රටම ගිණිතබා මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වේ


අද උදේ අරලියගහ මන්දිරයේ සිට රාජපක්ෂ මැරයන් යොදවා සාමකාමී විරෝධතාවලට පහරදීමෙන් පසුව රට පුරා ඇති වූ විරෝධතා හමුවේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යොමු කර තිබේ.
දිගින් දිගටම ඒල්ල වූ විරෝධතා හමුවේ ඔහුට ඉල්ලා අස්වන ලෙසට බලකෙරුණු අතර, ජනාධිපතිවරයා ද කිහිප අවස්තාවකදී ඔහුට ඉල්ලා අස්වෙන ලෙස පවසා තිබුණි.

අවසානයේදි ඔහු අද දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිතව සිටිය ද, අරලියගහ මන්දිරයට පොහොට්ටුවේ පාක්ෂිකයින් ගෙන්වා

පැවැති රැළියේදී ඔවුන් මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්නොවන ලෙසට ඉල්ලීමක් කළේය. එහිදී තමන් ජනතාව වෙනුවෙන් ඔ්නෑම තීන්දුවක් ගැනීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග රැළිය අවසන් විය.

අනතුරුව මහින්දට සහාය දැක්වීමට පැමිණි පිරිස මයිනාගෝ ගමට සහ ගෝඨාගෝ ගමට පැමිණ පහරදී එම ස්ථාන විනාශ කර දැමීය.

කෙසේ වෙතත් අවසානයේදී රට තුළ මහා කලබලකාරී තත්ත්වයක් මේ වන විට උද්ගතවී ඇති අතර, ඒ සමගම මහින්ද රාජපක්ෂ මේ වන විට සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යවා ඇත.


Gossip Lanka Hot News Previous News Archive