ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් 2018 ඔබේ ලග්නයට පලාපල

ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය පරාසර ක්‍රමයේම සුවිශේෂ කොටසක් වන නක්ෂත්‍රය සියුම් ලෙස උපස්ථානවලට බෙදා පලාපල කියනු ලබන ඉතාමත් සාර්ථක ක්‍රමයකි. පලාපල කථනයට අතිශයින් මහෝපකාරී වන මෙම ක්‍රමය ඉන්දියාවේ ක්‍රිෂ්ණ මූර්ති පඩිවරයා විසින් යාවත්කාලීන කළ සියුම් ක්‍රමවේදයක් වන අතර ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියට අනුව 2018 වසර ඔබේ ලග්නයට බලපාන ආකාරය පහත සඳහන් වේ.

මේෂ – පෙර පින පලදේ
මෙම වසර මේෂ ලග්නය හිමි ඔබට පෙර පින පල දෙන වසරකි. එහෙයින් ඔබගේ බොහෝ කටයුතු සාර්ථක වනු ඇත. සන්නිවේදන ක්ෂේත‍්‍රය හා හවුල් ව්‍යාපාර ජීවිතයේ දියුණුව ස`දහා බලපානු ඇත. අගෝස්තු මස අවසානය දක්වා සුබ ප‍්‍රතිඵල බහුල ලෙස ගෙන දේ.

ගෘහ ජීවිතය-
සිතෙහි යම් ගැටලූ සහගත තත්ත්වයක් ඇති කරයි. නිවසින් පිටත සිටින ඥති මිත‍්‍රාදීන් නැවත නිවසට පැමිණෙන කාලයකි. නීතිමය ගැටලූ සඳහා තම මුදල් වියදම් කිරීමට සිදුවේ. ඉඩම් මායිම් පිළිබඳ සැලකිලිමත් වීමට සිදුවේ. රහස් සතුරු කරදරවලට ලක්වීමට පුළුවන. ගෙදරෙදාර මංගල කටයුතු සඳහා මුදල් වියදම් වේ. අසල්වාසී පිරිස සමග සහයෝගයෙන් කටයුතු කිරීම සුබදායක වේ. නව නිවාස ඉදිකිිරීමට හා නිවාස අලූත්වැඩියාවට සුදුසු කාලයකි.
ධනය-
ධනය සම්බන්ධ කටයුතුවලදී හවුල් ව්‍යාපාර ආදියෙන් වාසි ගෙන දේ. නමුත් ලැබීම් අපේක්‍ෂාවන් ප‍්‍රමාදවීමට හේතු ගෙන දේ. වසර අග අනවශ්‍ය මුදල් හානි ගෙන දේ. දියර වර්ග, රසායන ද්‍රව්‍යවලින් ආදායම් ලබන අයට සුබදායක වේ.
අධ්‍යාපනය-
උත්සාහයේ තරමට ප‍්‍රතිඵල ගෙන නොදෙන වර්ෂයකි. නමුත් ප‍්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන අයට සුබඵල හිමිවනු ඇත. විදේශ අධ්‍යාපන කටයුතු සඳහා යොමුවීමට සුබ කාලයකි. කුසල ශක්තීන් වර්ධනය සඳහා යොමුවීම සුබයි. පශ්චාත් උපාධි සඳහා යොමුවන අයට සුබ කාලයකි.
රැුකියාව-
පිට ප‍්‍රදේශවල රැුකියාවල නියුතු අයට නව නිවසේ සිට රැුකියාවට යාමට අවස්ථා උදාකරයි. ස්වයං රැුකියාවල නියුතු අයට දියුණුව ලැබේ. රහස් සතුරු කරදරවලට ලක්වීම නිසා සිත් තැවුල් හටගනී. වසර අග වෙනස්වීම් ඇතිවේ.
සෞඛ්‍යය-
හිස, උගුර, යටිබඩ හා එ් ආශ‍්‍රිිත කොටස්වල ආබාධයන්් ගෙන දේ. සෙම් රෝග බහුල වසරකි. හිස සහ උගුර පිිළිබඳ සැලකිලිමත් විය යුතුය.

වෘෂභ – උත්සාහය අවශ්‍යයි
ඔබට මෙම වසර මිශ‍්‍රඵල ගෙනදෙන බව ප‍්‍රකාශ කළ හැකිය. නමුත් ඔබේ බලාපොරොත්තු ඉටුවීමේදී බාධා ගෙන දීමට හේතු කාරණා යෙදේ. නිවාස, දේපළ මිලදී ගැනීමට, නව නිවාස ඉදිකිරීම් ඇරඹීමට සුබදායී වසරකි. හිතේ ශක්තිය දුර්වල වීමට හේතුවේ. නමුත් උත්සාහය අත්නොහැර කටයුතු කිරීම සුබදායීවේ.

ගෘහ ජීවිතය-
උපන් ගමෙන් පිටවීමට කරුණු යෙදේ. විදේශ ගමන් සඳහා සුබදායී වසරකි. බලාපොරොත්තු වැඩිවේ. විවාහ මංගල කටයුතු සඳහා වියදම් යෙදේ. පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක බවට පත් වේ. දරුවන්ගේ ජයග‍්‍රහණ පිළිබඳ සතුටු වීමට පුළුවන. වන්දනා ගමන් ස`දහා වියදම් දැරීමට සිදු වේ. තම උත්සාහය මත ජයග‍්‍රහණ ලැබීමට වාසනාව ඇත.
ධනය-
ඉඩකඩම් පිළිබ`ද කටයුතුවලින් ආදායම් ලබන අයට වාසි සහගතය. භූමි ලාභ සහිත වසරකි. රහස් ආදායම් මාර්ගවලින් ආදායම් සොයන අයගේ ආදායම් සාර්ථක වේ. ආර්ථිකය සුරක්ෂිතය. වගා කටයුතුවලින් ධනය ලබන අයගේ ධනය වර්ධනය වේ.
අධ්‍යාපනය-
ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන අයට බලාපොරොත්තු ප‍්‍රතිඵල ලබා ගැනීමට අමාරු වේ. උසස් අධ්‍යාපනය ලබන අයට කලකිරීම් ඇති වේ. උත්සාහයේ තරමට අධ්‍යාපනය ප‍්‍රතිඵල නොලැබේ. බුධ දශා ගතකරන අයගේ අධ්‍යාපනය ජයග‍්‍රහණ සහිතය.
රැුකියාව-
රැුකියා ස්ථානයේ වෙනස්වීම් සිදු වේ. ස්ථාන මාරු, නව තත්ත්වයේ වෙනස්වීම් සිදුවන වසරකි. සන්නිවේදන ක්ෂේත‍්‍රයේ රැුකියා නියුතු අයට සුබපලදායකය. නව ව්‍යාපාර ආරම්භයට ද සුබ වසරකි. ඉහළ ප‍්‍රධානීන්ගේ ප‍්‍රශංසාවට ලක්වන වසරකි.
සෞඛ්‍යය-
රහස් ප‍්‍රදේශ ආශ‍්‍රිතව සම සම්බන්ධ රෝග, කකුල් ආශ‍්‍රිත ආබාධවලට ලක් වේ. පිළිකා ආශ‍්‍රිත රෝග පිළිබ`ද ගැටලූ ඇති අය ප‍්‍රවේසම් වීම සුබයි.

මිථුන – සුබ ප‍්‍රතිඵල බහුලයි
මිථුන ලග්නයෙන් උපන් ඔබට මෙම වසර රැුකියාව සම්බන්ධ දියුණුව, දරුවන්ට ජයග‍්‍රහණ ගෙන දෙන සුබ ප‍්‍රතිඵල බහුල වසරක් බවට පත්වනු ඇත. උසස් අයගේ ගෞරවයට ලක්වේ. සමාජ ඇගැයීම ඉහළ යන වසරකි.

ගෘහ ජීවිතය-
තමන්ගේ නිවසේ උත්සව කටයුතු සදහා මුදල් වියදම් කිරීමට අවස්ථාව ලැබෙන අතර පවුලේ අය අතර සමගිය වර්ධනය වේ. මෙම ලග්න හිමියන්ගේ උත්සාහය නිසා තම ජීවිතයේ උසස් තත්ත්වයන් ළඟා කර ගත හැකි වසරකි. සිතුවිලි යහපත් කරන අතර නිතර සතුට ජීවිතයට ගෙන දෙන වසරකි. තම එක් කුස උපන් සහෝදර සහෝදරියන්ටද සුබපල ගෙන දේ. තම ජීවත්වන පරිසරය තුළ ප‍්‍රශංසාවට භාජන වේ.
ධනය-
ධනය සම්බන්ධ කටයුතුවලදී ප‍්‍රවේසමෙන් කටයුතු කිරීම සුබදායක වේ. කෙසේ නමුත් මෙම වසරේ තම ධනය වැඩි කොටසක් වැය කිරීමට අවශ්‍ය කටයුතු තමා විසින්ම සකසා ගන්නවා ඇත. සිකුරු මහ දශා අතුරු දශා ගත කරන අයට හවුල් ව්‍යාපාරවලින් ධන ලාභ ඇත. විසිතුරු භාණ්ඩ අලෙවි කරන අයගේ ධන මාර්ග ඉහළ යනු ඇත.
අධ්‍යාපනය-
අධ්‍යාපන කටයුතු සදහා මෙම වසරේ උනන්දුව අඩු කරන කාරණා ඇති වීමට පුළුවන. නමුත් ප‍්‍රාථමික අධ්‍යාපනය සිදු කරන අයට සුබදායක වේ. නීතිය පිළිබඳ අධ්‍යාපන කටයුතු සිදුකරන අයට සුබපල සහිතය. වෘත්තීය කුසලතා වර්ධනය සඳහා උසස් අධ්‍යාපනයේ නියුතු අයට ජයග‍්‍රහණ හිමිය.
රැුකියාව-
රැුකියාව සම්බන්ධ උසස් පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන අයට මෙම වසර ප‍්‍රතිඵල දායකය. නව රැුකියා අවස්ථා ලබා ගැනීමට සුබ වසරකි. සඳු ගුරු දශා ගෙවන ජන්මීන්ට සන්නිවේදන ක්ෂේත‍්‍රය සම්බන්ධ රැුකියාවන්ගේ සුබපල ඇත. විදේශ රැුකියා ලාභ ඇති වේ.
සෞඛ්‍යය-
මෙම වසරේ ඔබට පැවැති සෞඛ්‍ය ගැටලූ ස`දහා සුදුසු ප‍්‍රතිකාර ලබා ගැනීමට සුබ වසරකි. කල් පැවතුණ රෝගාබාධ වුවද මෙම වසරේ දී සුව අතට පත් වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ.

