පිරිමින් මුහුදේ නාන්නේ බලාගෙනයි

ස්‌වීඩනයේ දකුණු දිග වෙරළේ සිට මුහුදට බසින්නේ නම් පිහිනුම් ඇඳුම් හැඳ එසේ කරනා ලෙස ස්‌වීඩන් රටේ පිරිමින් වෙත එහි වෙසෙන විශේෂඥයන් විසින් අවවාද කර ඇත. එයට හේතුව වී ඇත්තේ පිරිමින්ගේ අණ්‌ඩ කෝෂ පමණක්‌ විකන අමරිකන් ජාතික මත්ස්‍යයකු සිටින බව සොයාගෙන ඇති නිසාය.

මෙම අනතුරු හැඟවීමට හේතුවූ සෙන්ටිමීටර 21 ක්‌ දිගැති මෙම මත්ස්‍යයා සොයාගෙන ඇත්තේ ධීවරයකු විසිනි. ඇමේසන් ගංගාව පිහිටි ප්‍රදේශයේ මෙම මත්ස්‍යයා බහුලව දක්‌නට ලැබෙන අතර එම මත්ස්‍යයා පිරන්හා වර්ගයට අයත් බව හෙළිවී ඇත. ඔබ දියනෑමට මුහුදට බසිනවා නම් නොවරදවාම පිහිනුම් ඇඳුම පළඳින්න යෑයි ස්‌වීඩනයට යාබදව පිහිටි ඩෙන්මාක්‌හි ජාතික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයද අනතුරු හඟවා ඇත.

මිරිදියේද වාසය කරන මෙම මත්ස්‍යයා සෙන්ටිමීටර් 90 දක්‌වා වැඩෙන අතර කිලෝග්‍රෑම් 25 ක්‌ පමණ බරය. මෙම සතා පිරිමින්ගේ රහස්‌ ප්‍රදේශවලට ප්‍රහාර එල්ලකරනා බැවින් ඌ නම් තබා ඇත්තේ ball cutter හෙවත් "බෝල කපන්නා" යනුවෙනි.


මෙම මත්ස්‍යයන් බහුල ජලයේ උගේ ප්‍රහාරයට ලක්‌වී අණ්‌ඩකෝෂ අහිමිවිම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා අකල් මරණයට පත්වූ ධීවරයන් ගැනද වාර්තා වී ඇත. උගේ හකු දෙක තියුණු දත් දෙපෙලකින් යුක්‌තවීම මෙතරම් විපතක්‌ සිදුකිරීමට ඌට ප්‍රයෝජනවත් වී ඇත.

ඇමේසන් ගංගාවල මෙන්ම අමරිකාවේ ඔරිනෝකෝ බෑවුම්වලද නිව් ගිනියාවේද මෙම මත්ස්‍යයන් දක්‌නට ලැබෙන අතර මත්ස්‍ය ප්‍රමාණය වැඩි කිරීම සඳහා මොවුන් හඳුන්වාදි ඇත. එක්‌සත් රාජ්‍යයේදී 2006 වසරේදී මොවුන් සොයාගෙන ඇති අතර ටෙක්‌සාස්‌ පොකුණුවලද මොවුන් දක්‌නට ලැබී ඇත. පැකු නමින්ද හඳුන්වන මෙම මත්ස්‍යයකු ඇල්ලූ අයකුට ඩොලර් 100 ක දීමනාවක්‌ ගෙවා ඇති බව වාර්තාවේ.

නමුත් කෞතුකාගාරය සඳහන් කළේ යුරෝපයේ මුහුදේදී මෙම මත්ස්‍යයකු අල්ලා ගෙන ඇති ප්‍රථම අවස්‌ථාව මෙය බවය.

මෙම මත්ස්‍යයා මනුෂ්‍යයාට අනතුරුදායක නැත. නමුත් ඔහුගේ විකීම හෙවත් හැපීම ඉතාම බරපතළය. පැපුවා නිව්ගිනියා ආදි රටවල බොහෝ මිනිසුන්ගේ අණ්‌ඩකෝෂ මොවුන් විසින් කාදමා ඇතැයි ඩෙන්මාක්‌ කෞතුකාගාරයේ මත්ස්‍ය විශේෂඥයකු වූ හෙන්රික්‌ කාල් පැවැසීය.

"ඔවුන් විකන්නේ ඔවුන්ට බඩගිනි නිසාය. අණ්‌ඩ කෝෂ ඔවුන්ගේ මුඛයට කදිමට ගැලපේ" යයි පැවසූ ඔහු "උගේ කට එතරම් ලොකු නැහැ. ඒ නිසා උන් කන්නේ ගෙඩි, පලතුරු සහ කුඩා මාළු. නමුත් මනුෂ්‍ය අණ්‌ඩකෝෂ ඔවුන්ගේ ස්‌වාභාවික ඉලක්‌කය වී තිබෙනවා. ඔබගේ අණ්‌ඩකෝෂ කෑමට දිය යුතු නැහැ. සත්තකින්ම, නමුත් එය ස්‌වීඩනයේ දැනට වුණත් සිදුවෙන්න පුළුවන්" යෑයිද පැවැසීය.

මේ මත්ස්‍යාගේ හැඩහුරුකම උගේ ඥති සහෝදරයා වන පිරන්හා වගේ යෑයිද වැඩිදුරටත් පැවසූ ඔහු ඌව පිටතින් බැලුවිට පෙනෙන්නේ පිරන්හා වගේමයි. උන්ගේ දත් පමණක්‌ වෙනස්‌. පැතලි මෙන්ම ශක්‌තිමත්, ඕනෑම දෙයක්‌ තලා පෙලා පොඩි කරන්න ඒ දත් ඌට උපකාර වෙනවා" යයි ඔහු සඳහන් කළේය.

2012.08.12 දි අයිලන්ඩ්හි පළවූ Swedish men told to beware ot testicle - munching fish සොය නම්වූ ලිපියේ පරිවර්තනයයි.

එස්‌. කේ. ඡේ. කුරේරා

Gossip Lanka Hot News Previous News Archive