ඉතිහාසයේ දැවැන්තම භික්ෂු රැලිය හෙට කොළඹ දී


ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන අසූව දශකයෙන් පසුව පැවැත්වෙන දැවැන්තම භික්ෂු විරෝධතා රැලිය හෙට (07) සවස 03ට කොළඹ හයිඩ් පිටියේදී පවත්වන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවති.

වැඩි දුරටත් කරුනු පැහැදිලි කළ උන් වහන්සේ පැවසුවේ, දිවා රෑ සිදුකරණ මහජන විරෝධය ශක්තිමත් කිරීම සඳහා භික්ෂුවට ඇති කාර්ය භාර්යය හදුනාගත් ජාතික භික්ෂු පෙරමුණ මහානායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් සියලුම නායක පාර්ශවයන් සහබාගී කරගෙන මෙම භික්ෂු විරෝධතාවය පවත්වන බවය.



එමෙන්ම විරෝධතා රැලිය අවසානයේදී ගාලු මුවදොර පිටිය දක්වා පෙලපාලියක්ද සංවිධානය කර ඇති බවද පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පැවසූහ.


Gossip Lanka Hot News Previous News Archive