කටක – මිශ‍්‍රපලදායකයි
කටක ලග්නයෙන් උපන් ඔබට නව වසර මිශ‍්‍රඵල ගෙන දේ. බලාපොරොත්තු සඵල කර ගැනීම ස`දහා කරන උත්සාහයන්ට නිසි ඇගයීමක් නොලැබී යාමට ඉඩ ඇත. සිතේ සතුට නිතර අඩු කරයි. ඇවිදිලි අධික වසරක් වීමට ඉඩ ඇත. විදෙස්ගත අයට සුබදායකය. මානසික එ්කාග‍්‍රතාව අඩුය.

ගෘහ ජීවිතය-
නව ඉඩකඩම් මිලදී ගැනීමට ලැබෙන වසරකි. පාරම්පරික දේපළ උරුමයන් ලැබීමට වාසනාව සහිතය. නිතර සතුට සහිතව ගෘහ ජීවිතය ගෙවීමට වාසනාව ලැබේ. තම දුවා දරුවන් නිසා ප‍්‍රසිද්ධියට පත් වේ. එම අයගේ ජයග‍්‍රහණයන් නිසා ඔබ තුළ සතුට නිතර පවතී. පේ‍්‍රම සබ`දතා තහවුරු වේ.
ධනය-
ධනය සම්බන්ධ කටයුතුවලින් පාඩු ලැබීමට ඉඩකඩ ඇත. රාහු දශා අතුරු දශා ගෙවන අයට මෙම වර්ෂයේ ධනය සම්බන්ධ කටයුතුවලදී ප‍්‍රවේසම් වීම නුවණට හුරුය. ණය ගනුදෙනුවලදී අපහසුතාවලට ලක්වීමට පුළුවන. මෙම වසරේ තම තැන්පත් ධනය වියදම් කිරීමේ දී ප‍්‍රවේසම් වීම සුබයි.
අධ්‍යාපනය-
ප‍්‍රාථමික අධ්‍යාපන කටයුතු සිදුකරන අය තරග විභාගවලින් ජය ලබති. වසර මුල කාලයට වඩා අග කාලය අධ්‍යාපනයට සුබ වේ. සංගීතය වැනි අංශවල අධ්‍යාපනය ලබන අයට ප‍්‍රතිඵල ගෙන දේ.
රැුකියාව-
හවුල් ව්‍යාපාරවල යෙදෙන අය බුද්ධිමත් වීම යහපත් වේ. ඒවායින් පාඩු ලැබීම සිදුවිය හැක. රැුකියා ස්ථානය වෙනස්වීම අභූත චෝදනාවලට පත් වීමට ඉඩ ඇත. රැුකියා පිළිබ`ද සිත් තැවුල් ඇති වේ. වසර අග කාලය තුළ බලාපොරොත්තු ස්ථාන මාරු ලැබේ.
සෞඛ්‍යය- ආමාංශගත ආබාධවලින් පීඩා වි`දින අයට අයහපත් වසරකි. ආහාර මාර්ගය, යටිබඩ ආශි‍්‍රත සැත්කම් සිදු කිරීමට ඉඩ ඇත. නිතර හිස සම්බන්ධ ගැටලූ ඇති වේ.

සිංහ – බලාපොරොත්තු ඉටුවේ
නව වසර සිංහ ලග්නයෙන් උපන් ඔබට ජයග‍්‍රහණ ලබන බලාපොරොත්තු ඉටුවන වසරකි. තමන්ගේ ආත්ම ශක්තිය වර්ධනය වන අතර අනාගත අභිවෘද්ධියන්ට අවශ්‍ය කටයුතු යොදා ගන්නා නව වසරකි. තමන් අත තබන ඕනෑම කටයුත්තක් එම අපේක්ෂාව ඉටු කර ගැනීමට මග පාදනු ලබන වසරකි.

