දිනකට යතුරු පැදි 700ක් පාරට

දිනකට යතුරු පැදි හත්සියයකට අධික සංඛ්‍යාවක් අලුතින් මහපාරට පැමිණෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් එස්.එම්.හරිස්චන්ද්‍ර මහතා සිළුමිණට කීය. ‍ෙම් වසරේ ද නොවැම්බර් මස අවසානය දක්වා යතුරු පැදි 155242ක් අලුතින් ලියාපදිංචි වී ඇති බවත් පසුගිය වසරේ පමණක් අලුතින් යතුරු පැදි 192284ක් ලියාපදිංචි වී ඇති බවත් ඒ මහතා කීය.

2011 වසරේදී යතුරු පැදි 253331ක් අලුතින් පාරට පැමිණ ඇත. 2010 වසරේදී පාරට පැමිණි යතුරු පැදි සංඛ්‍යාව 204811 කි.

2012 වසර අවසන් වන විට මෙරට මහා මාර්ගයේ යතුරු පැදි 2546447ක් ධාවනයේ යෙදී ඇති අතර බොහොමයක් යතුරු පැදි අනතුරු සිදුව ඇත්තේ වැරැදි පැත්තෙන් ඉස්සර කිරීම ඇතුළු නොසැලකිලිමත් අයුරින් පැදවීම නිසා බව පෙන්වා දෙන ප්‍රවාහන විශේෂඥයන් ජාතික මට්ටමින් යතුරු පැදිකරුවන් දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

2014 අලුත් අවුරුද්දේ කලාකරුවන්ගේ බලා‍පොරොත්තු......

විවිධ චරිත මවනවා ගයාන් - චතුරිකා

මේ පාර අලුත් අවුරුද්දට අලුත්ම වැඩකින් තමයි මිනිස්‌සු අතරට එන්න හිතාගෙන ඉන්නේ. ඒ මොකක්‌ද දන්නවාද?. මමයි චතුරිකයි එකතුවෙලා නිෂ්පාදනය කරපු ආත්ම ටෙලිනාට්‍යයෙන් තමයි මේ අවුරුද්දේ අපි ඔයාලව හමුවෙන්නේ. 

ඔන්න එහෙනම් අපි ලබන අවුරුද්දේ හැමදාම රාත්‍රි 7.30 ට ඔයගොල්ලන්ගේ නිවසට එනවා. ගයාන් එහෙම කියන කොට චතුරිකා රසිකයන්ගේ අතරට එන්නේ ඇගේ උපන්දිනයත් සමගලු. චතුරිකා එහෙම කියන කොට ගයාන් කිව්වේ මට නම් මේ අවුරුද්ද සිනමාවේ වසරක්‌ කියලයි. මම එහෙම කිව්වේ දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයකින්ම ඔයගොල්ලෝ අතරට එන්න හිතාගෙන ඉන්න හින්දා. 

ඒ වගේම ඔයගොල්ලන්ට අපි මේ අවුරුද්දේ අපි දෙන්නාම එකතුවෙලා අලුත්ම නාට්‍ය කිහිපයක්‌ නිෂ්පාදනය කරන්නත් හිතාගෙන ඉන්නවා. කොහොම වුණත් අලුත් අවුරුද්දේ අලුත්ම මුහුණුවරකින් මම ඔයගොල්ලෝ අතරට එනවා.ගයාන් එහෙම කියනකොට චතුරිකා කිව්වේ හොඳ නිර්මාණවලින් රසිකයන් අතරට එනවා කියලයි. ඒ විතරක්‌ නෙමෙයි විදෙස්‌ සංචාර කිහිපයකටත් දායක වෙන්න හිතාගෙන ඉන්නවා. පුද්ගලිකව කියන්න විශේෂ යමක්‌ නැහැ.

මේ වසරේදී පමණක් ' Facebook ' පැමිණිලි 1,200ක්

මේ වසරේදී ' Facebook' සමාජ ජාලයට සම්බන්ධ පැමිණිලි 1,200කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙළි කරයි.

පසුගිය වසරේ මෙබඳු පැමිණිලි 1,150ක් ලැබී තිබූ අතර එම සංඛ්‍යාව මේ වසරේදී 50කින් වැඩි වී ඇතත්, 2011 වසරට සාපේක්‍ෂව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව 'පරිගණක ප්‍රතිචාර සංසදයේ' තොරතුරු ආරක්‍ෂක ජේ‍යෂ්ඨ ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවැසීය.මේ වසරේදී ලැබී ඇති පැමිණිලි අතුරින් බොහොමයක් ඒවා අන් අයගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් හා සම්බන්ධ වූ ඒවා බවත් මිතුරු හවුලට මිතුරන් නොවන පුද්ගලයන් එක්කර ගැනීමෙන් ප්‍රශ්න ඇතිවී තිබෙන බවත් හෙතෙම කීය.


එසේම වාර්තා වන පැමිණිලි අතර ආදර සබඳතා බිඳ වැටීමෙන් පසුව එක් පාර්ශ්වයක් අතින් අනෙක් පාර්ශ්වය සම්බන්ධයෙන් ව්‍යාජ 'ෆේස් බුක්' ගිණුම් පටන්ගෙන එම පාර්ශ්වය අපහසුතාවට පත්කරන බවත් හෙළිදරව් වී තිබේ.

