අද (9) වෝටර්ස් ඒජ් හිදී පවත්වන්නට යෙදුණ සුමති ටෙලි සම්මාන 2020- හා 2021 උළෙලේදී ඒ ඒ වර්ෂ දෙක සඳහා රූපවාහිනී ටෙලි නාට්‍ය සම්මාන වැඩසටහන් සම්මාන හා විශේෂ ත්‍යාග පිරිනැමීම් සිදුවිය.
මෙවර ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් සම්මාන ලද අතර 2021 හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2020 හොඳම නිළිය ලෙස උදාරි වර්ණකුලසූරියත් සම්මාන ලබාගන්නා ලදි. 2021 හොඳම නළුවා තුසිත් ලක්නාත් වූ අතර 2020 හොඳම නළුවා දසුන් පතිරණ විය.