ගෘහ ජීවිතය-
තම කුටුම්භයට නව ඥාතීන් එකතු වන වසරකි. නව නිවාස ඉදි කිරීමට සිටි අයට සුබදායක වේ.
ගෘහ ජීවිතයේ සිදු කරන සියලූ කටයුතු සාර්ථක වේ. කිසිම දිනක නොලබන ලද ප‍්‍රබෝධයකින් සිංහ ලග්න හිමි ඔබට මෙම වසරේ කටයුතු මෙහෙය වීමට පුළුවනි. පවුලට නව දරු උපත් බලාපොරොත්තු විය හැකි කාලයකි.
අඹු සැමි සමගිය ගොඩනැගේ. සතුට ප‍්‍රීතිය නිතර සිත්වල ගොඩනැගේ.
ධනය-
ආදායම් මාර්ග විවර වන වර්ෂයකි. තම තැන්පත් ධනය වැඩි කර ගැනීමට සුදුසු කාලයකි. එම ධනය ස්ථාවර දේපළ ස`දහා ආයෝජනය කිරීම නුවණට හුරු ක‍්‍රියාවකි. විදේශ ආදායම් ලබන අයගේ අතමිට සරු වේ. ජලය ආශ‍්‍රිත කර්මාන්ත සහ ජලයෙන් ආදායම් ලබන අයට යහපත් වසරකි.
අධ්‍යාපනය-
අධ්‍යාපනය පිළිබද කටයුතුවලදී තම අපේක්ෂා දුර්වල කරන වසරකි. කලාව සම්බන්ධ අධ්‍යාපන කටයුතු සිදු කරන අයට සුබදායක වේ. රාහු ශනි දශා ගෙවන අයට අධ්‍යාපනය සඳහා බාධා ගෙනදිය හැකිය. සිදුකරනු ලබන අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණියද එම කටයුතු බි`ද නොවැටේ.
රැුකියාව-
නව රැුකියා ආදායම් ලබන වසරකි. රැුකියාවන්ගේ දියුණුව ඉහළට යයි. කාලයක් තිස්සේ තිබුණ බාධා ඉවත්ව වේගයෙන් ඉහළට ගමන් කිරීමට හැකිය. විදේශ පුහුණුවට වැනි දේ ස`දහා යොමු වීමට ඉඩ ඇත. නාවුක කටයුතු ඉංජීනේරු කටයුතුවල නිරත අයට සුබයි.

සෞඛ්‍යය- පපුව, හෘදය සම්බන්ධ ගැටලූ පැන නැගීමට පුළුවන. නමුත් සියලූ රෝග සුව වීමට අවශ්‍ය ප‍්‍රතිකාර ගත යුතු වසරකි. මෙම වසරේ ඔබේ පැවැති රෝග සුව වීමට හේතු යෙදේ.

කන්‍යා – මානසික ශක්තිය වර්ධනය වේ
නව වසර ඔබට විදේශ ආදායම් මාර්ග නව බලාපොරොත්තු ඉටුකර දෙයි. මෙතෙක් පැවැති අපල තත්ත්ව සමනය වී නව බලාපොරොත්තු සහිතව ගමනක් යාමට සුබ කාලයකි. පවුලේ සහෝදර සහෝදරියන්ගෙන් ජීවිතයට අතහිත ලැබෙන කාලයකි. පියපස දේපළ උරුම වන කාලයක් වන අතර ඔබගේ මානසික ශක්තිය වැඩි වන අතර ඕනෑම ගැටලූවකට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ලැබේ.

ගෘහ ජීවිතය-
පදිංචි ප‍්‍රදේශයෙන් පිට පළාත්වලට යාමට අවශ්‍ය කාරණා යෙදේ. බොහෝදුරට විදේශ ගමන් සදහා බලාපොරොත්තු ඇති අයට එම බලාපොරොත්තු සඵල වේ. නව යාන වාහන මිලදී ගැනීමට පුළුවන. අඹු සැමියන් ටික කලකට වෙන්වී සිටීමට පුළුවන. එය නීතියෙන් සිදුවන වෙන් වීම් නොවන අතර යම් වැඩ කටයුතු නිසා සිදු වේ. නව අපේක්ෂාවන් ඉටුවන වසරකි. සිතට අවිවේකී බව ගෙන දේ. නමුත් එම සියල්ලට යහපත් ලෙස මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබේ.
ධනය-
තම වියදමට අවශ්‍ය මිල මුදල් කෙසේ හෝ සොයාගැනීමට පුළුවන් නමුත් මුදල් ගනුදෙනුවලදී ප‍්‍රවේශම් වීම නුවණට හුරුය. ධනය සම්බන්ධ රැුවටීම්වලට ලක්වීමට පුළුවන. ණය මුදල් නොගැනීම ද මෙම වසරේ ඔබට සුබදායී වේ.
අධ්‍යාපනය-
අධ්‍යාපනය ලබන අයට සුබ වසරකි. විදෙස් අධ්‍යාපන අවස්ථා සැලසේ. අධ්‍යාපනික උනන්දුව වැඩි වන කාලයකි. රසායන විද්‍යාව වැනි ක්‍ෂේත‍්‍රවල අය නව සොයාගැනීම් සිදු කරනවා ඇත. කිවි බුද දශා අතුරු දශා ගෙවන අයට සුබදායකය.
රැුකියාව-
විදේශ රැුකියා බලාපොරොත්තු ඉටු වන වසරකි. රැුකියා ස්ථානවල පිළිගැනීම් වැඩි වේ. ජයග‍්‍රහණ සහිත වසරකි. රසායන ද්‍රව්‍ය වෙළෙදාම් කරන අයගේ ආදායම් මාර්ග සරල වේ. හවුල් ව්‍යාපාරවලට අශුභය.
සෞඛ්‍යය-
වාත අමාරු නිසා වේදනා වි`දීමට සිදු වේ. සැත්කම්වලට ලක්වීමට ඉඩ ඇතිවේ. හදිසි අනතුරු සහිත කාලයකි.

