළිසුලං කුණාටු අධික වීමෙන් බෝවෙන රෝග ඇති වෙයි. භූමිකම්පා වරින් වර මතුවීමෙන් ගොඩනැඟිලි හා වගා බිම් විනාශ වී යයි.
මෙහි ඊජිප්තුවට විශේෂත්වයක් ගෙන දෙයි. එහි පුරාවිද්‍යා අංශවලට සම්බන්ධ ඉපැරණි ජීවන රටා පිළිබිඹු වන නටබුන් රැසක් කැනීම්වලදී සොයා ගැනීමට හැකිවෙයි.
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ ජනවාරි 25 – මාර්තු අතර කාලයේ ආගමික අර්බුද පැනනැඟී එයි. නැවත අප්‍රේල් 4 ජූනි 27 අතර කාලය තුළ ආගමික නායකයන් හා රජයේ හමුදා අතර උණුසුම් ගැටුම් වැඩි කරයි. එයින් දේපළ හානි හා මරණ වැඩි කරයි. එම ප්‍රශ්න වැඩිවීමෙන් ඇතිවන තර්ජන වර්ජන අධික වෙයි.
රජයේ ක්‍රියාමාර්ග නිසා ඒ ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවෙයි. අන්ද්‍රා ප්‍රදේශයේ ගංවතුර නිසා විපත් වැඩි කරයි. දුම්රිය ඝට්ටනයක් හෝ විදුලිය ගෑස් නිෂ්පාදන ගොඩනැඟිල්ලක මැයි ජූනි අතර කාලයේ ඇතිවන ගිනි ගැනීමක් පිළිබඳ අසන්නට ලැබේ.
මහරාෂ්ට්‍රය, අයෝධ්‍යාව, මධ්‍යම ප්‍රදේශ, පාකිස්ථාන ඇතැම් ප්‍රදේශවල යුද ගැටුම් ඇතිවෙයි. ගංවතුර සුළි සුළං විපත් වැඩිවේ. ජර්මනියේ නව නිෂ්පාදන විදේශ රටවල අලෙවියට ඇති ඉල්ලුම වැඩි වෙයි. වසර මැද භාගයේ ආර්ථිකයේ පිබිදීමක් පිළිබඳව අසන්නට ලැබේ.
ඇමෙරිකාව, බ්‍රසීලය, කැනඩාව ආදී රටවල වෙළහෙළදාම් පිළිබඳ නව පියවරක් ගැනීම සඳහා විදේශ රටවල් හා මිත්‍ර ගිවිසුම් ඇතිකර ගැනීමට උත්සාහ ගනී. වැටී ඇති ආර්ථිකය ඉහළ තත්ත්වයක රඳවා ගැනීමේ උත්සාහය සාර්ථක වේ.
මාර්තු 2 සිට මැයි 13 දක්වා කාලය මේ රටවලට විශාල පාඩු හා හානි දක්වන කාලයක් කාලගුණ විපර්යාස නිසා සිදුවන අතර බටහිර යුරෝපා රටවලට බලාපොරොත්තු නොවූ තද සීත කාලගුණයක් දීර්ඝ වශයෙන් බලපවත්වයි. හිමපතනය නිසා ගමනාගමනයට බාධක යෙදේ.
කැලිෆෝර්නියාව හා බ්‍රසීලයට සුළි සුළං අධික වීමෙන් ලැව් ගිනි පැතිරීම සිදුවෙයි. ගංවතුර තර්ජන මතුවීමෙන් ගංගා ඇළ දොළ ආසන්නව වෙසෙන්නන්ට මරණ වැඩිවේ. ගුවන්යානා අනතුරක් ගැන අසන්නට ලැබේ. නායයාම්, වැඩි වෙයි. අනතුරුවලට පත්වන සංඛ්‍යාව අධික වෙයි. අගෝස්තු ඔක්තෝබර භූචලන මතුවෙන සමයකි. මෙයින් සංවර්ධන කටයුතුවලට බාධා ඇති කරයි.
චීනය, උතුරු චීනය, ටිබෙට්, ජපානය ආදී රටවලට සුබ කාලයක් නොවේ. දේශගුණික විපර්යාස තුළින් රටේ සංවර්ධන කටයුතු හා කෘෂිකර්මයට පාඩු ගෙන දෙයි. පතල් කර්මාන්ත කරුවන්ගේ බලාපොරොත්තු බිඳී යයි. කම්කරු උද්ඝෝෂණ වැඩි වෙයි.
අප්‍රේල් මැයි අතර කාලය තද කුණාටු සහිත වැසි නිසා ගංවතුර තර්ජනයකට ඉඩ යෙදේ. භූචලන කීපයක් ඇතිවීමෙන් රටවැසියන්ට උන්හිටිතැන් අහිමි වේ. මරණ සංඛ්‍යාව අධික වේ. අගෝස්තු 19 ඔක්තෝබර් 13 අතර කාලය ගිනි ගැනීම් කඳු කඩාවැටීම් ගිනි කඳු තර්ජන වැඩි කරයි. කර්මාන්ත ශාලා පිපිරී යාම හෝ ගිනි ගැනීමකට ඉඩ ඇත.
මේ අතර කාර්මික රටවල නව නිෂ්පාදන රැසක් බිහිකරවීමේ වැඩ පිළිවෙළ සාර්ථක වෙයි. ලෝකයට අවශ්‍ය භාණ්ඩ මෙන්ම වාහන නිෂ්පාදන වලින් ලාබ ලබාගත හැකිවෙයි. එංගලන්තය, ඩෙන්මාර්ක්, පෝලන්තය රටවලට මේ වසරේ මිශ්‍රපල ගෙන දෙයි. අසල්වැසි රටවල් සමඟ ඇතිකරන ගිවිසුම් සාර්ථකව වැඩිදියුණු කර ගත හැකි වෙයි. එහෙත් වැඩි වශයෙන් ස්ථිර නිගමනවලට බැස කටයුතු කිරිම එතරම් පහසු කාර්යයක් නොවනු ඇත.
මැදපෙරදිග මෙන්ම බටහිර රටවලද වරින් වර යෙදෙන දේශගුණික විපර්යාස තුළින් විශාල හානි ගෙන දෙයි. ජපානයේ ගිනිකඳු පිපිරීම් ආදියට ඉඩ යෙදේ. ගුවන් අනතුරු ආදියට ඉඩ ඇත.
ලෙබනනය, සිරියාව, මැද පෙරදිග රටවල යුද බිය වැඩි වෙයි. ඛණිජ තෙල් ආකර පිළිබඳ ගැටලු වැඩි කරයි. කොටස් බෙදාගැනීමට නොහැකිව කරන අර්බුද වැඩි කරයි. රහස් අවි ගබඩාවක් ආරක්ෂක අංශවලින් සොයාගැනීමේ සිද්ධියක් ප්‍රචාරයට පත්වෙයි.
දේශගුණික විපර්යාස
පොදුවේ වරින් වර ඇතිවන කාලගුණික විපර්යාස නිසා බොහෝ දුරට සංවර්ධන වැඩවලට බාධක ගෙන දේ. මාර්තු, අප්‍රේල්, අගෝස්තු - ඔක්තෝබර් අතර කාලය විදෙස් රටවල් බොහොමයකට අසුබ ඵල ගෙනදෙයි.
රුසියාව, පෝලන්තය රටවලට නව සැලසුම් ක්‍රියාත්මක වෙයි. වැඩිපුර අවි හා යුද භාණ්ඩ නිපදවීම ගුවන්යානා හා රොකට් නිෂ්පාදනය සඳහා මහත් වැයක් දරන අතර ඒ අංශයේ තරගකාරීත්වයට යොමු වෙයි. එවැනි භාණ්ඩ ආනයන අපනයනයට යොමු වීමෙන් ආර්ථික රටාව වැඩි දියුණු කිරීමට හැකිවේවි. විවිධ රටවලට උදව් උපකාර කිරීමෙන් හොඳ හිත රඳවා ගැනීමට හැකියාවක් ඇතිවේ.
දේශගුණික විපර්යාස වරින් වර මතුවෙයි. භූ චලන හා නායයෑම් ගැන පිළිබඳ සුමාත්‍රා, මලයාසියාව ආදී රටවලින් ආරංචි පැතිරේ. අගෝස්තු - ඔක්තෝබර් අතර සුනාමියකට ඉඩ ඇත.
ඕස්ට්‍රේලියාව, ජෝර්ජියාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය හා අප්‍රිකාව යන රටවලට වැඩිපුර හිම කුණාටු ලැව් ගිනි නිසා විපත් වැඩිකරයි.
ඊජිප්තුවේ පුරාවිද්‍යා අංශවලට පැරැණි නටබුන් රැසක් සොයා ගැනීමට හැකිවෙයි. පුරාණයේ ජීවත්වුණ ජීවීන්ගේ ස්වභාවය ගතිගුණ ශිෂ්ටාචාරය ආදිය පර්යේෂණ වලින් හෙළිදරව් කිරීමට විද්‍යාඥයින්ට ඉඩ සැලැසේ.
සුබ නව වසරක් වේවා!
හරිප්‍රිය ගුණසේකර
ආර්ථික වාසි, රැකියා වාසනා, විභාග වලින් ජය
2013 නව වර්ෂය උදා වන විට මේෂ ලග්නයෙන් ජන්ම ලාබය ලැබූ ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති උච්ඡ බල සහිතව රුචක පුරුෂ රාජ යෝගය උදා කරමින් කර්මස්ථාන ගතව ද යෝගකාරක ගුරු ධනස්ථානයේ ද සඳු ස්වක්ෂේත්‍ර බල සහිතව බන්ධුස්ථානයේ ද රවි බුධ සමඟින් භාග්‍ය ස්ථානයේ ද ශනි / රාහු විවාහකස්ථානයේ ද ශුක්‍ර මාරකස්ථානයේ ද ගෝචර වෙමින් පවතී. 
රැකියා හා ආදායම්
රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ අපේක්ෂා මුදුන්පත් වේ. තමා බලාපොරොත්තු වූවාට වඩා උසස් ආදායමක් සහිතව රැකියාවක් ලැබේ. රැකියාවල නිරත වන්නන්ගේ තත්ත්වය උසස් වේ. උද්යෝගයෙන් යුතුව රැකියා කටයුතුවල නිරත වන්නට ලැබේ. වැටුප් වැඩි වේ. තම රැකියාව තෘප්තිමත්ව කරගෙන යාමට හැකි වේ. ව්‍යාපාර කටයුතු කරන අයට තම කටයුතු වර්ධනය කරගත හැකිය. ස්වයං රැකියාවල නිරත වන අයට ඉහළ ප්‍රගතියක් අත් වේ. හවුල් ව්‍යාපාරවල නිරත වන්නන් තම සගයන් පිළිබඳ සැලකිලිමත් වීම යහපත්ය.
ගෘහ ජීවිතය
මවු පාර්ශ්වයෙන් දායාද ඉඩම් ලාබ ලැබේ. ඉඩම් සම්බන්ධව පැවැති ආරවුල් නිරවුල් වේ. ශනි හෝ රාහුගේ මහ දශා අන්තර් දශා ගත කරන අය යුග දිවියේ ප්‍රසන්න බව යම් යම් ප්‍රමාණයකට ගිලිහී යාමට ද සතුරු කුමන්ත්‍රණ හේතුවෙන් පවුල් අවුල් වීමට ද අවකාශ ඇති බැවින් යුග දිවිය ආරක්ෂා කර ගැනීමට බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. මංගල යෝජනා සහ නව සබඳතා ගොඩ නඟා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන අය ද හැඟීම්වලට අනුව නොව බුද්ධියට අනුව කටයුතු කිරීම යහපත්ය.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට තරග විභාග ආදියෙන් ජයග්‍රහණය හිමි වේ. විදෙස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ අපේක්ෂා මුදුන්පත් වේ. නව නිර්මාණ හා තාක්ෂණය සම්බන්ධව ඉගෙනීමට ලැබේ.
