Gossip Chat with Piumi Hansamali

ෆීල්ඩ් එකේ හුඟක් අය මට ඉරිසියයි
කසාද බැඳලා ළමයෙක් හිටියට, අද ජීවිතේ තනි වුණාට, මට තාම අවුරුදු විසි පහයි
රඟපාන්න ඉන්දියාවට යන පියුමි මෙතෙක් නොකී කතා දැන් කියයි

පියුමි කවදා විතර අලුත් වැඩේට ඉන්දියාවට යාවිද?
මුලින් ඒ අය මට කියලා තිබුණේ මාර්තු මාසේ දහතුන හෝ පහළොව ඉන්දියාවට යන්න ලැබෙනවා කියලා. ඊට පස්සේ ඒ අය කතා කරලා කිව්වා මාර්තු මාසේ දාහත්වැනිදා ඉන්දියාවට යන්න ලැබෙනවා කියලා. ඉතින් බොහෝ වෙලාවට මම මේ අලුත් වැඩේට මාර්තු මාසේ දාහත්වැනිදා ලංකාවෙන් ඉන්දියාවට යාවි.

ලංකාවේ බොහෝ නිළියන්ට නොලැබෙන අවස්ථාවක් පියුමි හංසමාලිට ලැබුණා. මොකද හිතෙන්නේ?
මට හිතෙන්නේ ඒක තමයි මගේ වාසනාව. මට හිතෙන්නේ අපි ජීවිතේ තව කෙනෙක් ඉදිරියට යනවට සතුටු වෙනවනම් ඊට වඩා ජයග්‍රහණයක් තවත් නැහැ. මට පුළුවන් තව කෙනෙක්ගේ සතුටක් දිහා බලලා ජීවිතේ සතුටු වෙන්න. මම කවදාවත් කිසිම කෙනෙක්ට ලැබෙන්න තිබුණ චාන්ස් නැති කරලවත් තව කෙනෙක්ට කවදාවත් වල කපලවත් නැහැ. මම ආසයි තව කෙනෙක් ඉදිරියට යනවට. හැබැයි මේ ෆීල්ඩ් එකේදී මට ඉරිසියා කරන අය වැඩියි. ඉතින් ඒ බොහෝ දෙනෙක්ට පියුමි හංසමාලි රඟපාන්නේ නැතිව එයාට  කොහොමද මේ චාන්ස් එක ලැබුණෙ කියන ප්‍රශ්නෙ තිබුණා.

ඇත්තටම කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
ඒක ලැබුණේ මගේ ඉන්ස්ටග්‍රෑම් එකයි Facebook එකයි නිසයි. ඒ අය ඒවා බලලා තිබුණා. මට ගොඩක් likes වැටෙනවා. Instagram එකේ ගොඩක් followersලා වැටෙනවා. ගොඩක්ම followersලා ඉන්නේ මටයි. ඒ හින්දමයි ඒ අය මාව මේකට තෝරගත්තේ. මේ චිත්‍රපටයේ නිෂ්පාදිකාව ඩීනාට  ඒ වගේම අධ්‍යක්ෂක අනිල් කුමාර්ටයි මාව සම්බන්ධ කරගන්න ලොකු ඕනකමක් තිබිලා තියෙනවා. හැබැයි කිසිම විදිහකින් සම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. කොහොමහරි අවසානයේදී ඒ අය මට කතා කළා.

ඉන්දියාවෙන් චිත්‍රපටයකට ආරාධනා ලැබෙද්දී මොකද හිතුණේ?
ඒ අය මුලින්ම දුරකථයෙන් කතා කළා. මුලින් මට කතා කරද්දී ඇත්තටම මට හිතුණේ ඒක බොරුවක්; කවුරුහරි විහළුවට කරන වැඩක් කියලා. හැබැයි ලේඩි කෙනෙක් කතා කරද්දී මම ඒක පස්සේ ඇත්තක් කියලා හිතුවා. ඉතින් එහෙම කතා කරගෙන ගියා. හිතාගන්නවත් බැරි විදිහට අවසානයේදී මට මේ අවස්ථාව ලැබුණා.