තුලා – ක්‍ෂණික තීරණවලින් ගැටලූ
නව වසර තුලා ලග්න හිමි ඔබට දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරගෙන යාමට හැකි වසරකි. නමුත් එක තැනක සිරවී කටයුතු කිරීමට සිදුවන අතර ක්ෂණික තීරණ නිසා ගැටලූ ඇති වේ. වචන භාවිතයේදී ප‍්‍රවේසම් විය යුතුය. නව බලාපොරොත්තු ප‍්‍රථම වරටම ඉටුවීම සිදු නොවනු ඇත. අන් අයගේ උපකාර බලාපොරොත්තුව කටයුතු නොකරන්න. මිශ‍්‍රඵල සහිත වසරකි.

ගෘහ ජීවිතය-
යුග දිවියේ සතුට සාමය පවතී. නව දරු උපත් බලාපොරොත්තු වන අයට සුබදායකය. විවාහ වීමට සුදුසු වයසේ අයට මංගල යෝග සහිතයි .අන්සතු දේපළවල ලාභ ලැබිය හැක. පවුලේ සහයෝගය එකිනෙකාට ලබාදෙන වසරකි. තව පවුලේ කටයුතු සදහා වෙනදාට වැඩි කැපකිරීම් සිදු කිරීම සිදු වේ. පවුලේ අයගේ බලාපොරොත්තු ඉටුකිරීම සදහා තව කාලය වැය වේ.
ධනය-
නිවාස අලූත්වැඩියාව සදහා තව ධනය වියදම් වේ. තම ධනය වර්ධනය කර ගැනීම සදහා තමාටම කැපකිරීම් සිදු කිරීමට සිදුවේ. ආර්ථික අරමුණු ළඟාකර ගැනීමට අපහසු කාලයක් වේ. ණය මුදල් බලාපොරොත්තු වේ නම් ලැබීම ප‍්‍රමාද වේ.
අධ්‍යාපනය-
උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබපල ගෙන දේ. කුඩා ළමෝ අධ්‍යාපන කටයුතු ස`දහා අලස බව පෙන්වති.
කේතු සහ ස`දු දශා කාල ගෙවන අයට අධ්‍යයන කටයුතු ස`දහා සුබපල ගෙන දේ. උසස් විභාගවලට පෙනී සිටින අයට ජයග‍්‍රහණය සහිතය.
රැුකියාව-
රැුකියා අහිමි වීම සම්බන්ධ ගැටලූ ඇති විය හැකිය. අභූත චෝදනාවලට ලක්විය හැකිය. නීතියෙන් පිට කටයුතුවල නියැළීමට සිදු වේ. එම නිසා ප‍්‍රවේසම් වන්න. සිත කලකිරීමට ලක්වේ. රැුකියා ස්ථානය තුළ තම තත්ත්වය පහත වැටීමට ඉඩ ඇත.
සෞඛ්‍යය-
හිස සම්බන්ධ ආබාධ නිතර හටගනී. මානසික පීඩනයන්ට ලක් වී ප‍්‍රතිකාර ගැනීමට සිදු විය හැකිය. රහස් ප‍්‍රදේශ ආශ‍්‍රිත රෝගාබාධ ඇතිවිය හැක. සම සම්බන්ධ රෝග ද බහුල කාලයකි.

වෘශ්චික – අභියෝග ජයගනී
නව වසර වෘශ්වික ලග්නයෙන් උපන් ඔබට ජයග‍්‍රහණ සහිතය. තම උත්සාහයෙන් කටයුතු කළ යුතු අතර ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ දියුණුව සමග අධ්‍යාපන ජයග‍්‍රහණ ලබන වසරකි. වේගයෙන් වැඩ කිරීමට සිත පෙලඹේ. ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශක්තිය ලැබේ. නව ආදායම් මාර්ග විවර වන හවුල් ව්‍යාපාරවලට සුබදායක වසරකි.

ගෘහ ජීවිතය-
නව නිවාස ඉදිකිරීමට සුබදායක කාලයකි. තම පවුලේ දියුණුවට හේතු වන කාරණා යෙදේ. පවුලේ සාමාජීක සංඛ්‍යාව වැඩි වේ. තම තීරණ ක‍්‍රියාත්මක කිරීමට යාමේදී ගැටුම් ගොඩනැගීමට පුළුවන. භූමි ලාභ සහිතය. විදේශ ගතව සිටින අයගේ දියුණුවට මාර්ග සැලසේ. තම නිවසේ සතුට ඉතිරී යන අතර අලූත් ගෘහ භාණ්ඩ හෝ උපකරණ මිලදී ගැනීමට කටයුතු යෙදේ. තම කීර්තිය පැතිරෙන කාලයකි. භූමිය සංවර්ධනයට මුදලක් වැය කිරීමට සිදු වේ.
ධනය-
නව ආදායම් මාර්ග විවර වන කාලයකි. ස`දු, රාහු දශා ගත කරන අයගේ ධනය වර්ධනය වීමට අවශ්‍ය කටයුතු යෙදේ. ණය මුදල් ලබාදීමේදී ප‍්‍රවේසම් වන්න. කලක් තිස්සේ නොලැබෙන මුදලක් ලැබීමට හේතු වේ. භූමියෙන් ලබන ආදායම් මාර්ග වැඩි දියුණු වේ.
අධ්‍යාපනය-
උසස් අධ්‍යාපන කටයුතුවල නිියුතු අයට නව අධ්‍යාපනික අවස්්ථා ලබන කාලයකි. නව විෂය ක්ෂේත‍්‍ර පිළිබඳ අධ්‍යාපනය සඳහා යොමුවේ. ප‍්‍රතිඵලදායක ලෙස අධ්‍යාපන කටයුතු නිම කිරීමට ලැබෙන වසරකි. ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට අලස බව වැඩිකරන කාලයකි. රාහු, බුධ දසා ගෙවන අයට සුබදායක වේ.
රැුකියාව-
නව ව්‍යාපාර ඇරඹීමට සුබදායක කාලයකි. තමාගේම ව්‍යාපාරවලින් ලාභ ලැබීමට හැකි කාලයකි. නව රැුකියා ස්ථානයේ සහයෝගය ලැබිය හැකි කාලයකි. මෙතරම් කාලයක් තිබූ රැුකියා බාධා ඉවත් වේ. නව රැුකියා අවස්ථාවන්ට යොමු වීමට ඉඩ ඇත. වෘත්තිකයන්ට යහපත් වසරකි. රජය සම්බන්ධ රැුකියාවන්හි නිරත අයට අපවාදයන්ට ලක්විය හැකිය.
සෞඛ්‍යය-
සෙම් රෝග බහුල කාලයකි. උරහිස, පාද, සම සම්බන්ධ කොටස්වල ආබාධ ගෙන දේ. මූත‍්‍රා ආබාධ ගෙන දීමට ඉඩ ඇති වසරකි. වස විස ශරීර ගත වීමට පුළුවනි.

ධනු – නව ආදායම් මාර්ග
ධනු ලග්න හිමි ඔබට මෙම වසරේ නව රැුකියා අවස්ථා හිමි වනු ඇත. තම තත්ත්වය ඉහළ යයි. මනස සැහැල්ලූ වේ. පසුගිය වසර කිහිපය තුළ තිබූ කනස්සල්ල හිතෙන් ඉවත් වී නව ප‍්‍රබෝධයකින් නව කටයුතු කරගෙන යාමට අවස්ථාව සැලසේ. බාධා පැමිණියද එම බාධා පසෙකලා නව ගමන යාමට අවස්ථාව සැලසෙන කාලයකි.

ගෘහ ජීවිතය-
ප‍්‍රබෝධමත් කාලයකි. නමුත් සතුරු කරදර ඇතිවීමට හේතු යෙදේ. තම පවුලේ අයම තමාට විරුද්ධවාදීකම් සිදුකරනු ඇත. ගෘහ ජීවිතය ගැන කලකිරීමට පත් වේ. ගිහිගෙය හැරදමා යාමට සිත් වේ. නඩු කටයුතු සදහා හෝ නීතිමය ගැටලූ ස`දහා තම තැන්පත් ධනය වියදම් කිරීමට ඉඩ ඇත. අන් අයගේ සුව පහසුව සදහා තම කාලය යෙදවීමට සිදු වේ. පේ‍්‍රම සම්බන්ධතාවල නියුතු අයට බාධා ගෙන දේ. නමුත් නැවත ගොඩනගා ගැනීමට පුළුවන. ගෘහ ජීවිතයේ සාමකාමී බව අඩු කරයි.
ධනය-
නව ආදායම් මාර්ග සරු වේ. නමුත් ආදායමට වඩා වියදම් යෙදීමට ඉඩ ඇත. පොත්පත්, රසායන ද්‍රව්‍ය අලෙවිය සිදු කිරීම තුළින් ආදායම් ලැබීමට ශුභයි. තැන්පත් ධනය වියදමට හේතු යෙදේ. ණය වීමට ද සිදුවිය හැක. වසර අග කාලය ආර්ථික පසුබෑම් ඇති වේ.
අධ්‍යාපනය-
විද්‍යා අංශයෙන් අධ්‍යාපන කටයුතුවල නියත අයට ජයග‍්‍රහණ සහිතය. විදෙස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබන කාලයකි. තම අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගැනීමේදී අන් අයගේ සහයෝගය වෙනදාට වඩා ලබයි. තමාගේ දැනුම සඳහා විශේෂ ඇගයීම් ලබන වසරකි.
රැුකියාව-
විදේශ ගතවන අයට සුබඵල සහිතයි. විදේශ රැුකියා බලාපොරොත්තු ප‍්‍රමාද වුවද වසර මැද වනවිට ඉටුවේ. ස්ථාන මාරු බලාපොරොත්තු වූ අයගේ අවස්ථාව ප‍්‍රමාද වේ. රැුකියා ගැන කලකිරීමට හේතු යෙදේ. ශුක‍්‍ර මහ දශා ගත කරන අයට ප‍්‍රතිඵල ගෙනදේ.
සෞඛ්‍යය-
ලේ ¥ෂ්‍ය වීම නිසා හටගන්නා රෝග, බෝ වන රෝගවලට ගොදුරු වීමට ඉඩකඩ වැඩිය. දියවැඩියා තත්ත්ව වැඩිවීමට ඉඩ ඇත. වකුගඩු, අක්මා, යටිපතුල් ආශ‍්‍රිතව රෝග ඇති වේ.