සෞඛ්‍ය තත්ත්වය
පමණ ඉක්මවා ඉන්ද්‍රිය පිනවීම නිසා බොහෝ රෝගාබාධවලට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි. තව ද වකුගඩුවල දුර්වලතා සහ ඇතැම් විට සුළු ශල්‍යකර්මවලට ද ලක් විය හැක.
පොදුවේ ගත් කල ශුක්‍ර, බුධ, ශනි, රාහු මහ දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. රවි, සඳු, කුජ, ගුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
ශුභ වර්ණ - රතු සහ නිල්
ජය අංක - 1, 2, 4, 5, 7, 9
ශුභ මැණික් - රතු කොරල්, රතු මැණික්
වෘෂභ
විදේශ ගමන් වාසනා, උසස් තනතුරු වාසනා
2013 නව වර්ෂය උදා වන විට වෘෂභ ලග්නයෙන් ජන්ම ලාභය ලැබු ඔබගේ කේන්ද්‍රය ලග්නාධිපති විවාහක ස්ථානයේ ද ගුරු ලග්න භාවයේ ද සඳු වික්‍රමස්ථානයේ ද ශනි සහ රාහු රෝග ස්ථානයේ ද රවි බුද මාරකස්ථානයේ ද කුජ භාග්‍යස්ථානයේ ද ගෝචරයෙන් සැරිසරයි.
රැකී රක්ෂා හා ආදායම්
විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ අපේක්ෂා සඵල වේ. රැකියාවල නිරත වන්නන්ගේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වේ. උසස් තනතුරු අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ බලාපොරොත්තු සඵල වේ. ස්වයං රැකියාවල නිරත වන්නන්ට තම කටයුතු ඉතා සාර්ථකව කර ගනිමින් දියුණු වේ. උසස් තලයකට යොමු වීමට හැකි වේ.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතය ඉතා වාසනාවන්තව පී‍්‍රතියෙන් යුතුව ගත කිරීමට අවස්ථාව ලැබේ. යුග දිවි ගත කරන්නන්ට අන්‍යොන්‍ය විශ්වාසයෙන් හා ප්‍රබෝධයෙන් යුක්තව මෙම වසර ගත කිරීමට අවස්ථාව උදාවේ. විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වේ. පී‍්‍රතිදායක උත්සව අවස්ථාවන් වලට මෙන්ම උසස් කලා නිර්මාණ රසවිඳින්නට ද ලැබේ. ඉතා සැහැල්ලුවෙන් පී‍්‍රතියෙන් සතුටින් යුක්තව මෙම වසර ගෙවී යයි.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නිරත වන දරු දැරියන් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දැඩි කැපවීමක් දැරීම යහපත්ය. ඉංජිනේරු හා කාර්මික අංශයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට ඉතා යහපත්ය. වෘත්තීය පුහුණු පාඨමාලාවලට සහභාගි වන්නන්ට ද එයින් තම අපේක්ෂා මුදුන්පත් කරගන්නට ද හැකිය.
සෞඛ්‍ය තත්ත්වය
භූත දෝෂ ඇති අයට එම තත්ත්වයෙන් නිදහස් වීමට තරමක් අපහසුයි. ආගම ධර්මයට අනුව කටයුතු නොකරන බොහෝ දෙනකුට අදෘශ්‍යමාන බලවේග හේතුවෙන් හටගන්නා විවිධ උපද්‍රවයන්ට මුහුණ පෑමට සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා යහපත්ය. ශරීරය දුර්වල වීම, ලේ අඩුකම වැනි තත්ත්වවලට ද ලක්විය හැකි බැවින් එය වලක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම යහපත්ය.
පොදුවේ ගත් කල ගුරුගේ හා සඳුගේ මහා දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. කුජ, ශනි, රවි, බුධ මහ දශා - අන්තර් දශා ශුභයි.
ශුභ දවස් - බදාදා, සිකුරාදා
ශුභ වර්ණ - සුදු, ක්‍රීම්, අයිවරි
ජය අංකය - 06
ශුභ මැණික් - දියමන්ති, සුදු මැණික්
මිථුන
වියදම් පක්ෂය වැඩිවේ, සතුරු කරදර
2013 නව වර්ෂය උදා වන විට මිථුන ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති බුධ බලවත්ව රවි සමඟ විවාහක ස්ථානයේ ද සඳු ධන ස්ථානයේ ද ශනි රාහු සමඟ පුත්‍රස්ථානයේ ද සිකුරු රෝගස්ථානය ද කුජ මාරකස්ථානයේ ද ගුරු වැයස්ථානයේ ද ගෝචර වෙමින් සැරිසරයි.
රැකි රක්ෂා සහ ආදායම්
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට දැඩි කැපවීමක් දැරීමට සිදු වේ. වියදම් පක්ෂය මඳක් වැඩි වන බව පෙන්නුම් කරන බැවින් මුදල් කළමනාකරණය ඉතා වැදගත් වේ. රැකියා ස්ථානයන්හි සතුරු කුමන්ත්‍රණ ආදියට ද ලක්විය හැකි බැවින් රැකියාවල නිරත වන අය තම සතුරන් පිළිබඳව ඉතා අවධානයෙන් පසු වීම තම යහපතට හේතු වේ. ස්වයං රැකියා සහ හවුල් ව්‍යාපාර කටයුතුවල නිරත වන්නන්ට කිසිඳු අපහසුතාවකින් තොරව තම කටයුතු වර්ධනය කර ගත හැක.
ගෘහ ජීවිතය
නොඉවසන සුළු ස්වභාවය නිසා පවුල් ජීවිතයේ අවුල් ඇතිවිය හැකි බැවින් යුග ජීවිත ගත කරන්නන් සුළු සුළු අතපසු වීම් සමථයකට පත් කරගෙන කටයුතු කිරීම යහපත්ය. සුළු දෙයකින් වුවද බරපතළ තත්ත්වයකට යාමට හැකි බැවින් ඉතා බුද්ධිමත්ව කටයුතු කිරිම යහපත්ය. විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ට බුද්ධිමත් අයගේ ඇසුර ලැබේ. දරුඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට මේ වර්ෂය එතරම් යහපත් නොමැත. එබැවින් ඒ සම්බන්ධව ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට ඉතා යහපත්ය. නව සොයා ගැනීම් නව නිපුණතා තුළින් දිරිමත් විය හැකිය. ප්‍රාථමික අධ්‍යාපනයේ නිරත වන දරුවන් මඳක් අලස ගති පෙන්විය හැකි බැවින් ඔවුන් උනන්දු කර වීමට මවුපියන් වග බලා ගත යුතුය.
සෞඛ්‍ය තත්ත්වය
සෙම් රෝගවලට බහුලව ලක් වේ. දියවැඩියා වැනි රෝගවලට ද ලක්විය හැකි බැවින් ඉන්ද්‍රීය දමනය ඉතා යහපත්ය. මාර්ග අනතුරුවලට ද ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව ද සැලකිලිමත් වීම යහපත්ය.
පොදුවේ ගත කල කුජ, සඳු මහ දහා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. සිකුරු, බුධ, ශනි මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - කොළ, කහ
ජය අංකය 3, 5
ශුභ මැණික - පච්ච
කටක
රැකියා වාසනා, මංගල යෝග, දරුඵල වාසනා
2013 නව වර්ෂය උදා වන විට කටක ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ස්වක්ෂේත්‍ර බල සහිත ලග්න භාවයේ ද ශනි රාහු සමඟ බන්ධුස්ථානයේ ද ශුක්‍ර පුත්‍රස්ථානයේ ද රවි බුධ සමඟ රෝගස්ථානය ද කුජ විවාහකස්ථානයේ ද ගුරු අයස්ථානයේ ද ගෝචරයෙන් සැරිසරයි.
රැකී රක්ෂා සහ ආදායම්
විශ්‍රාම ගැනීමට සුදුසු කාලයේ පසුවන්නන්ට ඉතා යහපත්ය. විශ්‍රාම වැටුප් වර්ධනය වේ. රැකී රක්ෂා අපේක්ෂාවෙන් පසුවන්නන්ට ගෞරවනීය රැකියාවක් ලැබේ. හවුල් ව්‍යාපාරවල නිරත වන්නන්ට සෑම දෙනාගේ සහයෝගයෙන් කටයුතු කර බොහෝ ජයග්‍රහණ ලබා ගත හැක. ස්වයං රැකියා සහ වෘත්තීය පුහුණුවලට සම්බන්ධව කටයුතු කරන්නන්ට ද අනාගත අපේක්ෂා මුදුන්පත් කරගත හැකිය.
ගෘහ ජීවිතය
