Password අමතක වන අයට ගිලින පෙත්තක් - Motorola's password in a pill

සුප්‍රසිද්ධ මෝටරෝලා සමාගම තාක්ෂණික විප්ලවයකට සූදානම් වේ. පාස් වර්ඩ් එහෙමත් නැත්නම් රහස් වචනය මේ වනවිට පරිගණකයට ඇතුළුවීම ඇතුළු තාක්ෂණික ක්‍රියාකාරකම් වලදී සුලභව භාවිතා කරයි. ගිලින පෙත්තක් මගින් මෙම රහස් වචනය ආමාශයට යවා ශරීරයෙන් පිටතට සංඥා එවීමේ ක්‍රමයක් පිළිබඳව මේ වනවිට සුප්‍රසිද්ධ මෝටරෝලා සමාගම පරීක්ෂණ කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එනම්, බොහෝ දෙනෙකුට තමාට අත්‍යවශ්‍ය මෙම රහස් වචන අමතක වන නිසා මෙසේ ගිලින පෙත්තක් මගින් එම වචන ශරීරය තුළට යැවීමට අදහස් කර තිබෙන අතර මෙම පෙත්ත තුළ ඇති තාක්ෂණික පද්ධතිය ආමාශයේ අම්ල මගින් නිරන්තර සක්‍රීය තත්ත්වයේ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෝටරෝලා සමාගම පවසා තිබෙන්නේ ඉදිරියේදී එළිදකින මෙම තාක්ෂණය තවමත් වෙළඳ පොළට මුදාහැර නොමැති බවයි.

Gossip Lanka Hot News Previous News Archive