බෝම්බයක් අහුලා ගත් පස් හැවිරිදි දරුවකු මරුට

ත්‍රිකුණාමලයේ කුච්චවේලිහිදී සිකුරාදා සවස සිදුවූ පිපිරීමකින් පස් හැවිරිදි දරුවකු මිය ගොස් ඇති අතර තවත් ළමුන් දෙදෙනකු තුවාල ලද බවක් වාර්තා වෙයි.

මෙම ළමුන් තිදෙනා විසින් තම නිවසට නුදුරින් තිබී පුපුරන ද්‍රව්‍යයක් සොයා ගනු ලැබීමෙන් අනතුරුව,ඔවුන් එය පරීක්ෂා කර බැලීමට යාමේදී අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීම නිසා බරපතල ලෙස තුවාල ලබා සිටින තුන් හැවිරිදි සහ දස හැවිරිදි වූ ළමුන් දෙදෙනකු ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.පස් හැවිරිදි ළමයා මිය ගොස් ඇත්තේ රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසුවයි.

අධි විස පලතුරු කිලෝ 75,000ක් මැනිං මාර්කට්ටුවෙන් සොයා ගෙන

"අඹ, ගස් ලබු, කෙසෙල්, ඇපල්, මිදි මේ අතර -
එතෆෝන් නම් අධික විස පලතුරුවල තවරලා"
ශරීරයට බරපතළ ලෙස අහිතකර බලපෑම් ඇති කරන ‘එතෆෝන්’ නමැති රසායනික ද්‍රව්‍ය භාවිත කැර පලතුරු ඉදවා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සූදානම් කැර තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා පලතුරු කිලෝග්‍රෑම් හැත්තෑ පන්දහසක් පිටකොටුව මැනිං වෙළෙඳ පොළෙන් සොයා ගත් පාරිභෝගික අධිකාරිය ඒවා විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

දේශීය සහ විදෙස් රටවලින් ගෙන්වන ලද මෙම පලතුරු තොග කොළඹ පමණක් නොව පිටස්තර පළාත්වල වෙළෙඳුන් හරහාද අලෙවි කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගික අධිකාරිය මඟින් මේ දිනවල පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය පිළිබඳ වැටලීම් සිදුකරමින් යන අතරතුර මෙම රසායනික ද්‍රව්‍ය සෘජුවම පලතුරුවලට තවරා ඒවා ඉදවීමේ ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.

‘මහින්ද’ පරදන ජනාධිතිවරණ පොදු අපේක්‍ෂිකාව ‘චන්ද්‍රිකා’

මංගලගේ නිවෙසේදී තීන්දු වෙයි
එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීන්දු කොට ඇත.

පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. 

මේ සාකච්ඡාව සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, එ.ජා.ප. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගි වී ඇත. බොහෝදුරට ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවට දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිරයන ආරංචිවලට අනුව විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිය නිවෙසේදී මේ හමුව පැවැත්වීමට මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.

අවසන් තරඟයෙ ජය ශ‍්‍රී ලංකා පිලට - Sri Lanka won by 2 wickets (with 2 balls remaining)

 ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගයෙන් (දිවා/රාත‍්‍රී) ශ‍්‍රී ලංකා පිල කඩුලූ 2 ජයක් ලැබීමට සමත් විය. මෙම තරගය අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (27 වැනිදා) පැවැත්විණ.

මෙම තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලැබුව ද පාකිස්තානය 3-2 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේය. ශ‍්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 233 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49.4 කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

දිනේෂ් චන්දිමාල් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් පන්දු 70 කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 64 ක් රැස් කළේය. චන්දිමාල්ට හොඳ සහයෝගයක් දුන් අජන්ත මෙන්ඩිස් 49 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ගැසූ හයේ පහරින් ශ‍්‍රී ලංකාව මත පැටවී තිබූ පීඩනය තුරන් විය.අජන්ත පන්දු 14 හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 19 රැස් කිරීමට සමත් විය. අවසන් ඕවරයට ලකුණු 3 ක් ලබා ගැනීමට තිබූ අතර එය සාර්ථක කර ගැනීමට චන්දිමාල් සහ අජන්ත සමත් වූහ.

Crimes OIC arrested over sexual bribe !

මහව අපරාධ අංශ ස්‌ථානාධිපති  ලිංගික අල්ලස්‌  ඉල්ලා කොටු වේ ! 
"කාන්තාවකගෙන් ලිංගික අල්ලස්‌ ඉල්ලා හෝටලයකදී අත් අඩංගුවට"

මහව පොලිසියේ සුළු පැමිණිලි අංශය මගින් විභාග කළ යුතු පැමිණිල්ලක්‌ වාසි සහගත ලෙස විභාග කිරීමට කාන්තාවකගෙන් ලිංගික අල්ලසක්‌ ඉල්ලා එය ලබා ගැනීමට තැත් කළ මහව පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අල්ලස්‌ හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

කාන්තාවගෙන් ලිංගික අල්ලස්‌ ලබා ගැනීමට ක්‍රියා කළ මහව අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එම්. අලහකෝන් අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයකදීය.පැමිණිලිකාරිය මහව ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වේ. ඇයගේ දරුවා වෙනත් පුද්ගලයකුට හදාවඩා ගැනීමට ලබාදී සිටියදී ඔහු විසින් දරුවා පාසලකට ඇතුළත් කිරීමට උත්සාහ දරා ඇත.

Gossip Lanka Hot News Previous News Archive