දේපළ හා ඉඩකඩම් පිළිබඳ යම් ආරවුලකට පත්විය හැකි බැවින් ඉතා කල්පනාකාරීව සිහි නුවණින් කටයුතු කළ යුතුය. උපන් ප්‍රදේශයෙන් බැහැරව දුර පළාතක පදිංචිය සඳහා යාමට ද අවස්ථාව උදාවිය හැකිය. දරු ඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට වාසනාවන්ත දියණිවරුන් ලැබේ. විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ට මංගල යෝග උදා වේ.
අධ්‍යාපනය උසස් අධ්‍යාපනයේ නිරත දරුවන්ට තම අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කරගත හැක. නව තාක්ෂණය, නව නිපුණතා තුළින් දිරිමත් වීම් ප්‍රාථමික අධ්‍යාපනයේ නිරත වන දූ පුතුන් තම වයසට නොගැළපෙන අනවශ්‍ය සබඳතා ඇති කරගෙන අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් මේ ලග්නයෙන් උපන් එවැනි දරුවන් සිටින මවුපියන් තම දරුවන් පිළිබඳ අවධානයෙන් පසුවීම යහපත්ය.
සෞඛ්‍ය තත්ත්වය
බොහෝ දුරට අසනීපයකින් තොරව මේ වර්ෂය ගත කිරීමට හැකි වේ. එහෙත් සුළු සුළු රෝගාබාධ, ආහාර වලට විස මිශ්‍ර වැනි දෑ සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න.
පොදුවේ ගත් කල ශනි රාහු රවි මහ දශා අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. සඳු, කුජ, ශුක්‍ර මහා දශා අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - සුදු, ක්‍රීම්
ජය අංක - 02, 07, 09
ශුභ මැණික - මුතු
සිංහ
ස්ථාන මාර, රැකියා උසස් වීම්
2013 නව වර්ෂය උදාවන විට සිංහ ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති බලවත්ව බුද සමඟ පුත්‍රස්ථානයේ ද ශනි රාහු සමඟ වික්‍රමස්ථානයේ ද සිකුරු බන්ධුස්ථානයේ ද කුජ රෝගස්ථානයේ ද ගුරු කර්මස්ථානයේ ද සඳු වැයස්ථානයේ ද ගෝචර වෙමින් සැරි සරයි.
රැකී රක්ෂා සහ ආදායම්
රැකියාවල නිරත වන්නන්ට උසස් වීම්. ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් පසුවන්නන්ට තම බලාපොරොත්තු ඉෂ්ට වේ. තම රැකියාව ගෞරවාන්විත ආකාරයෙන් තෘප්තිමත්ව කරගෙන යාමට අවස්ථාව ලැබේ. ස්වයං රැකියාවල නිරත වන්නන්ට ස්වකීය නිෂ්පාදනවලට ඉහළ වටිනාකමක් ලැබේ. තම තත්ත්වය ද උසස් ගෞරවනීය මට්ටමකට රැගෙන යාමට භාග්‍යය උදාවේ. විදෙස් වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කරන්නන්ට උසස් දියුණුවක් හිමි වන අතර විදෙස් වෙළෙඳපොළ හා ගනුදෙනු කිරීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ ද අපේක්ෂා ඉෂ්ට සිද්ධ වේ.
ගෘහ ජීවිතය
යුග ජීවිත ගත කරන දරු ඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට වාසනාවන්ත පුතණුවන් ලැබේ. දෙදෙනාගෙන් එක් අයෙකු විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් පසුවූයේ නම් එම බලාපොරොත්තුව ද ඉටු වේ. නව සබඳතා ගොඩ නැඟේ. වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට තම සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීමට ද මෙම වසර ඉවහල් වේ. කෙටි ගමන් හා වන්දනා ගමන්වල යාමට ද අවස්ථාව උදා වේ.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දූ පුතුන්ට යහපත් මානසික තත්ත්වයකින් යුක්තව කටයුතු කිරීමට අවස්ථාව උදා වේ. ගුප්ත විද්‍යා, සියුම් ඥාන දර්ශන අපේක්ෂාවෙන් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන සැමට ද ඉතා යහපත් වේ. උසස් තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට ද විදෙස් සම්මාන ද හිමි වේ.
සෞඛ්‍ය තත්ත්වය
මෙම වසර බොහෝ දුරට නිරෝගීව සිටීමට හැකි වේ. අසනීප වලින් සුව වී බොහෝ විට නිරෝගීව සිටීමට හැකි වේ.
පොදුවේ ගත් කල ශනි / රාහු / සඳු මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. රවි, ගුරු, මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
ශුභ වර්ණය - රතු
ජය අංක - 01, 04
ශුභ මැණික - පත්මරාග
කන්‍යා
රැකියා උසස් වීම්, ව්‍යාපාර දියුණුව
2013 නව වර්ෂය උදාවන විට කන්‍යා ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති බුධ බලවත්ව රවි සමඟ බන්ධුස්ථානයේ ද ශනි රාහු සමඟ ධනස්ථානයේ ද ශුක්‍ර වික්‍රමස්ථානයේ ද කුජ පුත්‍රස්ථානයේ ද ගුරු භාග්‍යස්ථානයේ ද සඳු ස්වක්ෂේත්‍ර බල සහිතව අයස්ථානයේ ද ගෝචර වෙමින් සැරි සරයි.
රැකී රක්ෂා හා ආදායම්
නාවික හා වරාය ක්ෂේත්‍රයේ රැකී රක්ෂාවල නිරත වන්නන්ට උසස් වීම් හිමි වේ. එම ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් පසුවන අයට බොහෝ රැකියා අවස්ථා උදා වේ. ශාස්ත්‍රීය අංශයේ රැකියා කටයුතුවල නිරතව උසස් වීම් බලාපොරොත්තු වන්නන්ට තම අවස්ථා මුදුන්පත් කර ගැනීමට අවස්ථාව උදාවේ. විදෙස් වෙළෙඳපොළ හා ගනුදෙනු කිරීමට අපේක්ෂාවෙන් පසුවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ද දියුණුවේ උසස් වර්ධනයක් අත්පත් කර ගත හැක.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතය ඉතා සාමකාමීව ගත කිරීමට අවස්ථාව උදාවේ. ඇතැම් විට දෙදෙනා එක්ව ආගමික වැඩසටහන් වූ වන්දනාමාන ගමන් බිමන්වලට ද යොමුවිය හැක. දේපළ හා පවුල් පිළිබඳව ද කිසිදු අරගලයක් ඇති නොවේ. පුතුන් සිටින මවුපියන්ට පුතුන්ගේ දස්කම් විස්කම් හේතුවෙන් ඉතා තෘප්තිමත්ව කටයුතු කිරීමට හැකි වන අතර විදෙස් සම්මාන හා ගෞරව ද හිමි වන්නට ද ඉඩ ඇත. පියවරුන්ට හා ගුරුවරුන්ට ද මෙම වර්ෂය ඉතා යහපත්ය.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපනයෙන් දැඩි දස්කම් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපනයේ නිරත වන්නන්නට ද ඉතා යහපත් වේ. වෙනත් භාෂා සහ උසස් ධර්ම ශාස්ත්‍ර ඉගෙනීමට ද අවස්ථාව උදාවේ.
සෞඛ්‍ය තත්ත්වය
මෙතෙක් පැවැති අසනීප තත්ත්ව ක්‍රම ක්‍රමයෙන් සුව අතට හැරේ. ගර්භණී මවුවරු සහ දරුඵල අපේක්ෂාවෙන් පසුවන්නන් මෙම වර්ෂය ඉතාමත්ම සැලකිලිමත්ව කටයුතු කිරීමට හා ප්‍රවේශමෙන් යුක්තව කටයුතු කිරීමට වග බලා ගත යුතුය.
පොදුවේ ගත් කල ශනි, රාහු, කුජ, මහා දශා අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. බුධ, ශුක්‍ර මහ දශා අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණය - කොළ
ජය අංක - 02, 03, 05, 07
ශුභ මැණික් - පච්ච, ගෝමේද
තුලා
හදිසි ධන ලාභ, අලුත් ගමනක ඇරැඹුම, 
කුඩා කර්මාන්ත හිමියන්ට වාසි
2013 නව වර්ෂය උදා වන විට තුලා ලග්නයෙන් ජන්ම ලාභය ලැබු ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ශුක්‍ර ධනස්ථානයේ ද රවි බුධ සමඟ වික්‍රමස්ථානයේ ද කුජ රුචක යෝගයෙන් බන්ධුස්ථානයේ ද ශනි රාහු සමඟ ලග්න ස්ථානයේ ද ගුරු මාරකස්ථානයේ ද සඳු කර්මස්ථානයේ ද ගෝචර වෙමින් සැරි සරයි.
රැකී රක්ෂා හා ආදායම්
