මස් හැදුවාමත් ගෝලීය උණුසුම වැඩිවෙනවා - Patali Champika Ranawaka

ලෝකයේ ගස් කැපීමෙන් ඇතිවන ගෝලීය උණුසුමට සමාන තත්ත්වයක් මස් මාංස නිෂ්පාදනයෙන් ඇති වන බව තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා පවසන්නේ ගෝලීය උණුසුම වැඩිවීමෙන් අනාගතයේදී රටවල් 36ක් ලෝක සිතියමින් මැකී යන බවට තොරතුරු සොයාගෙන ඇති බවයි. නිර්මාංස ආහාරපාන සඳහා වන නව ප්‍රමිති කෙටුම්පතට මහජන අදහස් ලබා ගැනීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවට පසුගියදා (22දා) අමාත්‍යවරයා සහභාගි වෙමින් මේ අදහස් පළකෙළේය.

ඒ මහතා මෙසේද කීය.නිර්මාංස ආහාර නිෂ්පාදන වෙනුවෙන් නව ප්‍රමිති කෙටුම්පතක් හදන්න මූලික හේතුව වුණේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය දැනුම්වත් කිරීම. එහෙත් අපි ආගමික තත්ත්වයක් පදනම් කරගෙන නොවේ නව ප්‍රමිති කෙටුම්පත් හදන්න තීරණය කෙළේ. ඕනම කෙනකුට තමන්ගේ පෞද්ගලික රුචිය අනුව නිර්මාංස නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්.

නිර්මාංස ආහාර වැඩි වශයෙන් ගැනීම මඟින් ජීවන වියදමටත් ලොකු පහසුවක් සැලැසෙනවා. සමහරු මිථ්‍යාවක් පතුරවලා තියෙනවා සමාජ ගරුත්වයේ කොටසක් විදියටත් ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගැනීමටත් මස් මාංස ආහාරයට ගැනීම අවශ්‍යයි කියලා. එහෙත් ඒක මිථ්‍යාවක් විතරයි. ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාගන්න මස් මාංස ආහාරයට ගැනීමම අවශ්‍යම නැහැ.

අද සමාජයේ ස්ථුලතාව ලොකු ගැටලුවක් වෙලා තිබෙනවා. ශරීරයේ අනවශ්‍ය මේදය නැති කරලා නිරෝගිමත් ජීවිතයක් වෙනුවෙනුත් මස් මාංස ආහාර භාවිතය වැදගත්. අද තියෙන පිළිකාව, හෘද රෝග, දියවැඩියාව වැනි රෝග උත්සන්න වෙන්නත් මස් මාංස ආහාර භාවිතය හේතු වෙනවා.මේ අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.එල්. සෙනවීර මහතා ඇතුළු කාර්යාංශයේ අනෙකුත් නිලධාරීහු ද සහභාගි වූහ.

Gossip Lanka Hot News Previous News Archive