ජීවිතයට සමීප විශේෂ පුද්ගලයෙකුත් මට තවම නෑ - Thushari Wehella

මීට කලකට පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘ආදරණීය චංචලා’ ටෙලිනාට්‍යයේ අරුණි ලෙස රඟපෑවේ ඇයයි. එසේම “පෙන්ෂුයි ගෙදර’ ටෙලිනාට්‍යයේ මීනා ලෙස ද ‘අහස්ගව්ව‘ ටෙලි නාට්‍යයේ ෂෙරීන් ලෙස ද රඟපෑවේ ඇයයි.

ඇය තුෂාරි වේහැල්ල. තුෂාරි රංගන ක්‍ෂේත්‍රයේ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් ලෙස හැඳීන්වීම නිවැරදියි. රූපවාහිනි වෙළෙඳ දැන්වීම් ගණනාවකින්ම ප්‍රේක්ෂකයින් හමුවට එන තුෂාරි මේ වන විට චිත්‍රපට කීපයකටම ද රංගනයෙන් දායක වී ඇත. අපි තුෂාරිගේ නවතම තොරතුරු විමසා බලමු.

තුෂාරි ඔබ මේ දවස්වල මොන වගේ වැඩත් එක්කද ඉන්නේ?

ප්‍රධාන වශයෙන්ම රන්ජන් ප්‍රසන්නගේ ‘නිබ්බිධාව’ ටෙලිනාට්‍යයේ රූපගතකිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම තරමක් වැඩ අවසන් කරල තියෙන ‘රන්තරු’ ටෙලිනාට්‍යයටත් සහභාගි වෙනව. ස්වර්ණවාහිනියෙන් විකාශය වන“ඊඩඥ ඹ්ධඤඨඥ” ටෙලිනාට්‍යයේ වැඩවලටත් ඉදිරියේ දී දායක වෙනවා. ඒ වගේම මනාලියන් දැක්මවලට සහභාගි වෙනවා.

විජයග්‍රහණ‍යේ සිව්වැනි සැමරුම - Fourth Anniversary Since Defeating Terrorism

 "සෑම නිවසකම පහනක්‌ දල්වන්න"
රණවිරුවන් 6261දෙනකු දිවිපිදූ වන්නි මෙහෙයුමේ සිව්වැනි විජයග්‍රාහී සමරුම් උත්සවය අද (18 දා) පෙරවරු 8.00 ට මහත් අභිමානයෙන් යුතුව කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වෙයි.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සමරුවට ආරක්‍ෂක අංශ සාමාජිකයෝ එකොළොස්‌ දහසකට අධික පිරිසක්‌ එක්‌වෙති.මෙම සිව්වැනි විජයග්‍රහණ සමරු ආචාර පෙළපාලියේදී යුද, නාවික හා ගුවන් හමුදා යුද්ධයේදී භාවිත කළ මල්ටිබැරල්, රොකට්‌ යන්ත්‍ර, ගබ්රියෙන් මිසයිල, නියමුවකු රහිත සර්චර් යානා, සන්නද්ධ රථ සහ වෙනත් යුද උපකරණ ද ගෙන යනු ඇත.

මේ හැර එම්. අයි. 24 ප්‍රහාරක හෙළිකොප්ටර්, ඇරෝ වර්ගයේ සහ වේව්රයිචන් වර්ගයේ නාවික යාත්‍රා 20 ක්‌ ප්‍රහාරක යාත්‍රා 12 ක්‌ සහ කපිර් හා මිග් යානා ද යොදා ගැනේ. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්‌පති, සිවිල් ආරක්‍ෂක බලධාරීහු හා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු රැසක්‌ මේ විජයග්‍රහණ සමරුමට සහය වෙති.මේ සැමරුම මහජනතාවට ද නැරඹිය හැකිය. මෙදින සවස 4.00 ට ජාතික රණවිරු උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් ජයවර්ධනපුර කෝට්‌ටේ රණවිරු ස්‌මාරකය අබියසදී සිදු කෙරේ.

දිවිපිදූ රණවිරුවන් සිහිකිරීමට අද පහනක්‌ දල්වන ලෙස හා විනාඩියක නිශ්ශබ්දතාවක්‌ රකින ලෙස රණවිරු සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දරු තිදෙනා සමඟ මවක් ළිඳට පනී - Mother jumps into well with her children

"දරුවන් මරුට - මව අත්අඩංගුවට"
මානසික ආබාධයකින් පෙලුන මවක් අද (17) උදේ සිය දරුවන් තිදෙනා ළිඳකට දමා ඇයද ළිඳට පැන සියදිවි නසා ගන්නට උත්සහ දරා ඇති අතර මවගේ දිවි බේරී දරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත් වී තිබේ.

 සිද්ධිය වාර්තා වන්නේ වව්නියාව,පාඬිකුළම් ප්‍රදේශයෙනි. මෙම කාන්තාව දෙමළ ජාතික කාන්තාවක් වන අතර ඇගේ සැමියා සුමනසිරි විජය කුමාරතුංගයි. මොහු ඊයේ (16) පෙරවරුවේ වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් එහි නිලධාරින් හමු වී පවසා ඇත්තේ සිය බිරිඳ මානසික ආබාධයකින් පෙළෙන බැවින් දරුවන් තිදෙනා රැක බලා ගැනීම කළ නොහැකි බැවින් දරුවන් සුදුසු ළමා නිවාසයක නේවාසිකව තබන්නට කටයුතු යොදන ලෙසයි. අනතුරුව ඔහු වව්නියාව මහා රෝහලට ගොස් බිරිඳගේ මානසික අබාධයට අවශ්‍ය කරන බේත් වර්ග කිහිපයක්ද ලබා ගෙන යළි නිවසට පැමිණ තිබෙන බව කියයි.

ඔබේ අත ඔබම බලාගන්න 8 - Palm Reading

නිර්භීත බව, සටන්කාමී බව හෙළිකරන කුජ රේඛාව
පසුගිය කලාප තුළින් අත්ලක පිහිටි ප්‍රධාන රේඛාවන් හය පිළිබඳව එකින් එක විස්‌තර කළා ඔබට මතක ඇති. අපි හිතනවා, දැන් ඔබ එම රේඛාවන් පිළිබඳව දැනුමක්‌ ලබාගෙන ඇති කියා. අද අපි සාකච්ඡා කරන්නේ ප්‍රධාන රේඛාවන්ට අමතරව අත්ලක පිහිටන අප්‍රධාන රේඛාවන් පිළිබඳවයි. 

ඒ අනුව කුජ රේඛාව පිළිබඳවයි, අද පළමුවෙන්ම විස්‌තර කරන්නේ. දබරැඟිල්ලටත්, මහපටැඟිල්ලටත් අතර පහළ කුජ මණ්‌ඩලයෙන් ආරම්භ වී ජීවන රේඛාවට සමාන්තරව ජීවන රේඛාව හා නොගැටී මැණික්‌ කටුව දෙසට විහිදයන රේඛාව කුජ රේඛාව වේ. ජීවන රේඛාවට ප්‍රබල ශක්‌තියක්‌ ලබාදෙන කුජ රේඛාවෙන් කෙනකුගේ නිර්භීත බව, ධෛර්යය, සටන්කාමී බව, කෝප සහගත බව ආදී ගුණාංග ප්‍රකට වෙයි.

 කුජ රේඛාවක්‌ ඇති අයගේ සෞඛ්‍ය තත්ත්වයද ඉතා යහපත් වන අතර ඔවුනට ජීවිතයේ දුක්‌ කරදර බාධා මැඩගෙන ඉදිරියට යැමේ ප්‍රබල ආත්ම ශක්‌තියක්‌ ඇත. ජීවන රේඛාවේ යම් අඩුපාඩුවක්‌ ඒ කියන්නේ ජීවන රේඛාව දුර්වල වූ අවස්‌ථාවකදී කුජ රේඛාව බලවත්ව පිහිටා තිබේ නම් ජීවන රේඛාවෙන් සිදුවීමට තිබුණ යම්කිසි අනතුරු තත්ත්වයක්‌ වළක්‌වා ගැනීමේ ශක්‌තියක්‌ කුජ රේඛාවට ඇත.

