පුරාවිද්‍යා ස්මාරක හා ඓතිහාසික ස්ථාන විනාශ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට රජය තීරණය කර ඇත.ඒ අනුව පවත්නා රුපියල් 50,000කට නොඅඩු රුපියල් 250,000ට නොවැඩි දඩ මුදල රුපියල් 200,000කට නොඅඩු, රුපියල් ලක්‍ෂ 20කට නොවැඩි වන ලෙසත් වැඩි කර ඇත.
ඊට අමතරව වසරකට නොඅඩු සිර දඬුවම වසර 07ක් දක්වා උපරිමයකට වැඩි කර තිබේ.