Three Drug Smugglers of Wele Suda arrested

Three Men Nabbed in Connection with Wele Suda
වෙලේ සුදා බන්ධනාගාරයේ සිටම වැඩ
ගෝලයන් තුන්දෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තරුණයින් 3 දෙනෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හොරොයින් සමග වැල්ලවත්ත ප්‍රදේශයේදී අද (22) අලූයම අත්අඩංගුවට ගැණුනා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් දැනට බන්ධනාගාර ගතකර සිටින වෙලේ සුදා සහ සුසේ නමැත්තාගේ ගෝලයින් බවයි පොලිසිය සදහන් කළේ.

ඔවුන් බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත මීට පෙර තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව ඊට සම්බන්ධ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ මෙහෙයුම දියත් කෙරුණු අතර මොවුන් අත්අඩංගුවට ගැණුනේ වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිට පිටතට පැමිණෙමින් සිටියදීයි.

සැකකරුවන් භාවිතයට ගත් නවීන පන්නයේ වාහන දෙකක් සහ රුපියල් ලක්ෂ 7 ක මුදලක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

24 හැවිරිදි වියේ පසුවන තරුණයින් වන මොවුන් වැල්ලවත්ත සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඉන් එක් අයෙකු මත්කුඩු ළග තබා ගැනීමේ චෝදනාවකට අධිකරණයෙන් ඇප ලබා සිටින අයෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.


Gossip Lanka Hot News Previous News Archive