තරුණියකගේ බුරිය අත ගෑ බැංකු කළමනාකරු දැලේ

බස් රථයකදී තරුණියකගේ නාභිය අතගෑ බවට සැකපිට දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයකු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රුපියල් විසිපන්දහසක ශරීර ඇපයක් මත මුදා හරිනු ලැබීය.මෙසේ ඇප මත මුදාහැරියේ මොරටුව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයෙකි.

සැකකාර කළමනාකාරවරයා පසුගිය 27 වැනි දින සවස දෙහිවල සිට මහරගම බලා ධාවනය වූ පෞද්ගලික බසයකදීපැමිණිලිකාර තරුණියගේ නාභිය අතගෑ බවට ඇය විසින් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

පසුව දෙහිවල පොලිසිය විසින් සැකකාර කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීය.

Gossip Lanka Hot News Previous News Archive