UNP launches mobile app

UNP launches mobile app
එජාප ඇප් එක හඳුන්වා දෙයි
රට ඉදිරියට ගෙන යන එජාපය සමග එක්වන්න
අගමැති තරුණ තරුණියන්ගෙන් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂය මේ වසරේ සිය හැත්තෑ වැනි සංවත්සරය සමරමින් තරුණ තරුණියන් එක්සත් ජාතික පක්ෂයට දිනා ගැනිමේ අරමුණ පෙරදැරිව පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනිම සඳහා නව ඇප් එකක් හඳුන්වා දිම එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් සිරිකොත පක්ෂ මුලස්ථානයේදි ඊයේ (23) සිදු කෙරිණි.

‘ඉදිරියට යන්න හිතන අය ‍එන්න’ යන තේමාවෙන් හඳුන්වා දුන් මේ ඇප් එක මගින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන රුපියල් විස්සක මුදලකට විද්යුත් සාමාජික පත ලබා ගැනිමේ අවස්ථාව ද උදා‍වේ.

අගමැති වික්‍රමසිංහ මහතා අතින් නව ඇප් එක ආරම්භ වීමේන් පසු එය භාගත කිරීම මගින් නව සාමාජිකත්වය ලබා ගත් අයට විද්යුත් සාමාජික කාඩ් පත ලබා දිම අගමැතිවරයා අතින් සිදු කෙරිණි.

රට ඉදිරියට ගෙන යන එජාපය සමග අත්වැල් බැඳ ගැනීමට එක්වන ලෙසට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙරට තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කළේය.පක්ෂය සමග එක්ව එහි වගකීම භාර ගනිමින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළකට සහාය දක්වන ලෙසද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය සෑමවිටම ඉදිරියට ගිය පක්ෂයක් බවත් හිතන්න නොහැකි දේ ඉටු කරන පක්ෂයක් බවත් මෙහි දි අගමැති වික්‍රමසිංහ මහතා කීය.

මෙරට දේශපාලන පක්ෂයක් විසින් සාමාජිකයන් බඳවා ගැනිමට මෙවැනි ඇප් එකක් සහ විද්යුත් සාමාජික කාඩ් පතක් හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙය වේ.

ඉදිරියට යෑමට සිතන අය වෙනුවෙන් යු.එන්.පී. ඇප් එක නිර්මාණය කර ඇතැයිද අගමැතිවරයා කිය.

මේ ඇප් එක මගින් තමන්ගේ නමින් ගිණුමක් පවත්වාගෙන යා හැකි අතර ෆේස් බුක්, ට්විටර්, යූ ටියුබ්, ගූගල් වැනි සමාජ වෙබ් අඩවිවලට ඇතුළුවීමට හැකියාව ඇත. ගිණුමේ ආරක්ෂාව සහ හැසිර‍වීමේ පහසුව තහවුරු කර තිබේ. අන්තර්ජාලය හරහා (on line) ගෙවීමේ පහසුකම් සලසා තිබේ. මෙමගින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත් පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ ඝෘජු සම්බන්ධතා පවත්වා ගැනිමෙන් අදහස් හුවමාරු කර ගැනිම, යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරිම, චැට් කිරිම, හඬ පට සහ වීඩියෝ පට යැවිමටද අවස්ථාව උදා වේ. පක්ෂය සංවිධානය කරන සියලුම ක්‍රියාකාරකම් පිළිබඳ දිනපොතක් මෙන් ක්‍රියාකරමින් සාමාජිකයන්ගේ ගිණුමට ඒවා එක් කිරිමට ද හැකියාව ලැබෙන අතර ගැසට් ඇබෑර්තු දැන ගැනිමේ අවස්ථාවද ලැබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයාගේ සිට සියලුම වැති ඇමතිවරු‍න්ගේ කථා, ප්‍රකාශ පුවත් සහ පක්ෂයේ දැනුම් දීම් දක්වා ක්‍රියාකාරකම් සාමාජිකයන්ගේ ගිණුමට එසැණින් එක් කිරිමේ පහසුකම් මෙම ඇප් එක මගින් ලැබේ. පක්ෂය විසින් සිංවිධානය කරන විශේෂ ක්‍රියාකාරකම්වල සජිවි විකාශයන් නැරඹිම,වීඩියෝ සහ ජායාරූප ගැලරි වෙත පිවිසිමටද සාමාජිකයින්ට අවස්ථාව ලැබේ.

මෙමගින් ජනමත විචාරණ සහ පර්යේෂන පැවැත්විවද වෘත්තිය , වයස ආදි කාණ්ඩ වෙන්කර ගෙන පැවැත්වීමටද හැකියාව තිබේ. මෙමගින් වැදගත් තීරණයක් ගැනිමට පෙර සාමාජිකයින්ගේ අදහස් දැන ගැනිමේ අවස්ථාව උදා‍වේ.

සාමාජිකයන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යයන වාර්තා ලබා ගැනිමද සිදු කළ හැක. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් සහ ඇපල් ‍ෆොන් සඳහා වෙන වෙනමම ඇප් නිර්මාණය කර ඇති අතර www.unp.lk අවකාශය තුළින්ද සාමාජිකයින්ට සම්බන්ධ විය හැක. ගූගල් ප්ලේ වෙතින් ඇබ්ඩ්‍රොයිඩ් ෆොන් සඳහාත් ඇප් ස්ටෝ වෙතින් ඇපල් ෆෝන් සඳහාත් මේ ඇප් එක භාගත කර ගබඩා කර ගත හැක. 




Gossip Lanka Hot News Previous News Archive