බැංකු පොලියට සීයට 5යි.
රට සල්ලි එවද්දි සීයට 5යි.
ගෙවල් ඉඩම් දෙවන වරට විකුණද්දි සීයට 10යි.
අද 1 වනදා සිට බදු වෙනස්වන හැටි
මුදල් ඇමති මංගල සමරවීර හඳුන්වාදුන් නව දේශීය ආදායම් පනත අද 1 වනදා සිට ක්‍රියාත්මක වේ. නව බදු හදුන්වාදීම් රැසක් සමග මුදල් ඇති අයගෙන් රජය පොහොසත්වන ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වාදී ඇති අතර මේ දක්වා භාණ්ඩ හා සේවා වලට පැනවූ වක්‍ර බදු සියයට 60 සිට 40 ට අඩු කර සෘජු බදු සියයට 20 සිට 40 ට ඉහළ නැංවීමක් සිදු කර ඇත.