අහිමි වී ගිය රැකියා නැවත ලැබේ. අතරමඟ නවතා තිබු ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාවේ. වසරේ මුල් කාලය තුළ එතරම් දියුණුවක් ඇති නොවුණත් අවසන් භාගය වන විට විශාල දියුණුවක් අත්පත් කර ගත හැකිය. පොත පත හා බැඳුණු පර්යේෂණාත්මක කටයුතුවල නිරත වන්නන්නට ද විශාල දියුණුවක් අත්පත් කර ගත හැක. හදිසි ධන ලාභ සහ අමතර වාසි ද හිමි වන බවක් පෙන්නුම් කරයි. කුඩා කර්මාන්ත හිමියන්ට වාසි සහගත වේ.
ගෘහ ජීවිතය
තම තත්ත්වයට වඩා උසස් ලෙස පෙනී සිටීමට වෑයම් කිරීමට ගොස් තත්ත්වය පහත වැටීමට අවස්ථාව උදාවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කළ යුතු වේ. වසර පුරාම සිතේ විසිරුණු ස්වභාවයක් පවතින බැවින් ස්ථිර නිගමනයකට බැස කටයුතු කිරීමට අවස්ථාව නොලැබී යා හැක. යුග ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ද සැලකිලිමත් විය යුතුය. නව සබඳතා ගොඩනඟා ගැනීමට උත්සාහවන්ත වන අය ද ඥානාන්විත වීම යහපත්ය.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරතව කටයුතු කරන්නන්ට ඉතා යහපත්ය. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන ඔබට තම සහෝදර සහෝදරියන්ගේ ආධාර උපකාර හිමිවන බවක් පෙන්නුම් කරයි.
සෞඛ්‍ය තත්ත්වය
ශීර්ෂ රෝගවලට හේතු වේ. මානසික ඒකාග්‍රතාවය රැක ගැනීමට හැකියාව නොමැති බැවින් ඉතා අසහනකාරීව කල් ගෙවීමට ද සිදුවිය හැකිය. රහස් රෝග, උෂ්ණ රෝග ආදියට ද හේතු විය හැක.
පොදුවේ ගත් කල ගුරු, රවි, සඳු මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. ශනි, බුධ, ශුක්‍ර මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ - සුදු, ක්‍රීම්, අයිවරි
ජය අංකය - 06
ශුභ මැණික් - දියමන්ති, සුදු මැණික්
වෘශ්චික
විදේශ රැකියා වාසනා, උසස් අධ්‍යාපනයට වරම්
2013 නව වර්ෂය උදාවන විට වෘශ්චික ලග්නයෙන් උපන් ජන්ම ලාභය ලැබූ ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ උච්ඡ බල සහිතව වික්‍රමස්ථානයේ ද රවි බුධ ධනස්ථානයේ ද සිකුරු ලග්නස්ථානයේ ද ගුරු විවාහකස්ථානයේ ද සඳු භාග්‍යස්ථානයේ ද ශනි රාහු සමඟ වැයස්ථානයේ ද ගෝචර වෙමින් පවතී.
රැකී රක්ෂා සහ ආදායම්
විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ තම අපේක්ෂා මුදුන්පත් වේ. රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් පසුවූ අයගේ පැතුම් ද මල්ඵල ගන්වනු ඇත. හවුල් ව්‍යාපාර, ස්වයං රැකියා ආදියෙහි නිරත වන්නන්ට ද විදෙස් වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙන්නන්ට ද තම අපේක්ෂා ජය ගැනීමට මෙම වසරේදී හැකි වනු ඇත. දැහැමි ව්‍යාපාර හා ගුප්ත ශාස්ත්‍ර ආදි කටයුතුවල නිරත වන්නන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යයි.
ගෘහ ජීවිතය
යුග ජීවිතය දැහැමින් සෙමින් ගත කිරීමට අවස්ථාව උදාවේ. යුගදිවි ගත කරන්නන්ට ඔවුනොවුන් හඳුනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදාවේ. නව සබඳතා ගොඩනඟා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට උසස් දැහැමි ගුණ ගරුක මෙන්ම පි‍්‍රයමනාප අයගේ ඇසුර හිමි වේ. සහෝදර සබඳතා ශක්තිමත් වේ. සහෝදරයින්ගේ කටයුතු වෙනුවෙන් කිසියම් ආකාරයක කැප කිරීමක් කිරීමට ද සිදුවිය හැකිය. නීතිය සම්බන්ධ කටයුත්තකට මුහුණ පෑමට සිදුවිය හැක.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන හා විදේශ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට තම අභිමතාර්ථ සාක්ෂාත් කරගත හැකිය. නව නිපැයුම් සහ නව සොයා ගැනීම් තුළින් දෙස් විදෙස් කීර්තිය අත්පත් කරගත හැකිය.
සෞඛ්‍ය තත්ත්වය
සුළු සුළු මාර්ග අනතුරු හේතුවෙන් රෝහල් ගත වීමට අවකාශය ඇති බැවින් රථවාහන පැදවීමේදී හා පාරේ ගමන් කිරීමේදී විමසිලිමත් වීම යහපත්ය. ආහාර නොදිරවීම හා ගුප්ත, භූත දෝෂ හේතුවෙන් විවිධ උපද්‍රවයන් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
පොදුවේ ගත් කල ශනි, රාහු, බුධ, මහ දශා - අන්තර් දශා ගත කරන අයහපත් වන අතර රවි, සඳු ගුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණය - රතු
ජය අංක - 1, 2, 4, 5, 7
ශුභ මැණික් - රතු මැණික්, රතු කොරල්
ධනු
මංගල යෝග, උසස් මිතුරු ඇසුර
2013 නව වර්ෂය උදා වන විට ධනු ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ගුරු රෝගස්ථානයේ ද රවි, බුධ සමඟ ලග්නස්ථානයේ ද කුජ ධනස්ථානයේ ද සඳු මාරකස්ථානයේ ද ශුක්‍ර වැයස්ථානයේ ද ශනි රාහු සමඟ එක්ව අයස්ථානයේ ද ගෝචර වෙමින් සැරිසරයි.
රැකී රක්ෂා සහ ආදායම්
නව රැකියා බලාපොරොත්තුවෙන් පසුවන්නන්ට වසර ආරම්භයත් සමඟ සතුටුදායක ආරංචියක් ලැබේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් ද තම සුදුසුකම්වලට සරිලන රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නිරත වන්නන්ට තම කටයුතු තෘප්තිමත්ව කරගෙන යා හැකිය. ස්වයං රැකියා සහ හවුල් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට විශ්වාසවන්තව කටයුතු කරන හවුල්කරුවන්ගේ සහයෝගය ලැබේ.
ගෘහ ජීවිතය
මංගල යෝග අපේක්ෂාවෙන් පසුවන්නන්ට තම අපේක්ෂා මුදුන්පත් කරගත හැකිය. විශ්වාසවන්ත සහ උසස් අයගේ ඇසුර ලැබේ. යුග දිවි ගත කරන්නන්ට ද සාමකාමීව කටයුතු කළ හැකිමුත් දෙදෙනාගෙන් එක් අයකුට විවිධ රෝගාබාධ ඇතිවී, චිත්ත පීඩා සහිතව කල් ගෙවීමට සිදුවේ. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. ජලය සම්බන්ධයෙන් අනතුරකට මුහුණ පෑමට සිදුවිය හැකිය.
අධ්‍යාපනය
තරග විභාග ආදියට මුහුණ දීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට එයින් ජය අත්පත් කරගත හැකිය. ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දූ දරුවන් ද යහපත් මානසික තත්ත්වයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වේ. වෘත්තීය පුහුණු හා නව නිපැයුම් ක්ෂේත්‍රවල ද සුගතියක් පෙන්නුම් කරයි.
සෞඛ්‍ය තත්ත්වය
ඉන්ද්‍රීය දමනය නොමැති බැවින් විවිධ උපද්‍රවයන්ට ලක්විය හැකිය. උෂ්ණාධික රෝග හා උදරගත රෝගවලට ලක්විය හැකි අතර ඇස්වල දුර්වලතා ද, හදිසි අනතුරු සම්බන්ධව ද කල්පනාකාරී වීම යහපත්ය.
පොදුවේ ගත් කල ශනි, බුධ, ශුක්‍ර මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. කුජ, රවි හා ගුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණය - කහ ජය අංක - 3, 5, 6, 8
ශුභ මැණික - පුෂ්පරාග
මකර
රැකියාවේ දියුණුව, සතුරු කරදරවලින් නිදහස, දරුඵල වාසනා
2013 නව වර්ෂය උදා වන විට මකර ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති උච්ඡ බල සහිතව රාහු සමඟ කර්මස්ථානයේ ද කුජ ලග්න භාවයේ ද ගුරු පුත්‍රස්ථානයේ ද සඳු විවාහකස්ථානයේ ද ශුක්‍ර අයස්ථානයේ ද රවි බුධ සමඟ වැයස්ථානයේ ද ගෝචර වෙමින් සැරිසරයි.
රැකී රක්ෂා සහ ආදායම්
රැකියා කටයුතුවලින් දියුණුව අත්පත් කරගත හැකිය. උසස් වීම් සහ කීර්ති ප්‍රශංසා ආදිය බලාපොරොත්තුවෙන් පසුවන්නන්ට එම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට හැකි වනුයේ සතුරු කුමන්ත්‍රණයක් ද පරාජය කරමිනි. තම රැකියා ක්ෂේත්‍රයේ මෙන්ම ස්වයං රැකියා ක්ෂේත්‍රවල නිරතව සිටින සෑම මකර ලග්න හිමියන්ටම මෙම වසර තුළ තම ජයග්‍රහණ හිමි කර ගන්නේ සතුරු උපද්‍රව සියල්ලම මැඩ ගෙනය.
ගෘහ ජීවිතය
පෙම් සබඳතා ගොඩ නඟා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අය ඉතාමත් සැලකිලිමත් විය යුතුය. ක්ෂණික සබඳතා ගොඩනඟා ගැනීමට අවකාශය ලැබෙන අතර ඔවුනොවුන් පිළිබඳව විමසිලිමත්ව කටයුතු කිරීම ඥානාන්විතය. දරුඵල අපේක්ෂාවෙන් පසුවන විවාහකයින්ට වාසනාවන්ත පුතකුගේ උරුමය හිමි වේ. අන් අය අතර කැපී පෙනෙන උසස් පුද්ගලයකු ලෙස කටයුතු කිරීමට ද අවස්ථාව උදා වේ. 
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දූ පුතුන්ට යහපත් වේ. කාර්මික හා වෘත්තීය පුහුණු අංශයෙන් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂිත අයට උසස් ප්‍රතිඵල අත්පත් කරගත හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන දූ පුතුන් වියදම් කළමනාකරණය කර ගැනීමට ඥානාන්විත විය යුතුය.
සෞඛ්‍ය තත්ත්වය
ස්නායු දුර්වලතා හේතුවෙන් රෝහල් ගත වීමට සිදු විය හැකිය. හදිසි අනතුරු හා උෂ්ණාධික රෝග හා ආසාදන පිළිබඳව ද සැලකිලිමත් වීම යහපත්ය.
පොදුවේ ගත් කළ කුජ, රවි, සඳු, මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. සිකුරු, ශනි මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණය - නිල් ජය අංක - 6 8, 9
ශුභ මැණික - නිල් මැණික්
කුම්භ
විදේශ රැකියා වාසනා, කලා ක්ෂේත්‍රයෙන් ජය
2013 නව වර්ෂය උදා වන විට කුම්භ ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි උච්ඡ බල සහිතව භාග්‍යස්ථානයේ ද රවි බුධ සමඟ අයස්ථානයේ ද කුජ වැයස්ථානයේ ද ගුරු බන්ධුස්ථානයේ ද ගෝචර වෙමින් සැරිසරයි.
රැකී රක්ෂා සහ ආදායම්
විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ සිහින සැබෑ වේ. රැකියා කටයුතුවල නිරත වන්නන්ගේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. කලාත්මක සහ විසිතුරු දේ සම්බන්ධව පවතින ව්‍යාපාර දියුණු වේ. ස්වයං රැකියා සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරන්නන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යයි. හවුල් ව්‍යාපාර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම තත්ත්වය වර්ධනය කර ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙනු ඇත.
ගෘහ ජීවිතය
කුම්භ ලග්නයෙන් උපන් තම යුග දිවි ගත කරන්නන් තම ආත්ම ගරුත්වය රැක ගෙන කටයුතු කිරීමට මෙම වර්ෂය තුළ දී සැලකිලිමත් විය යුතුයි. නව සබඳතා ගොඩනඟා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන්නන් හැඟීම්වලට නොව බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීම යහපත්ය. නව නිවෙසක් ඉදිකිරීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට නිවාස සිහිනය ජය ගැනීමට හැක. ආගම දහමට නැඹුරුව කටයුතු කිරීමට මෙන්ම දීර්ඝ වන්දනා ගමනක් යාමට ද අවස්ථාව උදාවේ.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දූ පුතුන්ට යහපත් මානසික තත්ත්වයකින් යුක්තව අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පසුබිම සකස් වේ. කලා ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය හදාරන්නන්ට තම අභිමතාර්ථ ඉෂ්ටසිද්ධ කරගත හැකිය. තරග විභාගවලට මුහුණ දෙන දූ පුතුන් ඉතාමත්ම ඥානාන්විතව කටයුතු කළ යුතුයි.
සෞඛ්‍ය තත්ත්වය
හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත වීමට සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රහස් රෝග ආශි‍්‍රතව රෝගාබාධ ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධව ද සැලකිලිමත් වන්න.
පොදුවේ ගත් කල ගුරු, සඳු, මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. රවි, බුධ, ශුක්‍ර, ශනි මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ - රතු, නිල් ජය අංක - 4, 8, 9 
ශුභ මැණික - කාක නිල
මීන
වෘත්තීය නිපුණතා තුළ නව පිබිදීමක්, දරුඵල වාසනා, සතුරු කරදර
2013 නව වර්ෂය උදා වන විට මීන ලග්නයෙන් ජන්ම ලාභය ලැබු ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වික්‍රමස්ථානයේ ද සඳු පුත්‍රස්ථානයේ ද ශනි, රාහු සමඟින් ඒරාෂ්ටක අපල තත්ත්වයක් උදා කරමින් මාරකස්ථානයේ ද ශුක්‍ර භාග්‍යස්ථානයේ ද රවි බුධ සමඟින් කර්මස්ථානයේ ද කුජ අයස්ථානයේ ද ගෝචර වෙමින් සැරිසරයි.
රැකී රක්ෂා හා ආදායම්
වෘත්තිය නිපුණතා තුළින් විශාල පිබිදීමක් අත්පත් කර ගත හැකිය. සහජ දක්ෂතා ගුප්ත ශාස්ත්‍ර තුළින් තම ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවේ. හවුල් ව්‍යාපාර, ස්වයං රැකියා ආදියට ද වරින් වර බාධා පැමිණිය හැකිමුත් උත්සාහවන්ත වුවහොත් රාජ්‍ය අනුග්‍රහය ද ලබාගෙන දියුණුවට පත්විය හැකිය. වෘත්තීමය ගෞරවය අපේක්ෂා කර ගැනීමට නම් ධාර්මිකව කටයුතු කිරීම යහපත්ය.
ගෘහ ජීවිතය
යුග දිවි ගත කරන්නන් දරුවන් අපේක්ෂාවෙන් පසු වන්නේ නම් වාසනාවන්ත දියණියකගේ උරුමය ලැබේ. ඒරාෂ්ටක අපල තත්ත්වයක් ගත කරමින් පසු වන බැවින් යුග දිවියේ ප්‍රසන්න බව හා සාමකාමී බව රැක ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතුයි. නින්දා අපහාස, සතුරු කුමන්ත්‍රණ වලින් ආරක්ෂා වීමට ඥානාන්විත විය යුතුය. නව සබඳතා ගොඩ නඟා ගැනීමට මේ වර්ෂය එතරම් යහපත් නොවේ. ආගම දහමට නැඹුරුව කටයුතු කිරීමෙන් බොහෝ උපද්‍රව වළක්වාගෙන සැහැල්ලුවෙන් පසු වීමට හේතු වනු ඇත.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දූ පුතුන්ට යහපත්ය. කලා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන දූ පුතුන්ට ද තම අභිමතාර්ථ සාක්ෂාත් කර ගත හැකිය. වෘත්තීය පුහුණු තුළින් තම දක්ෂතා මතු කර ගැනීමට ද හැකිය.
සෞඛ්‍ය තත්ත්වය
රෝගී තත්ත්වයකින් පසුවන්නේ නම් එය සුව වීමට කල්ගත වේ. අසනීපයක් ඇති වුවහොත් එය ද ඉක්මනින් සුව නොවන බව පෙන්නුම් කරයි. හදිසි අනතුරුවලට ද ලක්වීමේ අවදානමක් පවතින බැවින් ආගම ධර්මයට අනුව කටයුතු කිරීම ඥානාන්විතයි.
පොදුවේ ගත් කල ශනි, රාහු, සිකුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. කුජ, ගුරු, සඳු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.
ශුභ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ - රතු, කහ 
ජය අංක - 03, 09
ශුභ මැණික් - පුෂ්පරාග, වෛරෝඩි


6. ලංකාදීප  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය

උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොම වෙයිද ?

  • මේෂ, මිථුන, සිංහ,කන්‍යා, ධනු, කුම්භ  ලග්න  හිමියන්ට තනතුරු  නිල තල වරප‍්‍රසාද සමග ජීවිතයේ නව සුබදායී වෙනසක්

  •  වෘෂභ,- කටක,- තුලා, - මකර-, ලග්න හිමියන්ට පෙර පින පෑදෙන යමක් සිදුවේ.

  •  වෘශ්චික, මීන ලග්න හිමියන්ට අපෙක්ෂා නොකළ දෙයකින් හදිසි වාසියක්.

නව වසරේ ග‍්‍රහ ගමන ඔබේ අධ්‍යාපන ආර්ථික රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු මෙසේය.
මේෂ ලග්නයට අනුව ලග්නාධිපති කුජ හා යෝග කාරක රවි, ගුරු බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවන නව වසර ශුභඵලදායී අයුරින් ගතවන්නේය. ඔබගේ ආර්ථික, රැකියා, විවාහ ආදී කාර්යයන්හි  වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. මිල මුදල්  හෝ වෙනත් බාහිර ප‍්‍රශ්න ඇතිව අතහැර දමා තිබූ වැඩ නැවත ඇරඹීමට අවශ්‍ය කටයුතු සකස් වෙයි.
විශේෂයෙන් විවිධ තරාතිරමේ අයගේ උදව් උපකාර මත අනාගත දියුණුවට හේතු වන කාර්යයන් රැසක් සකස් වේ.  වසරේ මුල් මාස 06 පැහැදිලි සුබපල රැසක් ගෙන දෙනු ඇත. ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාභ ගෙනදෙයි. තනතුරු නිලතල වරප‍්‍රසාද මුල් මාස 06 තුළ හිමිවන්නේය. අවසන් මාස 06 යම් යම් අවහිර බාධා ප‍්‍රමාද මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන බැවින් එතැන් සිට දෙවරක්, තෙවරක් සිත යොමා ඥානාන්විතව කටයුතු කරන්න. ඔබට නව ආදායම් මාර්ග ගොඩනැගෙන වසරකි.

වෘෂභ ලග්නයට අනුව නව වසරේ ග‍්‍රහ ගමන සුබ අසුබ මිශ‍්‍ර අයුරින් පවතින නිසා ඉදිරි වසර ඔබේ වැඩ කටයුතු ක‍්‍රියාකාරකම් කෙරෙන්ද සුභ අසුභ මිශ‍්‍ර බවක් පෙන්නුම් කරයි. පොදුවේ ඔබට නව වසරේ මුල් මාස 06 යම් යම් අවහිර බාධා ප‍්‍රමාද මධ්‍යයේ තම දෛනික කාර්ය කටයුතු කර ගැනීමට සිදු වුවත් මෙම වසරේ අවසන් මාස 06 අභියෝග මැඩගෙන ඉදිරිය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ.  රැකීරක්ෂා කටයුතුවලත් තම වෙළෙද ව්‍යාපාර ආදී කටයුතුවලට බලපෑ අවහිර බාධා ප‍්‍රශ්නකාරී ගතිද පහව යනු ඇත.
මැයි සිට දෙසැම්බර් අතර කාලය තුළ ගෙදර දොර දියුණුවක් ද ඇතිවේ. භෞතික සම්පත් ද නොඅඩුව ලැබේ. සිතට සතුටක් සැනසුමක් දැනෙන දෑ සිදුවේ.  පොදුවේ ඔබේ වැඩවලට විවිධ රහස් සතුරු බලවේග ප‍්‍රශ්ණකාරී ගති හා කුමන්ත‍්‍රණවලින් බාධක යෙදුනත් ඒවා මැඩගෙන තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට පිළිවන්කමක් ඔබට ලැබේ.

මිථුන ලග්නයට අනුව උදාවන වසරේ ග‍්‍රහ ගමන සුභදායී අයුරින් සැකසෙන්නේ 2013 අපේ‍්‍රල්වලින් පසුවයි. එතෙක් කාලය ඔබට විවිධ  අවහිර බාධා කලකිරීම් සහගත ගති මධ්‍යයේ සිය කාර්යය කටයුතු  කරගෙන යාමටත් අරමුණු සැලසුම් ඉටුකර ගැනීමටත් සිදුවේ.
පොදුවේ ඔබට ලබන වසරේ මැයි මස සිට පවත්නා තත්වයේ සැලකිය යුතු යහපත් වෙනසක් බලාපොරොත්තු විය හැකි අනාගත සුබ සිද්ධිය සඳහා කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවේ. තම වැඩ කටයුතුවලට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ආධාර උපකාර පවා ලැබෙනු ඇත. රැකියා හෝ පදිංචියේ කිසියම් වෙනසක් මාරුවක් වුවද සිදුවේ. වැඩිපුර  දීර්ඝ ගමන් යෙදෙනු ඇත. අවබෝධ ඥාණය, ධාරණ ශක්තිය හොඳින් ගොඩනැගෙන වසරකි. ආර්ථික හා වෘත්තීය ලාභ ප‍්‍රයෝජන සැලසුනත් හදිසි වියදම් ද යෙදෙන දෑ සිදුවේ. ස්වයං ව්‍යාපාරවල වැඩි දියුණුව සැලසෙන වසරකි.

කටක ලග්නය අනුව උදාවන වසරේ ග‍්‍රහ ගමන මුල් මාස 06 තුළ සුබදායී බැවින් එම කාලය තුළ සැලසුම් කරන බොහෝ වැඩ කටයුතු රැසක් සාර්ථක වනු ඇත.  අධ්‍යාපන රැකියා විවාහ වැනි අංශවල ප‍්‍රගතියක් සිදුවේ. ඔබට මෙම වසරේ ආර්ථික ලාබ ගෙනදුන්නත් මිල මුදල්  අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට අපහසු තත්වයක් ගෘහ ජීවිතයේදී ඇතිවේ. ගමන් බිමන්වලට මෙන්ම අනුන්ගේ වැඩවලටත් ඔබගේ ධනය, ශ‍්‍රමය වැයවන අවස්ථා යෙදේ. දැඩි ලෙස බලාපොරොත්තුව සිටි වැදගත් කාරණයක් ඉටුවීම තුළින් සිතට සතුට සැනසීම ඇතිවේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමටත් ඉන් සාර්ථක ප‍්‍රතිපල අත්කර ගැනීමටත් මෙම වසරේදී අවස්ථාව සැලසේ.
පොදුවේ උගත් කමට දැනුමට කුසලතාවට නිසි තැන ලැබෙන වසරකි. විවාහ බාධක දෝෂ මැයි සිට පහව ගොස් අවිවාහකයන්ට විවාහ සැප පවා හිමිවීම නව වසරේ පෙන්නුම් කරන සුභ ප‍්‍රතිපලයකි.

