ජය ශ්‍රී ලංකා කණ්ඩායමටයි..!

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැති පන්දුවාර 20-20 තරගාවලියේ පළමු තරගය කඩුලු 5 න් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 137ක් ලබා ගන්නා ලදී.එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් පන්දු 62කදී 4 පහර 5ක් හා 6 පහර 3ක් සමගින් නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 90කි.පන්දු යැවීමේදී තිසර පෙරේරා හා නුවන් කුලසේකර එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 139 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන ලදී.

මෙම තරගය සිඩ්නි හිදී පැවැත්විණ.


දෙරට අතර මෙම තරගාවලියේ අවසන් තරගය ලබන 28 වැනිදින මෙල්බර්න් හිදී පැවැත්වීමට නියමිතය. 










Gossip Lanka Hot News Previous News Archive