ලොව ඉහළම මානව සංවර්ධිත රටවල් අතරට ශ්‍රී ලංකාවත්

2012 ජාත්‍යන්තර මානව සංවර්ධන වාර්තාව ඊයේ කොළඹදී එළි දැක්වීය.එක්සත් ජතීන්ගේ මානව සංවර්ධන වැඩසටහන නිකුත් කළ එම වාර්තාවට අනුව රටවල් 187ක් අතුරින් ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබේ.2012 එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව රටවල් 187ක් අතුරින් 92 වැනි ස්ථානයේ පසු වේ.

2011 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ, එහි 97 වැනි ස්ථානයයි.මේ අතර දකුණු ආසියා කලාපයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ තවදුරටත් පෙරමුණේ, පසුවීම විශේෂත්වයකි.දකුණු ආසියා කලාපයේ දෙවැනි ස්ථානයේ පසුවන මාලදිවයින එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ සමස්ත රටවල් අතරින් 104 වැනි ස්ථානයේ පසු වේ.අසල්වැසි ඉන්දියාව 2012 එක්සත් ජාතන්ගේ මානව සංවර්ධන දර්ශකය අනුව පසුවන්නේ, 136 වැනි ස්ථානයේ ය.භූතානය 140 වැනි ස්ථානයේත් බංග්ලාදේශය සහ පාකිස්ථානය 146 වැනි ස්ථානයේත් පසු වේ.එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකය සඳහා පදනම් කර ගනු ලබන්නේ, ආයු අපේක්ෂාව සාක්ෂරතාව සහ ජීවන තත්ත්වය යනු කරුණුය.

මේ අනුව එම දර්ශකයේ පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිවෙද්දී දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවට හිමිව තිබේ.අමෙරිකා එක්සත් ජනපදයේ 3 වැනි ස්ථානයේ පසුවන අතර නෙදර්ලන්තය ජර්මනිය සහ නවසීලන්තය පසුවන්නේ, 4, 5 සහ 6 යන ස්ථානවලය.
 Sri Lanka ranked high in human development category

Gossip Lanka Hot News Previous News Archive