සිංහ ලග්න හිමියන්ට උදාවන නව වසර පැහැදිලි සුබපල රැසක් ගොඩනැගෙනු ඇත. ග‍්‍රහ ගමන සුබව යෙදෙන බැවින් ගත වු වසරට වඩා උදාවන වසර යහපත්වෙයි. අධ්‍යාපන, රැකියා, ව්‍යාපාර ෙක්‍ෂත‍්‍රයේ කටයුතුවල උනන්දුව වැඩිවෙයි. ඒ ඒ කාර්යයන්හිදී වගකිව යුත්තන්ගේ ප‍්‍රසාදයටද ලක්වන  කරුණු ඇතිවෙයි. මැයි මාසයේ සිට ආදා໺!!vϳ්වයේ වර්ධනයක් ඇති කරයි.
නැති වු වස්තුව මෙන්ම  නැති වී ගිය රැකියා තනතුරු පමා වු වැඩ යනාදී බොහෝ කාර්යයන් නැවත ලැබේ. රැුකියා අපේක්ෂිතයන්ගේ හා විවාහ අපේක්ෂිතයන්ගේ  අපේක්ෂා ද ඉටුවෙයි. තමා පෙර අනාගත අභිවෘද්ධිය උදෙසා  පදිංචියේ වෙනසක් ඇතිකර ගැනීම සඳහා සිත ක‍්‍රියා කරන වසරකි. එම අරමුණද එලෙස සාර්ථක කර ගත හැකිය. විශේෂයෙන් සෑම දෙයින්ම ලාභ ප‍්‍රයෝජන ලැබෙන වසරකි.
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට නව වසරේ ග‍්‍රහ ගමන ශුභාශුභ මිශ‍්‍ර බැවින් දිවියේ තම සියලූ වැඩ කටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ‍්‍ර බවක් ඇති කරයි.
විශේෂයෙන් ඔබ සිතන සැලසුම් කරන වැඩ සියල්ලම සාර්ථක කර ගැනීම අපහසු වුවත්, හොඳින් සිතා බලා සැලසුම් සහගතව කරන කාර්යය කටයුතු අභියෝගයට ලක් නොවේ. ඒවා කෙසේ හෝ සාර්ථක කර ගත හැකි රැකියාවේ ස්ථාන වෙනසක් අනාගත යහපත උදෙසා සැලසේ. පසුගිය කාලයේ අතපසු වු වැඩ කටයුතු රාශියක් මෙම වසරේදී නිමකර ගැනීමටත්  අවස්ථාව සැකසේ. උත්පත්ති කේන්දරයේ සඳු ග‍්‍රහයා 7 වන 8 වන ස්ථානවල සිටි කන්‍යා ලග්න හිමියන්ට සිතට වදදෙන යම් යම් ප‍්‍රශ්න ඇතිවේ. ගෘහ ජීවිතයේ  ගැටලූ ශරීර සනීපය දුර්වලවීම්, හවුල් කටයුතුවල අර්බුද, සතුරු කරදර රහස් කුමන්ත‍්‍රණ වැනි දේට මුහුණ දෙන්ට සිදුවේ.
විශේෂයෙන් ඔබ ආගම වත් පිළිවෙත් පුද පූජා වන්හි නියුතු වෙමින් වසර තුළ කටයුතු කිරීම වඩාත් යෙහෙකි.
තුලා ලග්න හිමියන්ට නව වසරේ ග‍්‍රහ ගමන ශුභාශුභ මිශ‍්‍ර අයුරින් ගතවන නිසා ඔබ සැලසුම් සහගතව සැලකිල්ලෙන් විමසිල්ලෙන් යුතුව තම අත්‍යාවශ්‍ය  කාර්යය කටයුතුවල නියුතු වන්න. වරින් වර තමා බලාපොරොත්තු නොවූ සැලසුම් නොකළ  මාර්ගවලින් විවිධ ලාභ ප‍්‍රයෝජන සැලසෙයි. ආර්ථික  හා රැකියා යන කාර්යන්හිද ශුභදායි වෙනස්කම් ඇති කරයි.
බොහෝවිට ඔබ මෙම වසර තුළ සෑම කටයුත්තක්ම ඉතා සැහැල්ලූවෙන් සළකා ක‍්‍රියා කරන බැවින් තමාගේ දියුණුව ද ප‍්‍රමාණවත් අයුරින් ඇති නොවේ. ඔබට නව වසරේ මුල් මාස 6 ආර්ථික රැකියා ව්‍යාපාරික මෙන්ම අධ්‍යාපන කටයුතු වලට අයහපත් නොවුණත් ඒවායේ  යම්කිසි සංවර්ධනයක් ප‍්‍රගතියක් ඇති කළත් අවසන් මාස 06 මේවායේ වැඩවලට විවිධ අවහිර බාධා මතුවේ.
විදෙස් රැකියා අපේක්ෂා හා විදෙස් ගමන් බලාපොරොත්තු සාර්ථක වෙයි. යුගදිවියේ සාමය, සතුට බිදීයන දෑ සිදුවන බැවින් ඒ කෙරේ වඩාත් සැලකිලිමත් වන්න.
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට උදාවන නව වසර ඔබගේ අධ්‍යාපන, රැකියා විවාහ ආදී කාර්යයන්හි ප‍්‍රගතියට වැඩි දියුණුවට  ශුභදායී වෙනසක් ඇති කරයි. 2013 මැයි තෙක් කාලය යම් යම් අවහිර බාධා ප‍්‍රමාද මධ්‍යයේ නමුදු ශුභදායී වෙනස්කමකට භාජනය වේ.  ගෙදර දොර වාසනාවන්ත බවක් ඇති කරයි. අවිවාහකයන්ට මංගල යෝග උදාකරන අතර ආදර දිවියේ කටයුතුවල වැඩි දියුණුවක් ඇති කරයි.
විශේෂයෙන් ගතට සිතට  සැපත සතුට දනවන කාර්යන් රැසක් මුල් මාස 06 තුළ සිදුවේ. අවසන් මාස 06 කාර්ය කටයුතුවලට විවිධ අවහිර බාධා මතුකරන අතර අත්‍යාවශ්‍ය වැඩ ප‍්‍රමාද වන දෑ සිදු වන්නේය. එසේම ලැබෙන මුදල් නිකරුනේ වියදම් වී යන කරුණු යෙදේ.
වසරේ මැද භාගයෙන් පසු ආගමික වත්පිළිවෙත් පුද පූජාවන් හි නියුතු වෙමින් කටයුතු කරන්න.
ධනු ලග්න හිමියන්ට උදාවන වසරේ ග‍්‍රහ ගමන ශුභදායක අයුරින් බලපාන බැවින් දිවියේ නව දියුණුවක් අභිවෘද්ධියක් 2013 වසරේ ඇති කරයි.
ජීවනෝපාය මාර්ගයන්හි පැහැදිලි වෙනසක් නව ආදායම් මාර්ග හිමිවීමක් ඇති කෙරේ. පරිසරය යහපත් වීම නිසා රාජකාරි වගකීම් නිසිලෙස ඉටු කිරීමටත් හැකිවේ. තනතුරු නිලතල වරප‍්‍රසාද හිමිවන වසරකි. බලාපොරොත්තු ඉටුවන සැලසුම් ක‍්‍රියාවට නැංවීමට හැකි වෙයි.
මෙම වසරේ මැයිවලින් පසු පවතින තත්වයේ කැපී පෙනෙන යහපත් වෙනසක් ඇති වන්නේය. සතුරු කුමන්ත‍්‍රණ පරාජය කළ හැකිවෙයි. අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම විවාහ යනාදියේ අපේක්ෂා ඉටුවීම නිසා සිතට සතුට දනවන වසරක් ද වේ.
තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙන දිවියේ නව පරිවර්තනයකට මුල පිරෙන ශුභදායි වෙනස්කම් රැසක් සිදුවන නව වසරක් බවට පත්වේ.
මකර ලග්නයෙන් උපන් ඔබට ලබන්නාවු නව වසර ශුභපල මෙන්ම අශුභපල මිශ‍්‍රව ගෙනදෙන මධ්‍යස්ථ වසරකි. වසර පුරාවටම ඔබ ඉපැයීම් මාර්ග සම්බන්ධයෙන් සැලසුම් සහගතව ඇප කැපවී කටයුතු කරන නිසා ආදායම්, වියදම් සමසේ පවත්වාගෙන යාමට හැකිවේ. මිල මුදල් හා වෙනත් භෞතික සම්පත් ලාභද ලැබේ.
කෙසේ වෙතත් යම් යම් අවස්ථාවල ගැටලූ පැනනැගුණත් හවුල් හෝ ස්වයං ව්‍යාපාරවල නියුතු වන්නන්ට ඒවායේ සැලකිය යුතු දියුණුවක් ගෙනදෙනු ඇත. විශේෂයෙන් මෙම වසර තුළ ඔබ සැලසුම් නොකළ බලාපොරොත්තු නොවූ මාර්ගයක නැතහොත් දෙයකින් ඔබට විශේෂ ලාභ ප‍්‍රයෝජනයක් ගෙනදෙන්නේය.
බලාපොරොත්තු වන සැලසුම් කරන දෑ කල් යයි. උරුම හිමිකම් ප‍්‍රශ්න දේපල ආරවුල් මතු වීමේ ප‍්‍රවණතාවක් පවතින බැවින් ඒ කෙරෙහි සැලකිලිමත් වන්න. මුල් මාස 06 අධ්‍යාපන විවාහ අංශවල කරදර ප‍්‍රශ්න මතු නොවේ.
කුම්භ ලග්නය හිමි ඔබට උදාවන නව වසර ගත වු වසර තුළ තරම් ගැටලූ බාධා මතු නොවන ප‍්‍රශ්න අඩු වසරකි. මෙය වැඩි වශයෙන් සුබදායී වෙනස්කම් රැසක් සිදුවන වසරකි.
ඉදිරිපත් වන බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. පසුගිය කාලයේ මුදල් අපහසුවෙන් හෝ වෙනත් බාහිර ප‍්‍රශ්න මැද හෝ අතපසු වු වැඩ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු මෙම වසරේ නැවත ඇරඹීමට හැකිවනු ඇත.
අඩපණව පවතින කටයුතු ප‍්‍රතිසංවිධානය වේ. තමා නිරත වන රැකියා ව්‍යාපාරයන්හි දියුණුවක් අභිවෘද්ධියක් ද ඇති කරයි. විශේෂයෙන් මෙම වසරේ ඔබට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ගුණවතුන්ගේ ඇසුර ලැබේ. එමෙන්ම ආධාර උපකරද ලැබේ.
අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගේ  සිත් උසස් අධ්‍යාපනයට යොමු වී එවැනි දේට සම්බන්ධ වේ. ඇනහිට තිබු විදෙස් ගමන් බිමන් රැකියා ලාභ ගොඩනැගීමද නව වසරේ සිදුවෙයි.
මීන ලග්නයට අනුව ග‍්‍රහ ගමන එතරම් ශූභදායි නොවෙන බැවින් දිවියේ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු විශේෂයෙන් මැයි පසුවන තෙක් කාලය තුළ ඔබට ඉටුකර ගැනීමට සිදු වන්නේ නොයෙකුත් අවහිර මෙන්ම බාධා මධ්‍යයේය.
සමස්ථයක් වශයෙන් ගත්කළ අධ්‍යාපන, රැකියා, විවාහ යනාදියේ වැඩි දියුණුවට කටයුතු පිළියෙළවීමක් 2013  මැයිවලින් පසු ක‍්‍රමයෙන් ඇති කරයි.
පොදුවේ උප්පත්ති කේන්ද්‍රයේ සඳු ග‍්‍රහයා 1 වැනි 2 වැනි කොටුවල සිටි අයට විවිධ ප‍්‍රශ්න කරදර ඇති කළත් අපලකාරී බවක් පෙන්නුම් කළත් සෙසු අයට දැඩි පීඩාකාරී බවක් පෙන්නුම් නොකරයි.
කෙසේ වෙතත් උදාවන නව වසර ඔබේ දිවියේ අත්‍යාවශ්‍ය කාර්ය කටයුතු කෙරෙන් විශේෂ සුබදායී තත්ත්වයක් පෙන්නුම් නොකරයි. ඉවසිලිවන්තව බුද්ධිමත්ව සිතා තීන්දු තීරණ ගෙන කටයුතු කළ යුතු වසරකි. ශරීර සනීප කෙරෙහි නිබදව සැලකිලිමත් වන්න.

බෙන්තොට  හේමන්ත වීරසිංහ

 

 

 7.රිවිර පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය

 

 

 




8. සුබසෙත පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය

 


  

 

9..ලක්බිම  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය

 






 

 

Gossip Lanka Hot News Previous News Archive