මකර – ණය බර වැඩිවේ
මකර ලග්නයෙන් උපන් ඔබට නව වසරේ ඔබේ මංගල සිහින සැබෑ වනු ඇත. අනවශ්‍ය වියදම් ද බහුලව යෙදෙන අතර ණයබර වැඩි කරගන්නා වසරකි. සිතේ හටගන්නා සැකය නිසා එකිනෙකා අතර ගැටලූ පැන නගින කාලයකි. සිත නිරවුල් නොවීම නිසා මානසික අසහනයෙන් යුතුව කාලය ගෙවන්න සිදු වේ. නමුත් කාලයක් අතපසු වුණු වැඩ කටයුතු රාශියක් ඉටුකර ගැනීමට වාසනාව ගෙන දෙන වසරකි.

ගෘහ ජීවිතය-
පවුලට නව සාමාජීකයන් එකතු වන කාලයකි. නව අපේක්ෂා ඉටු වේ. ජයග‍්‍රහණ සහිත කාලයකි. නව නිවාස ඉදි කිරීමට සිත් දේ. නීතිමය ගැටලූ විසඳේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. ප‍්‍රබෝධමත් නව ජීවන ගමන් මාර්ග පටන් ගැනීමට පුළුවන. ගේ දොර ඉඩකඩම් වෙනස් වීමට ඉඩ ඇත. ¥ දරුවන්ගේ දියුණුව දැක සතුටු වීමට පුළුවන. ආගමික භක්තිය අඩු වේ. පොදු වැඩවලින් දුරස්වීමට සිදු වේ. අනවශ්‍ය මුදල් වියදම් යෙදීමට පුළුවන. වගා කටයුතුවල නියුතු අයට හො`ද කාලයකි. තම උනන්දුව ඉහළ යා යුතු කාලයකි.
ධනය-
නව ආදායම් මාර්ග සදහා යොමු වේ. නව මූල්‍ය තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන යාමට වෙහෙසවන කාලයකි. ණය බර වැඩිවන කාලයකි. අපේක්ෂිත ආර්ථික අරමුණු කරා යාමට අමාරුය. නීතිමය කටයුතුවල නියුතු අයගේ ආදායම් මාර්ග වැඩි දියුණු වේ.
අධ්‍යාපනය-
නව අධ්‍යාපනික අවස්ථා සහිත වසරකි. ළමුන්ට අධ්‍යාපන ජයග‍්‍රහණ සහිත කාලයකි. කේතු කුජ මහ දශා අතුරු දශා ගෙවන අයට අධ්‍යයන මාර්ග සදහා ශිෂ්‍යයත්ව හිමි වේ.
රැුකියාව-
රැුකියා වෙනස්වීම් සහිතය ස්ථානයේ ගැටලූ නිසා සිත්තැවුල් වැඩිවන කාලයකි. විදෙස් ගතවීමට බලාපොරොත්තු අයගේ රැුකියා බලාපොරොත්තු ඉටු වේ. තමාට නොගැළපෙන වෘත්තීන්වල නියැළීමට ද සිදුවන කාලයකි. රැුකියාව පිළිබඳ කලකිරීම් ඇතිවිය හැක.
සෞඛ්‍යය-
කල් පැවතුණු රෝගාබාධ සුවවන කාලයකි. රෝහල් ගතවීම් සහිත නමුත් ඉක්මණින් සුව වේ රුධිරය සම්බන්ධ රෝග ඇති වේ.

කුම්භ – ධනය වර්ධනය වේ
කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම වසර මිශ‍්‍ර ඵල ලැබෙන වසරකි. ජය පරාජයන් සහිතය. නව ආදායම් මාර්ග කරා යොමු වේ. මානසික සහනය අඩු කරවයි. තමන් අපේක්ෂා කර සිටින ප‍්‍රධාන කාරණා කීපයක් සිදු වන සුබඵල සහිත වසරකි.

ගෘහ ජීවිතය-
ගෙදරදොර කටයුතුවලට වෙනදාට වැඩියෙන් කැපකිරීම් කිරීමට සිදු වේ. දරුවන්ගේ කටයුතු ස`දහා තම කාලය වැඩි ප‍්‍රමාණයක් වෙන් කිරීමට සිදු වේ. පුණ්‍ය කාලය ස`දහා තම කාලය යොමුවන අතර උත්සව අවස්ථාවලට සහභාගී වීම් නව ඥාතී මිත‍්‍ර සම්බන්ධතා ගොඩනැගීම් සිදු වේ. ගේදොර අලංකාරය ස`දහා වැඩි අවධානයක් යොමුවන අතර සමාජයේ වැඩිපුර කතාබහට ලක්වන චරිතයක් බවට මෙම වසර තුළ පත්වේ. තම කීර්තිනාමය වැඩි දියුණු වන වසරකි.
ධනය-
පෙර පින පහළ වන කාලයකි. මෙම කාලයේ නව ධනය ඉපැයීම් මාර්ග වර්ධනය වේ. තමන්ගේම ව්‍යාපාර කටයුතුවල නිරත අයට ධනය අතින් ඉහළ යා හැකිය. ආයෝජන අවස්ථාවල නියුතු වූවන්ට ආදායම් වැඩි වේ.
අධ්‍යාපනය-
ගෘහ නිර්මාණ ක්‍ෂේත‍්‍රය ආශ‍්‍රිත අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ අධ්‍යාපනය වැඩි දියුණු වේ. උසස් පාඨමාලා ස`දහා ශිෂ්‍යත්ව බලාපොරොත්තු වීම ඉටු වේ. විදෙස් ගත අධ්‍යාපනය ලබන අයට සුබඵල සහිතයි.
රැුකියාව-
පතල් ආශ‍්‍රිතව කර්මාන්තවල නියුතු අයට ප‍්‍රතිඵල වැඩිය. ගුරු වෘත්තිය වැනි රැුකියාවල නියුතු අයට උසස්වීම් සහිතය. රාජ්‍ය අංශයේ රැුකියා බලාපොරොත්තු වන අයගේ අපේක්ෂා ඉටු වේ. රසායනාගාර සේවාවල නියුතු අයට රැුකියා දියුණුව ඇති වේ.
සෞඛ්‍යය-
යටි බඩ ආශ‍්‍රිත ශල්‍යකර්මවලට ලක්වීමට පුළුවන. ආහාර දිරවීම සම්බන්ධ ගැටලූ ඇති වේ. උගුර දිව ආශ‍්‍රිත ආබාධ ගෙන දීමට පුළුවන. සන්ධි රෝග බහුල ලෙස මතු වීමට ඉඩකඩ වැඩි වේ.

මීන – වැදගත් තීරණ ගනී
මෙම වසර මීන ලග්න ඔබට තම පුණ්‍ය ශක්තිය නිසා සියලූ කටයුතු සාර්ථක වන වසරකි. සතුට වසර පුරාවටම ර`දා පවතී. තමාගේ වෘත්තිමය දියුණුවට අදාළ සියලූ ජයග‍්‍රහණයන් ලැබීමට පින පාදා දෙන වසරකි. තම අනාගතය ගැන වැදගත් තීරණයක් ගැනීමට ලැබෙන කාලයකි. අනාගත සහකරු හෝ සහකාරිය මිතුරන් මාර්ගයෙන් හදුනා ගැනීමට ලැබිය හැක.
ගෘහ ජීවිතය-
නව ජීවිතයේ සතුට සොයා එන වසරකි. පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක වේ. නිවසේ මංගල උත්සව සදහා වියදම් දැරීමට සිදු වේ. වසර පුරාම ජීවිතයේ නැවුම් බලාපොරොත්තු මල්ඵල ගැන්වී සිය පවුලේ දියුණුව පිළිබ`ද නිතර සිතයි. යානවාහන මිලදී ගැනීමට සිතන අයට එම අදහස් සඵල කර ගැනීමට පුළුවන. ආගමික කටයුතුවලට වැඩි වේලාවක් වෙන් කිරීමට සිදු වේ. කාර්යබහුලත්වය වැඩි වේ. තමන් ඇසුරු කරන අයගෙන් ප‍්‍රවේසම් විය යුතුය. විදේශගත අය සඳහා එරට දේපළ මිලදී ගැනීමට සුබ කාලයකි.
ධනය-
තමාගේ උත්සාහයෙන් ධනය උපයන මාර්ග ගොඩනගා ගැනීමට සිදු වේ. නමුත් ආර්ථික වශයෙන් ස්ථාවර වේ. කොටස් ගනුදෙනු කරන අයගේ ආදායම් ඉහළ යයි. නව ආයෝජන අවස්ථාවලට මං විවර වේ.
අධ්‍යාපනය-
අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ නැවුම් බලාපොරොත්තු ගොඩනැගේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ බලාපොරොත්තු ප‍්‍රතිඵල නොලැබී යාමට පුළුවන. සඳු දශා ගෙවන අයට අධ්‍යාපන ජයග‍්‍රහණ සහිත වසරකි.
රැකියාව-
හවුල් ව්‍යාපාර කටයුතු සදහා මෙම වසර යෝග්‍ය වේ. නිමි ඇ`දුම් කර්මාන්තයේ සහ ධීවර කර්මාන්තයේ නියුතු මීන ලග්න හිමියන්ට සුබපල ගෙන දේ. නාවුක කටයුතුවල නිරත වන්නන්ගේ රැුකියා උද්‍යෝගය වැඩිවේ. ඉහළ නිලධාරීන්ගේ ප‍්‍රශංසාවට ලක්වන කාලයකි.
සෞඛ්‍යය-
මොළය, අක්මාව ආශ‍්‍රිත රෝග ඇති වේ. නමුත් මෙම වසරේ ඔබට සෑදෙන රෝග නිට්ටාවටම සුව වීමට වාසනාව ඇත. රෝග පීඩා අඩු වසරකි.

පිලාන, වංචාවල අමල් සුරවීර

Gossip Lanka Hot News Previous News Archive