තංගල්ල රාජපක්ෂ පිළිරුවට හානි කරයි


තංගල්ල නගරයට එක්වූ විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (10දා) එහි පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට හානි සිදු කළහ. තංගල්ල, මහවෙල පාරේ කාල්ටන් නිවසට යාබදව ස්ථාපිත කර තිබූ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව විරෝධතාකරුවන් විසින් මෙලෙස කඩා බිම දමා තිබේ. ඊට අමතරව රාජපක්ෂවරුන්ට අයත් බව කියන තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයකටද විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශ කර තිබේ. තංගල්ල නගරයේ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරිමට පොලිසිය කටයුතු කළ අතර, ඊයේ රාත්‍රී වනවිටද තැනින් තැන විවිධ සිදුවීම් වාර්තා වෙමින් තිබිණි.

Gossip Lanka Hot News Previous News Archive