''හරි දුකයි මෙහෙම වෙනකොට.'' - ඉරාජ් වීරරත්න


දේශපාලන හා සංගීත පෙරලියක් ඇති කළ ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි නිවසට ඊයේ (10) දින යම්කිසි පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එම නිවස අවට හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබු නමුත් 50කට අධික පිරිසක් විසින් අදාළ පහරදීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් අනතුරුව නිවසට තරමක අලාභාහනි සිදුවී ඇත.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව ඉරාජ් විසින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරන ලද අතර එහිදී ඔහු දැඩි කම්පනයකින් සහ සංවේදීව අදහස් ප්‍රකාශ කළේය.එහිදී ප්‍රහාරය එල්ල වූ නිවාස තම මවගේ නිවස බව ඔහු සඳහන් කර තිබේ.

ඉරාජ් වීරරත්න පැවති රජයට දැඩි පක්ෂපාතිත්වයකින් යුතුව කටයුතු කරමින් ගෝඨාගෝගම අරගලයට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචන එල්ල කරනු ලැබිය.

Gossip Lanka Hot News Previous News Archive