චරිතයකට සාධාරණයක් කරන්න ශරීරය නිරාවරණය වුණු ඇඳුම් අඳින්න වෙනවා - Dulani Anuradha

කුවේණි සිනමා පටයෙන් දක්‍ෂතා පෙන්නුම් කළ ඇය දුලානි අනුරාධා.
මේ දිනවල විශේෂ කටයුතු මොනවාද?
මේ දවස්වල "සකිසඳ සුවාරිස්" ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල නිරත වෙලා ඉන්නවා. පාසලේ අධ්‍යයන කටයුතුවලට තමයි මූලික අවධානය යොමුවෙලා තියෙන්නේ.
ඔබ උගන්වන පාසල ගැනත් කියමු.
පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය.

පොඩි කාලේ ඉඳන් හීන මැව්වේ ගුරුවරියක් වෙන්නද, රංගන ශිල්පිනියක් වෙන්නද?
මට පොඩි කාලේ ඉඳන් ගුරුවරියක් වෙන්න ආසාවක් තිබුණා. ඇත්තටම ඒ හීනය සැබෑ වුණා.
• ඒ කියන්නේ රංගන ශිල්පිනියක් වුණේ අහම්බෙන්ද?
ඔව්. ඒ අවස්ථාව හිමි වුණේ අහම්බෙන්.


නර්තන ගුරුවරියක් විදියට වර්තමාන නර්තන ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
අපේ කාලේ වගේ නෙවෙයි. දැන් ළමයි බොහෝ වෙලාවට බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වෙන්නේ නැහැ. විභාගය විතරයි ඔවුන්ගේ ඉලක්කය. මේ සඳහා ඇත්තටම කැපවීමක් අවශ්‍යයි.

නර්තන ක්‍ෂේත්‍රයේ නම ගිය කෙනෙක් වෙන්න අදහසක් නැද්ද?
ඇත්තටම එහෙම වෙන්න අමාරුයි. මම වෘත්තියෙන් ගුරුවරියක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. එවැනි දෙයක් කරන්න ලොකු වේලාවක් ඕනි. මට එහෙම වෙන් කරන්න තරම් කාලයක් නැහැ.

ගුරුවරියක් විදියට චරිත තෝරා ගැනීම්වලදී හා රංගනයේදී සීමාව ඉක්මවා යනවා නේද?
මම මගේ වෘත්තියට නොගැළපෙන විදියට හැසිරෙන්නේ නැහැ. සමහර අවස්ථාවල චරිතයකට සාධාරණයක් කරන්න ශරීරය නිරාවරණය වුණු ඇඳුම් අඳින්න වෙනවා. ඒක චරිතයට පමණයි. අනික ඒවා අඳින්නේ ඇඟ පෙන්වීමේ අරමුණෙන් නෙවෙයි. කවදාකවත් එහෙම වෙලා කියලා කාගෙන්වත් දෝෂාරෝපණ ඇවිත් නැහැ.

එහෙනම් කට කතා හැදුණේ ඇයි?
කට කතා ඉතින් ක්‍ෂේත්‍රයේ හිටියත් නොහිටියත් හැදෙනවනේ. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ.
• ළඟදී විවාහ වෙනවද?
විවාහ වෙන්න ඕනි.

• විවාහය ප්‍රමාදයි කියලා හිතෙන්නේ නැද්ද?
ජීවිතේ හැමදේම එක වෙලාවට ලැබෙන්නේ නැහැ. අනික ලබා ගන්න දේ හරි විදියට ලබා ගන්න ඕනි. විවාහයට කල් ගියාට කමක් නැහැ.
• ජේ‍යාතිෂය විශ්වාස කරනවද?
ඔව්. සමහර දේවල්වලදී විශ්වාස කරනවා. වේලාව බලනවා. සාමාන්‍යයෙන් ජේ‍යාතිෂය ගැන විශ්වාසයක් තියෙනවා.

දුලානිගේ ඉදිරි කටයුතු ගැන කියන්නකෝ?
"පරාවර්තන" කියලා චිත්‍රපටයකින් සහ හවාරණ නමින් ටෙලි නාට්‍යකින් ඉදිරියේදී ප්‍රේක්‍ෂකයන් අතරට එනවා.

ලයනි රසිකා නිරෝෂිණී


Gossip Lanka Hot News Previous News Archive