Dharmaraja - St Joseph Rugby Match Fight At Bogambara

Dharmaraja - St Joseph Rugby Match
ධර්මරාජ - ජෝසප් රගර් මැච් ගුටි කෙළිය නිසා දෙදෙනෙකු රෝහලේ - වීඩියෝ

පසුගිය සෙනසුරාදා මහනුවර බෝගම්බර පිටියේ පැවති ධර්මරාජ - ශාන්ත ජෝසප් දෙවිදුහල් අතර රගර් තරගය අතරතුර ගුටි බැට හුවමාරුවක් සිදුවීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අන්තර් පාසල් රග්බි ශූරතාවය වෙනුවෙන් පැවති මෙම තරගයේදී ධර්මරාජ තරගකරුවෙකු ශාන්ත ජෝසප් පිලේ තරගකරුවෙකුට මුලින්ම පහරදී ගැටුමක් ඇති කරගත් බවත් පසුව ඔහුට රතු කාඞ් නිකුත් කර පිටියෙන් නෙරපා දැමූ බවත් මුලින් වාර්තා වුණි.

පිටියෙන් නෙරපූ ක‍්‍රීඩකයා නැවත නැවත පිටියට පනිමින් අදාළ ගැටුම දුරදිග ගෙනයන්නට කටයුතු කළ බවත් පසුව මෙම ගැටුම පිටිය මැද තරගය නතර කරගෙන කෝලාහලයක් බවට පත් කරගත් බවත් සිද්ධිය දුටුවන් වාර්තා කර තිබේ.

මෙම ගැටුමට නරඹන්නන්ද එක්වූ බවත් පොලිසියට සිද්ධිය පාලනය කරගන්නට අපහසු තත්වයට පත්වූ බවත් වාර්තා විය.

මෙම ගැටුම නිසා තරගය අතරමග නතරවූ අතර තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇත.

සිද්ධියේ වීඩියෝව පහතින්

Gossip Lanka Hot News Previous News Archive