විදේශිකයන්ටත් ලංකාවේ සදහටම නවතින්න වීසා

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව විදෙස් පුරවැසියන් සදහා මෙරට ස්ථිර වාස වීසා බලපත්‍ර (PR) ලබාදීමට තීරණය කර තිබේ. විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ස්ථිර වාස වීසා නිකුත් කිරීමේ විධිවිධාන ඇතුළත් කර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව විදෙස් රටක පුරවැසි භාවය ලබාගත් හේතුව නිසා මෙරට පුරවැසි භාවය අහිමි වී සිටින්නන්ට ලාංකිකයකු සමග විවාහ වී සිටින විදෙස් රටක පුරවැසිභාවය හිමි කාලාත්‍රයකුට සහ විදෙස් රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයකුගේ බිරිඳට සහ දරුවන්ට යන පාර්ශව තුනට මෙලෙස ශ්‍රී ලංකාවේ ස්ථිර වීසා ලබා ගත හැකි බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඩයනාගේ මන්ත්‍රීධුරය අහෝසියි

සමගි ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අද තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නියෝග කළේය.ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කළහ.


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ගම්‍ය වෙයි.

මම පාලිත මහත්තයාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කළා – රවී රොයිස්ටර්

රවී රොයිස්ටර් ගායනා කළ ‘හමාර බණවර’ නමැති මේ ගීතය පසුගිය සතියේ විද්‍යුත්, මුද්‍රිත වගේම සමාජ මාධ්‍ය මගින් නිතර කතාබහට ලක්වුණා. ඒ, පාලිත තෙවරප්පෙරුම නමැති සුන්දර චරිතය නැතිනම් දේශපාලනඥයාගේ වියෝවත් සමගය. ඔහුගේ අවසන් කැමැත්ත වූයේ මේ ගීතයේ පද පේළි කිහිපයක් වෙනස් කර තමන්ගේ අවසාන භූමදානය දවසේ ගායනා කිරීමය. ඉතින් ඔහුගේ අකල් වියෝවත් සමග මේ ගීතය වගේම පාලිත තෙවරප්පෙරුමගේ අන්තිම කැමැත්ත මාධ්‍ය මගින්ම වගේම සමාජ මාධ්‍ය මගින් ද නිතර කතාබහට ලක්වුණා. මේක දැකපු ගීතයේ මුල් ගායක රවී, පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කැමැත්ත සැබෑවටම ඉෂ්ට කළා.

වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගමකට දීමෙන් මහ අවුලක් වෙලා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීම (On Arrivel Visa ) පෙරේදා (2) දින සිට එහි කටයුතු ඉන්දීය පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර , ඔවුන් එම කටයුතු ආරම්භ කර පැය කීපයක් තුළ ගුවන් තොටුපොළ තුළ දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීමත් සමග එම ඉන්දීය සමාගම වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පියවර ගත්තේය.

අනුරගෙන් සජිත්ට තවත් දිනයක් - මැයි 20ට පෙර විවාදයට සූදානම්

මැයි 20ට පෙර සමගි ජන බලවේගය ලබාදෙන ඕනෑම දිනක විවාදයට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජනබල වේගයේ මාතර මැයි රැළිය අමතමින්.

එමෙන්ම මේ වනවිට සෙසු සියළු පක්ෂ වෙනදාට වඩා මාලිමාව දෙස බලාසිටින බවත් එම නිසා සිය පක්ෂයට අභියෝගය වැඩි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මින් ඉදිරියට දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

පෑලියගොඩ අවටින් ඇල්ලූ වීදි ගණිකාවන් 25ටම සමාජ රෝග

පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම කාන්තාවන් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළෙඳපොළ, පට්ටිය හංදිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ලොව විශාලම ගුවන්තොටුපළ ඩුබායි නගරයේ ඉදිවෙයි

Dubai begins construction of 'world's largest' airport

වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 260 ක් මෙහෙයවිය හැකි ලොව විශාලතම ගුවන්තොටුපළ ඩුබායි නගරයේ ඉදිකිරීම ආරම්භ කළ බව ඩුබායි නගරයේ පාලකයා වන ෂික් මොහොමඩ් බින් රෂිඩ් අල් මැක්ටවුම් විසින් ඊයේ (29දා) නිවේදනය කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive