නීති සිසුවියගේ අත කපාදැමීම ගැන පරීක්ෂණයක්

මාතර මහරෝහලේදී නිසි ප‍්‍රතිකාර ලබානොදීම හේතුවෙන් නීති විද්‍යාල සිසුවියකගේ වම් අත කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා විශේෂ කමිටුවක් පත්කරන ලෙස, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙත අද උදෑසන උපදෙස් දී තිබේ.

ඒ අනුව, එම පරීක්ෂණ සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ගුණසේකර මහතා සහ ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.මේ පිළිබඳව කඩිනමින් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා අදාළ කමිටුවට උපදෙස් දී තිබේ.


ශිෂ්‍යාවගේ අත කපා ඉවත් කිරීමට සිදුවූයේ වෛද්‍යවරුන් හෝ හෙදියන්ගේ වරදක් නිසා නම් තරාතිරම නොබලා ඔවුනට දඬුවම් පමුණුවන බව ඔහු පැවසිය.

ඉකුත් 17 වැනිදා සිය නිවසේ පඩිපෙළෙන් ඇදවැටී වම් අතේ අස්ථි බිඳීමකට ලක් වූ කොළඹ විශ්ව විද්‍යායේ නීති පීඨ අවසන් වසරේ ශිෂ්‍යාවක වූ මාතර ඌරුබොක්කේ පදිංචි අචලා ප‍්‍රියදර්ශනී ප‍්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කෙරෙන.

බිඳුණු අස්ථි යළි සවි වීමට යොදන ප්ලාස්ටරය නිසි පරිදි නොදැමීම නිසා හේතුවෙන් ස්නායු අක‍්‍රිය වීම නිසා ඇයගේ අත කොළඹ ජාතික රෝහලේදී සිදු කළ ශල්‍යකර්ම තුනකින් පසු ඇගේ වම් අත කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණි.

-සබැදි පුවත්-
1. වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන්  සිසුවියට වම් අත අහිමි වේ

Gossip Lanka Hot News Previous News Archive