මේ නිර්මාණයට අප රටේ ප්‍රවීණ සිනමාවේදියෙක් වන ජැක්සන් ඇන්තනීත් සහභාගී වෙනවා?
ඔව්. ඒ චිත්‍රපටයේ තේමාව වන්නේ වයසින් වැඩි සැමියකු එක්ක ලස්සන විවාහ ජීවිතයක් ගත කරන ඉතාමත් අහිංසක චරිතයක්. ඒ චරිතය තමයි මම රඟපාන්නේ. ඉතින් ඇත්තටම ජැක්සන් ඇන්තනී වගේ ශ්‍රේෂ්ඨයෙක් එක්ක රඟපාන්න ලැබීමත් මගේ ලොකු වාසනාවක්. මට ඩීනා තමයි කිව්වේ පියුමි ඔයත් එක්ක මේ චරිතයට අපි තෝරාගෙන තියෙන්නේ ජැක්සන් ඇන්තනී මහත්මයායි කියලා. ඉතින් මට ඒ වෙලාවේ දැනුණ සතුට වචනවලින් කියන්න අදටත් බැහැ. පියුමි හංසමාලී කියන්නේ මොඩ්ල් කෙනෙක්. ඉතින් ඇත්තටම මේ වගේ නිර්මාණයක් ලැබීමත් මගේ වාසනාව. ඊට කළින් මම ජැක්සන් ඇන්තනී මහත්මයා මුණගැහිලා තිබුණේ නැහැ. මීට පෙර චිත්‍රපටයේ යම් යම් දේ ගැන කතා කරන්න අපිට ඉන්දියාවට යන්න අවස්ථාව ලැබුණා. එහිදී එයාර්පෝට් එකේදී තමයි මම මුලින්ම ජැක්සන් ඇන්තනී මහත්මයාව මුණගැහුණේ. ඒ තමයි මගේ ජීවිතේ පළවෙනි වතාවට ඔහු හා මුණගැහුණු දවස. එදා එතුමා කිව්ව දෙයක් තමයි නිර්මාණයේදී උපරිමයෙන් සපෝට් එක මට දෙනවා කියලයි. ඔහු ඇත්තටම හරිම නිහතමානී කෙනෙක්.

පියුමි හංසමාලිට මේ අවස්ථාව ලැබෙද්දී ලැබුණු ප්‍රතිචාර මොන වගේද?
ප්‍රතිචාරවලින් මට කවදාවත් අඩුවක් වුණේ නැහැ. මම food city ගියත්, පුතත් එක්ක සෙල්ලම් කරන්න ගියත් ඒ හැම තැනකදීම මිනිස්සු මාත් එක්ක කතා කරනවා. Selfie ගන්න කතා කරනවා. සමහරු ෆේස් බුක් එකෙන් මට බණිනවනේ. මටනම් හිතෙන්නේ ඒ බොහෝමයක් ඒවා අපේ ෆීල්ඩ් එකේම අය බොරැ ඒවා හදාගෙන මට බණිනවා කියලයි. එහෙම නැතිව මගේ රසික රසිකාවියන්නම් මට හරිම ආදරෙයි. මඟතොටේදී ලැබෙන ප්‍රතිචාරවලින්නම් කිසිම අඩුවක් නැහැ.

ඒ කියන්නේ පියුමි කියන්නේ මේ හැමදෙයක්ම කරන්නේ ඔයාගේ ෆීල්ඩ් එකේ අය කියලද?
මෙහෙමනේ...... ෆීල්ඩ් එකේ නළුවන් නිළියන් කිසිම කෙනෙක් මට මුණගැහෙන්නේ නැහැ. කලා ක්ෂේත්‍රයේ අය මුණගැහෙන උත්සවවලට සම්මාන උළෙලවල්වලට මම යන්නේ නැහැ. මට ආරාධනා ලැබුණත් මම ඒවට ගියේ නෑ. ඒ නිසා මට නිතරම මුණගැහෙන්නේ මොඩ්ල්ස්ලා. ඉතින් ඒ අයගෙන්නම් මට ගොඩක් අය විෂ් කළා. හැබැයි ඉතින් මේ ෆීල්ඩ්වල ඉන්න සමහරු මගේ කකුල් දෙනෙක් අල්ලලා පහළට ඇදපු අයත් හිටියා.

පියුමි හංසමාලි කියන්නේ මුහුණු පොත හරහා බොහෝ මඩ ප්‍රහාරවලට ලක්වුණු කෙනෙක්?
ඔව්..... පියුමි හංසමාලිට මඩ ප්‍රහාර ලැබෙන්නේ පියුමි හංසමාලි අඳින විදිහටයි. නැතිව මම ගැන ලෝකයා දන්නේ නැහැ. මිනිස්සු මම අඳින විදිහෙන් මම ගැන හිතනවාට මාව මනිනවාට මට අදාළ වෙන්නේ නැහැ. මම ඒ මඩ ගණන් ගන්නේ නැහැ. එහෙම මට මඩ ගහපු ඒවා මම ගණන් ගත්තානම් මම අද ගෙදරට වෙලා ඔහේ අඬ අඬා ඉන්න චරිතයක් වේවි. මම හිත හයිය ගැහැනියක්. මම ගැන මම දන්නවා. උඩ දෙවියෝ දන්නවා. ලංකාවේදී මට ලැබුණ බොහෝ අවස්ථා ගොඩක් නිළියෝ අධ්‍යක්ෂකවරුන්ට, නිෂ්පාදකවරුන්ට එක එක දේවල් කියලා මගේ තැන කපලා ඒ අය ඒ තැන ගත්තා. හැබැයි ඉන්දියාවෙන් මට ලැබුණු මේ අවස්ථාව කපන්න තියා හිතන්නවත‍් ඒ නිළියන්ට බැහැ.

ඔය ශක්තිමත් ගැහැනිය මේ සිදුවීම් එක්ක හඬා වැළපිලා නැද්ද?
අනන්තවත් තියෙනවා. මගේ ජීවිතේ තියෙන ලොකුම බැඳීම වගේම ලොකුම ශක්තිය වන්නේ මගේ පුතායි. දැන් එයාට වයස අවුරුදු අටයි. මම අද ජීවත් වෙන්නේ මගේ අම්මයි, මගේ පුතයි එක්ක. මේ මිනිස්සු මට මඩ ගහන විදිහට පුතා නැත්නම් මම මැරිලා ගොඩක් කල්. ඒ තරමට මට ප්‍රශ්න ආවා. මට බොහෝ දෙනෙක් නොයෙකුත් අපවාද කළා. ඒ හැම ප්‍රශ්නයකදීම මම ලෝකයා ඉදිරියේ හිනා වෙලා හිටියා. හැබැයි ඒ හැමවෙලේම මම ගෙදර ඇවිත් ඇඬුවා. ඒ අඬද්දී මගේ පුතා මගේ කඳුළු පිහ දැම්මේ.. අම්මී අඬන්න එපා... ඔයාට මම ඉන්නවනේ. කියලා මම දුර්වල වෙන හැම මොහොතේදීට මට පුතාගේ එක හිනාවකින් සතුට ගේනවා.

ජීවිතේ හැම දුකක්, සතුටක්ම පියුමි බෙදාගන්නේ පුතා එක්කමද?
ඔව්....... මගේ ලොකු දුකවල් මම මගේ අම්මටවත් පෙන්නලා නෑ. මගේ අම්මා හරිම සංවේදී කෙනෙක්. පොඩි දුකක්වත් අම්මාට ඉවසන්න බැහැ. ඒ නිසා මගේ අම්මා අඬනවා දකින්න ආස නැහැ. මගේ කාමරයට වැඩිපුරම එන්නෙ පුතායි. ඉතින් මම කාමරේ අඬ අඬා ඉඳලා පුතා එද්දී කඳුළු පිහිදගෙන එයා එක්ක හිනා වුණත් එයා දන්නවා මම ඉන්නේ දුකෙන් කියලා. මම දුකින් ඉදිද්දී එයා බොරු දේවල් කියලා මාව හිනාගස්සවනවා. මාව සතුටු කරන්න එයා ටග්ගාලා එක එක දේවල් කරලා සතුටු කරවනවා. ඇත්තටම ඒ දරුවට එයාගේ අම්මගේ දුක තේරෙනවා. හැමෝම මට අපහාස කළත් මගේ පුතා එයාගේ අම්මා කවුද කියලා දන්නවා. මට ඒ ඇති.

ඇත්ත කියන්න. පියුමි දැන් ආදරය කරන පෙම්වතියක් නේද?
මෙහෙමෙනේ. පෙම්වතියක් නෙවෙයි කිව්වොත් ඒක බොරුවක්. කසාද බැඳලා ළමයෙක් හිටියට, අද ජීවිතේ තනි වුණාට, මට තාම අවුරුදු විසි පහයි. ආදරේ කියන දේ තාමත් මට දැනෙනවා. මම ආදරේ හොඳට වින්දා. ආදරෙන් හොඳට දුක් වින්දා. හැබැයි අද මම ආදරේ එපා කියන තැනයි ඉන්නේ. ඒ තරමටම මම ආදරේ නිසා අවු.3ක් දුක් වින්ඳ ගැහැනියක්. මම තනිවම සැලෝන් එකකුත් දාගෙන පාඩුවේ ජීවත් වෙන්න තරම් හිතෙනවා. අද මට ආදරේ ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්.

ඉන්දියාවේ නිර්මාණය පියුමිට භාෂාව ප්‍රශ්නයක් වුණේ නැද්ද?
නැහැ. තවම මම කිසිම භාෂාවක් නිර්මාණය වෙනුවෙන් කියලා ඉගෙනගෙන නැහැ. මට තේරෙන්නේ මගේ භාෂාව විතරයි. මේ ෆිල්ම් එක භාෂා හතරකින් ප්‍රදර්ශනය වෙනවලු. ඒ ෆිල්ම් එක කරලා ඉවරවෙලා අවුරුද්දකින් විතර ලංකාවේත් පෙන්වන්න ඒ අය හිතාගෙන ඉන්නවා.

මේ නිර්මාණය පියුමිට අභියෝගයක් නේද?
ඔව්... ඇත්තටම. මම එහෙම ලොකුට රඟපාලා නෑ. මම ප්‍රධාන චරිතයකට රඟපාපු වස්සානේ සඳ කියන චිත්‍රපටය බොහෝවිට මැයි මාසයේ තිරගත වේවි. ඒක අධ්‍යක්ෂණය කළේ උදයකාන්න වර්ණකුලසූරිය මහතායි. ඉතින් මේ ඉන්දියන් චිත්‍රපටය මට ලොකු අභියෝගයක්. මට මේ ෆීල්ඩ් එකේ මිතුරෝ වගේම හතුරොත් ඉන්නවා.  ඒ අතරින් සමහරු පියුමිට ඉන්දියාවේ ෆිල්ම් එකක් ලැබුණා. ඒත් පියුමි රඟපාන්න දන්නේ නැහැනේ.. කියලා අහලා තිබුණා. කට්ටිය එක එක තැන්වලදී මට බණින ඒවා මම දන්නවා. ඒ දේවල් පවා මම විඳදරාගෙන ඉන්නවා. ඒත්... කවුරු මාව වට්ටන්න හැදුවත් මාව කාටවත් වට්ටන්න බැහැ.

ඔහොම හැමෝම බණිද්දී පියුමිව විවේචනය කරද්දී මේ හැම දෙයක්ම අතහැරලා දාන්න තරම් හිතෙන්නේ නැද්ද? වෙනස් වෙන්න හිතෙන්නේ නැද්ද?
මිනිස්සු ගහන මඩවලට මගේ හිතේ කලකිරීමක් කවදාවත් කොහෙත්ම ඇති වෙලා නෑ. හැබැයි ජීවිතේ වැටෙනවානම් වැටෙන එකම තැන ආදරේදි විතරමයි. එතනදී විතරයි මට බැරි වෙන්නේ. මිනිස්සු කොච්චර මට මඩ ගැහුවත්, කවුරුත් මොනවා කිව්වත් මම දන්නවානම් මගේ ගෙදර අය දන්නවානම් මට ඒ ඇති. ආදරේදී මම වැටෙද්දී ආයේ ඒ දුක නම් දරාගන්න හරි අමාරුයි. ඒක තමයි මගේ දුර්වල තැන වෙන්නේ. ඒ හැර මට මගේ ජීවිතේ වෙනසක් කරන්න ඕන වෙන්නේ නැහැ.

මුහණු පොතේ එකදිගට ෆොටෝ ගන්න තරම් පියුමිට කාලය එහෙම තියෙනවද?
ඔව්.. ඔව්... එකදිගට ගෙදර හැමවෙලේම නිවාඩු පාඩුවේ පුතාත් එක්කයි ඉන්නේ. උයන පිහින හැම දෙයක්ම කරන්නේ අම්මා. ඇත්තටම මගේ අම්මා ගෙදර වැඩක්වත් කරන්න දෙන්නේ නැහැ. මම හරිම ආස දෙයක් තමයි පුතා එක්ක ඇවිද ඇවිද ෆොටෝ ගන්න එක. මට යාළුවෝ ඉන්නවා. අපි එළියට යනවා. අවිදිනවා. විනෝද වෙනවා. නිදහස් ජීවිතේට මම කැමතියි.

එහෙම නිදහසේ අවිඳපු අවස්ථාවකදී නේද පියුමිට ඔමරිලතා වෙන්න අවස්ථාව ලැබුණේ?
ඔව්නේ... එදා අපි කට්ටිය එළියට ගිහින් පාන්දර එද්දී තමයි එක්තරා හෝටලයකදී දුෂ්‍යන්තත් ඇවිත් හිටියා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම දුෂ්‍යන්ත්ගේ රසිකාවියක්. මම එයාට  හරි කැමතියි. ඒ නිසා මම දුෂ්‍යන්ත් එක්ක ෆොටෝ එකක් ගත්තා. හැබැයි ඒ වෙද්දී දුෂ්‍යන්ත් මම කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් අපි දෙන්නා ගත්තු ඒ ෆොටෝ එක එයා එයාගේ FB එකේ දාලා තිබුණා. ඒකට එක එක්කෙනා දුෂ්‍යන්ත්ට බැණලා තිබුණා. එතකොට තමයි දුෂ්‍යන්ත් මම ගැන හොයලා මාව ඔමරිලතාට තෝරගත්තේ. මගේ ජීවිතේ අනිත් පැත්තට පෙරළපු මියුසික් වීඩියෝව තමයි ඔමරිලතා කියන්නේ. ඒකට දුෂ්‍යන්ත්ටයි, එයාගේ ගර්ල් ස්ටෙෆනිටයි ස්තූති කරන්න ඕනේ.

පියුමි මොනවද තියෙන බලාපොරොත්තු?
මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව මාස කිහිපයකින් සැලෝන් එකක් දාන්නයි. ඒ වෙනුවෙන් තැන් දෙකක්ම ප්ලෑන් කරගෙන තියෙන්නේ. මගේ රඟපාන්න එහෙම ලොකු ආසාවක් නැහැ. ලැබුණොත් බාරගන්නවා ඇරෙන්න ටෙලිඩ්‍රාමා ගොඩක් බර අරගෙන, ෆිල්ම්ස් ගොඩක් බාර අරගෙන තරුවක් වෙන්න මට ඕනේ නැහැ. මට ජනප්‍රිය වෙන්න එහෙම කිසිම ආසාවක් නැහැ.

ඇත්තටම පියුමි හංසමාලි කියන්නේ කවුද?
පියුමි හංසමාලි කියන්නේ බොරු නිළිකමක් ඔළුව උඩ තියාගෙන, මම ජනප්‍රියයි කියලා දඟලන කෙනෙක් නෙවෙයි. පොළවේ පය ගහලා ජීවත් වෙන තමන්ගේ පාඩුවේ ඉන්න ගැහැනියක්. මම ගෙදරට මවක්. හැබැයි මම මගේ යාළුවෝ එක්ක ගියාම මම විනෝද වෙනවා. අම්මා කෙනෙක් කියලා මට ෆැෂන් කරන්න එපා කියලා තහනමක් නැහැනේ. මට තවම අවුරුදු විසි පහයි. මේ කාලේ මම උපරිමයෙන් ෆැෂන් කරනවා. අවුරුදු තිහක් ගියාට පස්සේ කොට ෂෝටක් ඇඳලා පොඩි ස්කිනියක් ඇඳලා මගේ පුතාත් එක්ක පාරේ යන්න බැහැ. එතකොට හරියට නාකි විසේ ගෙටත් උසේ වගෙයි. ඉතින් මේ කාලේට මට ඒ ෆැෂන් කරන්න පුළුවන්. ඉතින් මේ කාලේදී මම මගේ ජීවිතේ විඳිනවා.

Gossip Lanka Hot News Previous News Archive