සනුක - වින්ඩි යුගදිවියට (PHOTOS)


නව පරපුරේ ගායක යුවළක් වන සනුක වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක ඊයේ (26දා) කෝට්ටේ ජයවර්ධනපුර පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී යුග දිවියට එළඹුණහ. වින්ඩි සහ සනුක මෙරට ජනප්‍රිය කලා පවුල් දෙකක සාමාජිකයන් වන අතර වින්ඩි ගුණතිලක ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ බාල දියණියයි. සනුක වික්‍රමසිංහ ජනප්‍රිය සංගීත ශිල්පී සංගීත් වික්‍රමසිංහගේ පුතණුවන් වේ. පසුගිය සමයේ අතිශය ජනප්‍රියත්වයට සහ කතාබහට ලක්වූ මෙන්ම යූ ටියුබ් නැරඹුම් වාර මිලියන දහය ඉක්ම වූ ‘අයියෝ සාමි’ ගීතය ගායනා කළේ වින්ඩි ගුණතිලක වන අතර එම ගීතයේ තනු නිර්මාපකයා සහ සංගීතඥයා වූයේ සනුක වික්‍රමසිංහය.ෙම විවාහ මංගල්‍යයට කලා ශිල්පීහු සහ ඔවුන්ගේ පවුල්වල හිතවත්හු රැසක් සහභාගි වූහ.

Gossip Lanka Hot News Previous News Archive