සිරුරට ගිනි තබාගත් හිමිනම අපවත් වෙයි

Update
ගව ඝාතනයට විරෝධය දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ක්වින්ස් හෝටලය අසල දී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර අපවත් වූ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවැසීය.

-------------------------------------------------------
හිමිනමට අසාද්‍යයි, CIDයෙන් පරීක්‍ෂණ - Buddhist monk critical
මහනුවර දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගැනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ හිමිනම තවදුරටත් අසාද්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා. ඊයේ පෙරවරුවේ සිය සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ උන්වහන්සේ ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙන ආවා. උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී ඇතැයි රෝහල් ප‍්‍රකාශිකාවක් සඳහන් කළා. බරපතල පිළිස්සුම් තුවාල ලැබූ හිමිනම පළමුව ඇතුළත් කෙරුණේ මහනුවර මහරෝහලටයි.
මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබුණේ කහවත්ත පොරෝණුව විහාරස්ථානයේ වැඩ විසූ ඉන්ද්‍රරතන හිමියන්. උන්වහන්සේ ජාතික හෙළ උරුමය නියෝජනය කළ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයෙකුද වනවා.ඒ පිළිබඳ ජාතික හෙළ උරුමයෙ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පැවසුවේ විනය විරෝධී කටයුතු හේතුවෙන් උන්වහන්සේ පක්ෂ සාමාජිකත්වයෙන් සහ මන්ත‍්‍රි ධූරයෙන් ඉවත් කර සිටි බවයි.
ජාතික හෙළ උරුමය පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු බොදු බල සේනා සමිතියට ලබාදීම සහ බොදු බල සේනා සමිතියට කි‍්‍රයාකාරි සහයෝගයක් ලබා දීම ඉන්ද්‍රරතන හිමියන්ව හෙළ උරුමයෙන් නෙරපා හැරීමට ආසන්න හේතුව වූ බව හෙළ උරුමය පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු මාර්ග හෙළි කරයි.

සිරුරට ගිනි තබා ගැනීමට පෙර එම හිමිනම ඒ පිළිබඳ අදාළ මාධ්‍ය වෙත දැනුම් දී ඇති අතර ඔවුන් ඒ අනුව සිද්ධිය රූපගත කර තිබුණි.වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා වහන්සේ අභියස සිදුවූ මෙවැනි ඛේදජනක සිද්ධියක් සිදුවීමට ඉඩක් නොදී එය වළක්වා ගැනීමට රැස්ව සිටි පිරිසට නොහැකි වීම සම්බන්ධයෙන් විවිධ මත පළ වේ.



මේ අතර එම හිමිනමට පෙට්‍ර්ල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් උන්වහන්සේ ගව ඝාතනයට එරෙහිව දිගින් දිගටම හඬනැගූ බව නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා  කියා සිටියා. ඊයේ ගිනි තබාගැනීමෙන් පසුව උන්වහන්සේගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ගව ඝාතනයට එරෙහි ලිපි කිහිපයක් ද එහි තිබී සොයාගත් බව පොලිසිය පැවසුවා. ගිනි තබාගත් අවස්ථාවේ උන්වහන්සේ බේරාගැනීමට ගිය තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා මේ වන විට මහනුවර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. මේ අතර ඉන්ද්‍රරතන හිමියන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මීට අමතරව මහනුවර පොලීසියෙන්ද පරීක්ෂණයක් ක‍්‍රියාත්මක කෙරෙනවා.

Gossip Lanka Hot News Previous News Archive