දික්කසාද වූ නිළිය නදී සැමියාට එරෙහිව නඩු මගට

බැන්දාම නිළි රස්සාවෙන්
ඉවත් කළ නිසා
නැතිවුණ ආදායම අයකරදෙන්න
දික්කසාද වූ නිළිය නදී සැමියාට එරෙහිව නඩු මගට
තමන් සමග විවාහවී සිටි සැමියා තවත් විවාහයක් සිදු කරගෙන සිටි අයෙකු බව පවසමින් පසුගියදා දික්කසාදය ලබාගත් ටෙලි නාට්‍ය නිළි නදීකා චන්ද්‍රසේකර එම සැමියාට එරෙහිව නැවත නඩුවක් පවරමින් කියා ඇත්තේ තමා කසාද බැන්ද පසු චිත්‍රපටවල රඟපෑමට සැමියා විරුද්ධවූ බවත් එම බලපෑම් බාධා කිරීම් නිසා තමාගේ වෘත්තීය කටයුතු අඩාල වීමෙන් ආදායම අහිමිවූ බවත්ය. මේ හේතුවෙන් අදාල කාලය තුළ තමන්ට රැකියාවක් කළේ නම් ලැබෙන්නට තිබුණ ආදායම කෝටිපති ව්‍යාපාරිකයෙකු වන සැමියාගෙන් අයකරදෙන ලෙසත්ය.

ඇගේ හිටපු සැමියා වන පානදුර ප්‍රදේශයේ පදිංචි යසන්ත සමරවීර නමැති අය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී පැමිණිලිකාර ටෙලිනාට්‍ය රංගන ශිල්පිනිය ඔහුගේ දේශීය හා විදේශීය ව්‍යාපාර ඇතුළු දේපළ වත්කම් සනාථ කළ හැකි ලේඛන පිටපත් ගණනාවක්‌ සිය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට බාර දුන්හ.ඇය අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ තමා දිර්ඝ කාලයක්‌ තිස්‌සේම 'රයිගම්' හා 'සුමති' ඇතුළු කලා සංවිධාන කිහිපයකදීම හොඳම ටෙලි නාට්‍ය ශිල්පිනිය වශයෙන් උපහාර සම්මාන හිමිකර ගෙන ඇති බවයි.

වගඋත්තරකරු දැනට තමාගෙන් වෙන් වී වෙනත් කාන්තාවක්‌ සමඟ විවාහ වී සිටින බවත්, කලකට පෙර හුදකලා ජීවිතයක්‌ ගත කිරිමට සිදු වූ බවත් මේ නිසා තමා අන්ත අසරණ තත්ත්වයට මුහුණ පා සිටින බවත් ඇය වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් පැවසුවාය.

වගඋත්තරකරු සතුව දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාර ගණනාවක්‌ පවත්වාගෙන යන බවත් පැවසූ ඇය ඒ අතර තමාගේ නමින් කරගෙන යන වෙළෙඳ ආයතනයක්‌ ද තිබෙන බවත් හෙළි කළාය. නිතර නිතර විදේශ සංචාරවල යෙදෙන වගඋත්තරකරු මාසිකව විශාල ආදායමක්‌ ලබන කෝටිපති ව්‍යාපාරිකයකු බව ද පැවසූ පැමිණිලිකාරිය ඔහුගෙන් නඩත්තු මුදලක්‌ ලබා දෙන ලෙසට අධිකරණයෙන් අයැද සිටියාය.

ඇය වන්දි මුදල් ඉල්ලා කඩුවෙල අධිකරණය හමුවේ පවරා තිබූ නඩත්තු නඩුව විභාගයට ගත් මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා වැඩිදුර විභාගය ලබන අප්‍රේල් 05 දිනට කල් තබමින් දෙපාර්ශ්වයටම එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

Gossip Lanka Hot News Previous News Archive