නැවුම් කිරි සදහා දැවැන්ත ඉල්ලූමක්

දේශීය කිරි අවශ්‍යතාවයට වැඩිම දායකත්වයක් දරන මධ්‍යම පළාතෙහි, ගතවූ සති දෙක තුළ නැවුම් කිරි පරිභෝජනය සදහා විශාල ඉල්ලූමක් පැවති බව මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක කේ.කුලේවර්කුමාර් මහතා පවසයි.

විදේශයෙන් ආනයනය කරන කිරිපිටි පරිභෝජනය ජනතාව ප‍්‍රතික්ෂේප කිරීමත් සමග විශේෂයෙන් නගරාශ‍්‍රිත ජනතාව නැවුම් කිරි හා දේශීය දියර කිරි පරිභෝජනයට මෙන්ම දේශීය කිරිපිටි පරිභෝජනයටද හුරුවී ඇති බව අධ්‍යක්ෂකවරයා පවසා සිටී.නගරාශ‍්‍රිතව නැවුම් කිරි ඉල්ලූමට සරිලන ප‍්‍රමාණයට සැපයුමේ ගැටලූවක් පවතින බවත්,ඒ සදහා සත්ත්ව නිෂ්පාදන අමාත්‍යාංශය හරහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් හෙතෙම පවසයි.

මධ්‍යම පළාත තුළ දිනකට දියර කිරි ලීටර්,2,28,000 නිෂ්පාදනය කෙරෙන අතර,එය 2016 වසර වන විට කිරි ලීටර් ලක්ෂ 6 දක්වා වැඩි කිරීමේ ඉලක්කය කරා යන බවද ඒ මහතා පැවසීය.දැනට නිෂ්පාදනය කරන දියර කිරි සදහා වැඩි දායකත්වයක් දරනු ලබන්නේ අඹගමුව ප‍්‍රාදේශ‍්‍රීය ලේකම් කොට්ඨාශයේ කිරි ගොවීන් බවත් කේ.කුලේවර්කුමාර් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive