UPFA MP Rohitha Admitted To ICU

Rohitha Abeygunawardena Admitted To ICU
මහේන්ද්‍රන් ගෙදර යවන්න ගිය රෝහිත අබේගුණවර්ධන දැඩිසත්කාර ඒකකයේ -වීඩියෝ

මහ බැංකු අධිපතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැලියකට එක්ව සිටි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන යකඩ බැරියරයකට හිරවී තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව පොලිසිය කියයි.


අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම බිම ඇද වැටීම නිසා රෝහල් ගත කළ බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි කියයි.

ලේක්හවුස් මංසන්දියේ සිට විරෝධතා පා ගමනින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස මුදල් අමාත්‍යාංශය දක්වා ගොස් උද්ඝෝෂණයක නිරත වුණි.

එහිදී ඇති වූ දැඩි තෙරපීමක් හේතුවෙන් මාර්ග බාධයක ගැටී ඇද වැටීමෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සහ ශ්‍රීයානි විජේවික්‍රම මන්ත්‍රීවරිය තුවාල ලබා ඇත.

මෙහිදී මන්ත්‍රීවරයා විසින් පොලිස් මාර්ග බාධකයක් පසුකර යෑමට උත්සහ කළ අවස්ථාවේදී මෙලෙස අනතුරකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ කොටුව-ලේක් හවුස් අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති බව වාර්තා වෙයි.

UPFA MP Rohitha Admitted To ICU
UPFA MP Rohitha Admitted To ICU

Gossip Lanka Hot News Previous News Archive