ප්‍රාදේශීය ලේකම් ලිංගික අල්ලසක් ගනිද්දී මාට්ටු

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම්වරයා අද (31) දහවල් බඩල්කුඹුර ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ලබා ගන්නට තැත් කරමින් සිටි අවස්ථාවේ දී අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරින් විසින් බදුල්ල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදී අත්අඩංගුවට ගත්හ. මෙම කාන්තාව විසි හැවිරිදි වියේ පසුවන විවාහක කතකි.

ඇය පදිංචි ඉඩම සම්බන්ධයෙන් කිසියම් ආරවුලක් තිබී ඇත. මෙම අරාවුල විසඳා දීම සඳහා ඇය බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම්වරයා මුණ ගැසී ඇති අතර එය නිරවුල් කර දිය හැකි බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇත. ඊට ලිංගික අල්ලසක් ඉල්ලා ඇති අතර කාන්තාව මෙම සිද්ධිය ඇගේ සැමියාට දැනුම් දී තිබේ. අනතුරුව සැමියාගේ අනුදැනුම මත මෙම කාන්තාව අද දින උදයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමු වී තිබෙන අතර ඔහුට අයත් නිල රථයෙන් බදුල්ල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ගොස් ඇත.


මෙම ලැගුම්හලේ කාමරයක් තුළ දී ප්‍රාදේශීය ලේකම්වරයා කාන්තාව හා ලිංගික ඇසුරකට සුදානම් වූ අවස්ථාවේ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරින් කාමරයට කඩා වැදී ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (31) සවස මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive