මම තවමත් අග විනිසුරුවරිය - Shirani Bandaranayake

තමා තවමත් අග විනිසුරුවරිය බවත්, තමාට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නීත්‍යනුකූලව තීරණයකින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව අත්හිටුවා ඇති බවත්, එහෙයින් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී නොසිටින බවත් ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද දන්වා සිටියාය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ රජ නව කට්ටුවක් හමුවට ඇගේ නීතීඥයන් වන නීලකන්දන් හා නීලකන්දන් නීතීඥ සමාගම මගින් ඇය මේ මෝසම ඉදිරිපත් කළාය.අභියාචනාධිකරණය තම පෙත්සම අනුව නිවැරදි තීන්දුවක් දී ඇති හෙයින් ඊට එරෙහි පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට නොයන බව ඇගේ මෝසමේ සඳහන් වෙයි.

රජ නව කට්ටුවේ සභාපතිනි ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය පැවසූයේ එස් අයි ඉමාම් විනිසුරුතුමා විශ්‍රාම ගොස් ඇති බවයි. මෙම පෙත්සම් විභාගයට අගවිනිසුරු හැර සෙසු සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිශ්ච මණ්ඩලයක් පත් කළ යුතු හෙයින් එම පුරප්පාඩුව පිරවීමෙන් පසු පමණක් එවැනි විනිශ්චය මණ්ඩලයක් පත් කළ හැකි බවයි.
මේ අතර එල්මෝ පෙරේරා, මහින්ද ජයසිංහ, ජානක අධිකාරී සහ චන්ද්‍රගුප්ත තේනුවර ගේ පෙත්සම් ඉල්ලා අස්කරගන්නා බව ඔවුන් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී එම් ඒ සුමන්තිරන් මහතා දැන්වීය.
කොග්ගල බන්දුල වෙල්ලාල නීතීඥවරයාද අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීමට අවසර පැතීය. මේ කරුණු සියල්ල සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබන ජූනි 11 නැවත රැස්වීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive