ජනපති කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ වැඳපුදා ගනී

වස්කඩුව ශ්‍රී සුභූති රජමහා විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනය ඊයේ (25) ආරම්භ වූ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ පස්වරුවේ එම විහාරස්ථානයට ගොස් සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානාධිපති, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය නිකායේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් වහන්සේ වෙත විශේෂ සමරු තිළිණයක් ද ජනාධිපතිතුමා පිළිගැන්වීය.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුවන් කරමින් උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූහ.


පළාතේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.




උපුටා ගැනීම - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Gossip Lanka Hot News Previous News Archive