We never said Mahinda Rajapaksa is Corrupt

I never said Mahinda siphoned off money - Rajitha
ආණ්‌ඩුවේ වැඩ ගැන මටත් ප්‍රශ්න තිබෙනවා
මහින්ද හොරා කියලා මං කිව්වේ නෑ
- ඇමැති රාජිත සේනාරත්න

ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව තමාටද දැඩි ප්‍රශ්න පවතින බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

පසුගිය ආණ්‌ඩුව පරාජය කර මේ ආණ්‌ඩුව පිහිටුවනු ලැබුයේ පසුගිය වැරදිම නැවත කිරීමට නොවන බවද මේ ආණ්‌ඩුව සුවිශේෂී ආණ්‌ඩුවක්‌ බවට පත් කිරීමට බවද හෙතෙම කීය.
ආණ්‌ඩුව වෙනස්‌ වුවත් රජය වෙනස්‌ නොවී එලෙසම පැවැතිය යුතු නැති බවත් මේ වෙනස කරන්න බැරිනම් ආණ්‌ඩුවෙන් වැඩක්‌ නැති බවත් ඇමැතිවරයා පැවැසීය.

ආණ්‌ඩුව පත් කළ සිවිල් සංවිධාන සිටින මතයේ තමාද සිටින බවකී ඇමැතිවරයා ආණ්‌ඩුව නිවැරදි මාවතේ රැගෙන යැමට සියලු දෙනා දැඩි වෙහෙසක්‌ ගන්නා බවත් ඊයේ (22 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සේනාරත්න මහතා කීය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් සොරකම් කළ බවට මෙතෙක්‌ කිසිදු චෝදනාවක්‌ නැති බව ද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

එමෙන්ම තමා කිසිවිටකත් මුදල් සොරකම් පිළිබඳව පුද්ගලිකව හිටපු ජනපතිවරයාට චෝදනා එල්ල නොකළ බව ද කැබිනට්‌ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.එහෙත් තවත් රාජපක්‍ෂවරු සිටින බවත් ඔවුන්ට මේ චෝදනාව තිබෙන බවත් හෙතෙම පැවැසීය.

මේ නිසා හිටපු ජනාධිපතිවරයාට උගුර කපා ගැනීම ගැන කිව හැකි වුවත් අනිත් රාජපක්‍ෂවරුන්ට එහෙම ප්‍රකාශ කිව නොහැකි බව ද කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive