මහේන්ද්‍රන් ඇවිත් නෑ: දැන් මොකද කරන්නේ?

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම...සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට අධිකරණයෙන් නියෝග කර තිබුණද එහි අවසාන දිනය වූ ඊයේ (15දා) දින වනවිටත් ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ නැත.
අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දින 13ක කාලයක් අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියත් ඊයේ පස්වරුව වනවිටත් ඔහු ඒ සඳහා නොපැමිණි බව පොලිසිය සඳහන් කරයි.

කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඉකුත් 02 වැනිදා මෙම නියෝගය නිකුත් කර තිබිණි.
ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිකරණ නියෝග කඩ කරමින් ප්‍රකාශයන් ලබාදීම සඳහා නොපැමිණීම සම්බන්ධයෙන් ඉදිරියේදී කොටුව මහෙස්ත්‍රාත්වරිය වෙත කරුණු ඉදිරිපත් කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive