දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී - Duminda Silva under custody

UPDATES
 දුමින්ද රෝහල්ගතව රිමාන්ඩ්
අතිරේක මහේස්ත්‍රාත් තීරණය කරයි

අද දහවල් මහෙස්ත්‍රාත් අධිකරණයේ සිදු කළ දැනුම්දීම අනුව අතිරේක මහෙස්ත්‍රාත් සඳුන් විතාන මහතා නවලෝක රෝහලට ගොස් දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ අතර ඔහු පසුව දැනුම්දුන්නේ දුමින්ද සිල්වා ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියම කරන නමුත් ඔහුගේ තත්වය තවමත් අපහසු නිසා රෝහලේ නේවාසිකව සිටිමින් එම කාලය ගත කරන්නට නියම කරන බවයි.

මේ අනුව දුමින්ද සිල්වා නැවතී සිටින නවලෝක රෝහලට විශේෂ ආරක්ෂාවක්ද ලබාදී තිඛෙනවා.
ඔහු බරපතල සැත්කමකට භාජනය කර ඇති හෙයින් රෝහලෙන් පිටවී යෑම ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවත්, ඊට හේතුව විෂභීජ ඇතුළුවීමට ඉඩ ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනුජ ප්‍රේමරත්න මහතා උසාවියට දැන්වීය.

මුල් පුවත
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු හතරදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එහි උසස් නිලධාරියෙකු පැවසූවේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවය.මේ වන විට පොලිස් ආරක්ෂාව මත මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එම එම නිලධාරීවරයා පැවසී ය.මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙඩි වැදීමෙන් තුවාල ලබා විදේශගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර අද අලුයම යළි දිවයිනට පැමිණියේ ය.


දුමින්ද ඉන්නෙ මෙහෙමලූ
නීතිඥයින් ෆොටෝ පෙන්නලා


අද දුමින්ද සිල්වා නවලෝක රෝහලට ඇතුළත් කළත් මාධ්‍යවේදීන්ට ඔහු කිට්ටුවට යන්නට අවස්ථාවෙක් නොලැබුණ අතර ඔහුගේ නීතීඥයින් සැත්කම සිදු කළ ආකාරය හා ඔහු දැන් සිටින්නේ මෙහෙමයැයි කියමින්
ලබාගත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත පෙන්නුම් කළේ නවලෝක රෝහල් පරීශ්‍රයේදීය.
 එම ඡායාරූපයේ ඔහුගේ හිසේ කොටසක විශාල පැලූමක රේඛාවක් ඇති බවද දක්නට ලැබුණා.

එම ඡායාරූපය විශාලනය කළ විට පහත පරිදිය



Gossip Lanka Hot News Previous News Archive