ශ්‍රීලනිප සහය රනිල්ට ලැබේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙන අතර එහි දැක්වෙන්නේ නව රජයක් පිහිටුවීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බවයි.

ජන දුක නිවන්න හරීන් හර්ෂ දැඩි ස්ථාවරයක


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්කාලීන රජයට සම්බන්ධවීමට ආරාධනා කළහොත් රට වෙනුවෙන් කරන යහපත් ක්‍රියාදාමයකදී කකුළෙන් නොඇද ඊට සහය ලබාදිය යුතු යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනපති ඉවත් වෙන්නේ නෑ - අගමැති


ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් තත්ත්වයට ඒමට පෙර එය නරක තත්ත්වයට පත්වෙනු ඇතැයි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම විරෝධතාකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වෙන ලෙස සඳහන් කළත් එය සිදු නොවන බවත් ඔහු පැවැසීය

මූල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීමට සාකච්ඡා


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසයි.මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.

රටේ සියලු ප්‍රශ්න විසඳනවා - අගමැති රනිල්


ගෝඨාගෝගම විරෝධතා තවදුරට ත් පවත්වාගෙන යාමට ඉඩ දෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අරගලකරුවන්ට අත තැබීමට පොලිසියට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළේ ය.

නව අගමැති ලෙස රනිල් දිවුරුම් දෙයි


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත. වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06 වන වතාවටයි.

Gossip Lanka Hot News Previous News Archive