ජනපති ඉවත් වෙන්නේ නෑ - අගමැති


ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් තත්ත්වයට ඒමට පෙර එය නරක තත්ත්වයට පත්වෙනු ඇතැයි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම විරෝධතාකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වෙන ලෙස සඳහන් කළත් එය සිදු නොවන බවත් ඔහු පැවැසීය

මූල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීමට සාකච්ඡා


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසයි.මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.

සජිත් බෑ කිව්වේ පෞරුෂයක් නැති නිසා


මහ මැතිවරණයකට යෑමට අවශ්‍ය පරිසරය සකස් වන තෙක් සුළු කාලයකට හෝ අගමැති ධුරය භාරගන්නා ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථා කීපයකදී දැනුම්දීම් කළද ඔහු එම ධුරය භාර නොගත්තේ ඔහුට ඒ සඳහා පෞරුෂයක් නොමැති නිසා බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

රටේ සියලු ප්‍රශ්න විසඳනවා - අගමැති රනිල්


ගෝඨාගෝගම විරෝධතා තවදුරට ත් පවත්වාගෙන යාමට ඉඩ දෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අරගලකරුවන්ට අත තැබීමට පොලිසියට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළේ ය.

නව අගමැති ලෙස රනිල් දිවුරුම් දෙයි


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත. වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06 වන වතාවටයි.

මහින්ද ත්‍රි මලේ නාවික හමුදා කඳවුරේ බව නාවික හමුදාපති පිළිගනී


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා පවුලේ සාමාජිකයින් ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ ආරක්ෂාකාරීව පසු වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න අද (11) පැවසීය. ඒ අද රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ බත්තරමුල්ලේ ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

''හරි දුකයි මෙහෙම වෙනකොට.'' - ඉරාජ් වීරරත්න


දේශපාලන හා සංගීත පෙරලියක් ඇති කළ ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි නිවසට ඊයේ (10) දින යම්කිසි පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අමරකීර්ති අතුකෝරල මරණය ඝාතනයක්


පෙරේදා (09) පස්වරුවේ නිට්ටඹුවේ සිදුවූ සිදුවීමකින් අනතුරුව මරණයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරලගේ මරණය මුලින් ‘සියදිවිනසාගැනීමක්‘ ආකාරයට අර්ථ නිරූපණය කරමින් වාර්තා පළවුවද ඒ සම්බන්ධ සිදුකළ  පශ්චාත් මරණ පරීක්ෂණය අනුව එය පහරදීමකින් කළ ඝාතනයක් බවට කරුණු හෙළිවී ඇත.

Gossip Lanka Hot News Previous News Archive