පබෝදා දරුවා ලැබෙන තුරු ප්‍රංශයේ - Paboda Sandeepani

පබෝදා සංදීපනී පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් දස්කම් පෙන්වූ නිළියක්. පබෝදාගේ ජීවිතයේ අලුත් ආරංචිය පබෝදා මවක් වීමට යන පුවත. මවක් වීම සඳහා තාවකාලිකව රංගනයෙන් දුරස් වූ පබෝදා පසුගිය මාස කිහිපයේ විවේකී සුවයෙන් නිවසට වෙලා කාලය ගත කළා. ඔය අතර ඈ පිළිබඳ අලුත්ම පුවතක් අපිට දැන ගන්නට ලැබුණා.

ඒ තමයි දරුවා ලැබෙන්නට පබෝදා ප්‍රංශය බලා යන පුවත. ඒ ගැන දැන ගන්න අපි පබෝදට කතා කළා අප්‍රේල් මාසයේ අවුරුදු සිරිය විඳලා ඉන්පසුව අප්‍රේල් 18 වැනිදා ඇය ප්‍රංශය බලා පිටත් වෙලා. පබෝදගෙ පියා සිටින්නේ ප්‍රංශයේ. පබෝදා යන්නේ ඇගේ පියා ළඟට. ප්‍රංශය බලා යාමට සැරසෙන අතරේ කාර්යබහුල මොහොතක වුණත් ඇය සුපුරුදු ලෙංගතු විලාසයෙන් අප සමග එකතු වුණා.

පබෝදා ප්‍රංශය බලා පිටත්වීමට යන බව ආරංචියි

ඔව්, මම 18 වැනිදා ප්‍රංශයට යනවා. මගෙ තාත්තා ඉන්නේ ප්‍රංශයේ . තාත්තා ළඟට තමයි යන්නේ .

දරුවා ලැබෙන තුරු ප්‍රංශයේ සිටිනවාද?

ඔව්, එහෙම තමයි හිතාගෙන ඉන්නේ

ඇයි තනියම මේ ගමන යන්න හිතුවේ........

දරුවා ඉපදෙන්න තව මාස කිහිපයක් තියෙනවා. ඒ හින්දා සිදත්ටත් මාත් එක්ක ගිහින් ඒ කාලයම එහෙට වෙලා ඉන්න බැහැනේ. එයාගෙ රැකියාවේ කටයුතු තියෙනවානේ. ඒ හින්දා එයා ලංකාවේ නතර වුණා. හැබැයි දරුවා ලැබෙන්න ළංවුණාම එයත් මම ඉන්න තැනට එනවා.

දිගටම ප්‍රංශයේ නතර වෙන්න අදහසක් තියෙනවද දන්නෑ.........
(හිනැහී) නැහැ......නැහැ......... දරුවා ලැබිලා මාස කිහිපයකින් ආයෙම ලංකාවට එනවා.

ඊට පස්සෙ ආයෙම රඟපෑමට එකතු වනවද?

දරුවගෙ කටයුතු වෙනුවෙන් කැප වුණාම වෙනත් දෙයකට කාලය හොයාගන්න එකයි ප්‍රශ්නෙ. ඒත් ඉතින් සම්පූර්ණයෙන්ම රඟපෑමෙන් ඉවත්වෙලා ඉන්නෙ නම් නැහැ. තෝරා බේරාගෙන හෝ රඟපෑමට එකතුවෙනවා.

දරුවා ලැබෙන්න රඟපෑමෙන් දුරස්වෙලා හිටපු පසුගිය මාස දෙකතුන ගෙවිල ගියේ කොහොමද?

සාමාන්‍ය විදියට දවස ගෙවුණා. සිදත්ගෙ අම්මා තමයි ගේ දොර කටයුතු උයන පිහන කටයුතුවලට මුල් වන්නේ. ඒත් මම විවේකයෙන්ම හිටියේ නැහැ. වෛද්‍ය උපදෙස් ලැබෙන්නෙත් නිකම්ම ඉන්න එපා කියලනේ. මමත් සාමාන්‍ය විදියට දවසේ කටයුතුවලට එකතු වුණා.

කුළුඳුල් දරුවා පුතෙක් වෙනවට සමහර මව්පියෝ කැමති තවත් අය කැමති දුවෙකුට........

මට නම් පුතෙක් ලැබුණත් දුවෙක් ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒත් සිදත් නම් කියන්නේ පුතෙකුට කැමතියි කියලා. ඒත් එයා දුවට කැමති බව මට දැනිල තියෙනවා.

මේ අවුරුද්ද පබෝදටයි සිදත්ටයි ගොඩක් සතුටුදායක එකක් වෙන්න ඇති.......

(හිනැහී) ඔව්, ගොඩක් සතුටින් අවුරුද්ද සැමරුවා

මේ පුවත්පත් සාකච්ඡා පත්තරේ පළවෙන විට පබෝදා ලංකාවෙන් පිටත් වෙලා

ඔව් 18 වැනිදා මම යනවනේ

පබෝදා ගියත් ඔබේ රසික රසිකාවියෝ ඔබ සමග ඉන්නවා. උදා වූ නව වසරේ ඒ අයට යමක් කියන්න........

මේ උදා වූ අලුත් අවුරුද්ද සෑම සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කළ බව මගේ රසික පිරිසට කියන්න. ඒ වගේම මම ආයෙම ලංකාවට ආපුවම මගෙ රසික පිරිස වෙනුවෙන් නැවතත් රඟපෑමට ඕන බවත් කියන්න.

ආරියවංශ කුලතිලක
ලක්බිම රිද්ම ඇසුරිනි

Gossip Lanka Hot News Previous News Archive