පැපිලියාන 'ෆැෂන් බග් ' ප්‍රහාරයට අදාළ අය හඳුනා ගනී

නුගේගොඩ පැපිලියාන හංදියේ පිහිටි ඇඟලුම් අලෙවි ආයතනයකට ප්‍රහාර එල්ල කර ඊට බරපතළ හානි සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සියලුදෙනා හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදවා ඇති බවත් බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා පැවසීය.
මෙම ආයතනයට ප්‍රහාර එල්ල කරන ආකාරය එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව ඇති අතර ඒවා පරීක්‍ෂා කිරීමෙන් සැකකරුවන් හඳුනාගත් බව සේනානායක මහතා කීය.මෙම ආයතනයේදී ලාබාල තරුණියක මුස්‌ලිම් තරුණයකු අතින් දූෂණයට ලක්‌ වූ බව කියමින් සංවිධානාත්මක පිරිසක්‌ පෙරේදා (28 වැනිදා) රාත්‍රී එහි කඩාවැදී ඊට ප්‍රහාර එල්ල කර තිබිණි.
පන්සියයකට අධික පිරිසක්‌ මෙම ප්‍රහාරය සඳහා එක්‌ව සිට ඇති අතර මාධ්‍යවේදියකු ඇතුළු කිහිපදෙනෙක්‌ මෙහිදී ප්‍රහාරයට ලක්‌ව තුවාල ලැබූහ.එම ප්‍රහාරයෙන් ඇඟලුම් අලෙවි ආයතනයට සහ එහි ගබඩාවට රුපියල් ලක්‍ෂ ගණනක අලාභයක්‌ සිදුවිය.පොලිසිය පවසන්නේ මෙම ආයතනයේ සේවය කරන තරුණයකු සහ තරුණියක අතර ප්‍රේම සම්බන්ධයක්‌ පැවති බවත් එම තරුණයා අතින් තරුණිය අපයෝජනයට ලක්‌ව ඇති බවත් ය.ලාබාල දැරියක්‌ අපයෝජනයට ලක්‌ කිරීමේ චෝදනාව මත අදාළ තරුණයා මීට දින කීපයකට උඩ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ද පොලිසිය කියා සිටියි.

නීතිය ඒ ආකාරයට ක්‍රියාත්මක කර තිබියදී මෙසේ එම ව්‍යාපාරික ස්‌ථානයට කඩා වැදුණු සංවිධානාත්මක පිරිසක්‌ ඊට ප්‍රහාර එල්ල කරමින් කලබලයක්‌ ඇති කිරීමට උත්සාහ කළ බව ද පොලිසිය පවසයි.මෙම ප්‍රහාරයට බොදු බල සේනා සංවිධානයේ කිසිවකු සම්බන්ධ වී නොසිටි බව ද පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහත්වරුන්ගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වේ.

පොලිසිය පැමිණ ආරක්ෂාව ලබාදී සිටියදී එක් හිමි නමක් පොලිසිය බලාසිටියදීම දෙතුන් වර ගල් අහුලමින් ගසමින් සීසීටීවී කැමරාව කුඩු කරන්නට කටයුතු කළ ආකාරය රූපවාහිනී මාධ්‍ය කැමරාවල සටහන්ව තිඛෙනවා. එම හාමුදුරුවන් සීසීටීවී කැමරාවට ගල් ගැසූ හැටි දැක්වෙන හිරු වීඩියෝ වාර්තාව පහතින්





 


-සබැදි පුවත්-

Gossip Lanka Hot News Previous News Archive