ඉද්දමල්ගොඩ ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ සනත් ගුණතිලක මේ දවස්වල අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපටයේ නම “සිනහව අතරින්”.“සිනහව අතරින්” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය හැටියට කටයුතු කරන්නේ සේමිණී ඉද්දමල්ගොඩයි. “සේමිණී මේ චිත්‍රපටයේ අපූරුවට රඟපානවා.” ඊයේ පෙරේදා දවසක අහඹු විදියට හමුවුණු සනත් ගුණතිලකත් අප සමග කිව්වා. කොහොම හරි මේ ගැන වගේම සේමිණීගේ අලුත් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න හිතාගෙන අපි ඇයට කතා කළා.
“සිනහව අතරින්” චිත්‍රපටය ගැන මුලින් ම කතා කරමු.
“ඇත්තටම මම මුලින්ම මේ චරිතයට මාව තෝරා ගැනීම ගැන සනත් අයියට ස්තුතිවන්ත වෙන්න ඕන.” මම හැමදාම හිතන දෙයක් තිබෙනවා. ඒ තමයි අපේ ප්‍රවීණ නළු නිළියන් එක්ක වැඩ කරද්දි අපට ඉගෙන ගන්න තිබෙන දේවල් වැඩියි කියලා.
සනත් ගුණතිලක මහතා ඒ වගේම සුදත් රෝහණ මහතා කියන්නේ තිස්ස අබේසේකරයන් සමග වැඩ කළ අය. ඔවුන් එක්ක වැඩ කරද්දී ඇත්තටම මටත් විශාල සතුටක් දැනුණා.