වෙසක් සමයේ ඔළුබක්කෝ නැටුවොත් වේවැල් පාර - Bodu Bala Sena

"වෙසක් දිනය සමරන ආකාරයත් අපිම රටට කියා දෙනවා"
වෙසක් උත්සව සමයේ ඔළුබක්කන් නැටීම වැනි නුසුදුසු ක්‍රියාවල යෙදුණොත් බොදුබල සේනා සංවිධානයේ හිමිවරු වේවැල ගෙන පාරට බසිනා බව එහි ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.

 බෞද්ධ හර පද්ධතිය මත පදනම්ව ගොඩනැගුණු විශ්ව අනන්‍යතාවයන් ආරක්ෂා කර ගැනීම බෞද්ධයින්ගේ වගකීමක් බවද උන්වහන්සේ පැවැසීය. හිමියන් මෙසේ පැවැසුවේ ඊයේ (16) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිමියෝ, බුදුදහම අප ආරක්ෂා කරන්නේ හා ‍පෝෂණය කරන්නේ එය අප අනුගමනය කරන දහම නිසාම නොවෙයි. 

මේ ශ්‍රේෂ්ඨ දහම මිනිසා සතා සීපාවා ගහකොළ පරිසරය මහ‍පොළව ආදී සමස්ත ජීවී අජීවී පද්ධතියේම යහපැවැත්ම පිළිගන්නා ඒ යහපැවැත්ම තහවුරු කිරීම මගපෙන්වන දහමක් නිසයි. වෙසක් උත්සවය ප්‍රතිපත්තිය ප්‍රජාවට මුල්තැන දී පැවැත්විය යුතු වුවත් එහි කෙරෙන ආමිස කටයුතු බුදු දහමේ හර පද්ධතියට එකඟව කළ යුතුයි. හැම වර්ෂයකදී වගේම මෙවරත් වෙසක් උත්සවය සඳහා රජයේ චක්‍ර ‍ලේඛනය නිකුත් කර තිබෙනවා. බුදුසමයට නොගැළපෙන වත්පිළිවෙළත් සංස්කෘතික අනන්‍යතාවයට නොගැළපෙන දේ නොකරන ලෙස මෙම චක්‍ර‍ලේඛනයෙන් පෙන්වා දුන්නත් ඒවායේ අඩුවීමක් දක්නට නැහැ. 

එකම පවුලක අම්මයි දුවයි දෙන්නම විවාහ කරගෙන !

මවට 44යි: දියණියට 20යි 
එකම පවුලක මව සහ දියණිය විවාහ කරගෙන බහු විවාහ, චෝදනාවට ලක්ව සිටි පුද්ගලයකු බහු විවාහයක් කර ගැනීම, පළමු විවාහය වසන් කිරීම යන චෝදනා දෙකටම වැරැදිකරු වී ඇති බැවින් මාස 03 බැගින් බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවීමට සහ අගතියට පත් පාර්ශ්වයට රුපියල් 75,000ක වන්දියක් ගෙවීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී පසුගියදා නියෝග කෙරිණි.

ඇස්වත්ත දකුණ පදිංචි 44 වියේ පසුවන මව 2009 වසරේ ගැටහැත්ත විවාහ ලේකම් කාර්යාලයේදී 20 වැනි වියේ පසුවන දියණියව 2012.12.31 දින දැරණියගල විවාහ, ලේකම් කාර්යාලයේදීද විවාහ කරගත් දැරණියගල නිරෝෂන් දසනායක (29) යන අය මෙම නඩුවේ විත්තිකරු විය.

විත්තිකරු තම මවගේ විවාහක ස්වාමිපුරුෂයා බව දැන දැනත් ඔහු හා විවාහ වුණ දියණිය භාර ගැනීමට විත්තිකරු එකඟ වූ බැවින් අගතියට පත් පාර්ශ්වය වූයේ විත්තිකරුගේ පළමු බිරිය වන දෙවැනි බිරියගේ මවයි. සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ අවිස්සාවේල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නිශාන්ත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

Gossip Lanka Hot News Previous News Archive