නව ඇමතිවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.එම නව අමාත්‍යවරු පිරිස අතරට කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුලත්.

කැබිනට් අමාත්‍යවරු


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා – නීතිය හා සාමය පිළිබද අමාත්‍ය

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

කබීර් හෂීම් මහතා – උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය

සාගල රත්නායක මහතා – තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය

රවින්ද්‍ර සමරවීර මහතා – තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

පියසේන ගමගේ මහතා – තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අජිත් පී. පෙරේරා මහතා – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍ය

හර්ෂ ද සිල්වා මහතා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

ජේ.සී. අලවතුවල මහතා – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය


මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ඉදිරියේදී ප්‍රතිසංවිධානයකට ලක් කරමින් වඩාත් සුදුසු ආයතන යටතට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

සන්ධාන ඇමති සංශෝධනය සති දෙකකින්
එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදුකිරීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් ද ඉදිරියේ දී සිදුකරන බව ජනාධිපතිවරයා පවසා සිටියේය.

රටේ ජනතාවගෙන් ලැබී ඇති පණිවිඩය අනුව රජයේ කටයුතුවල අවශ්‍ය වෙනස්කම් සහ නිවැරදි කිරීම් සිදු කරමින් රටත්, ජනතාවත් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු ඉදිරි වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive