නතාෂා - බෘෘනෝ බුදුන්ට අපහාස කළැයි පිරිසක් පාරට බසිති

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත්  කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ  ඇයට ආධාර අනුබල දුන්නැයි කියන බෲනෝ දිවාකර අද දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේ ඊට සමගාමීව අධිකරණය අසළ පිරිසක් සංවිධානාත්මකව විරෝධය දක්වා තිබුණි.

මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට


සමගි ජන බලවේගයේ  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි ඒ  කමිටුවට  යෝජනා කරනු ලැබූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව එම යෝජනාවට  කාරක සභාවට  සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවිය.

The Royal Birthday Party of Chandimal Jayasinghe


 

රවි මිථුනයට - ඔබේ ලග්නයට කොහොමද?


“ 2023 ජූනි මාසයේ සිදුවීමට යන රාජ්‍යකාරක රවිගේ මාරුව සිදුවන අතර මෙය 2023 ජූනි 6 සිට ජූලි 16 දක්වා රවි-මිථුන රාශිගත වේ. මෙම පොසොන් මාසයේ දරුවන් පිළිබඳවත් නව නීති ක්‍රියාත්මක වන බවත් නව සංශෝධන ගොඩනැඟෙන අතර රාජ්‍යකාරක රවිගෙන් මිත්‍රත්වය වර්ධනය වන නිසා විදේශ රටවලින් ලැබෙන සහය රවි මාරුවෙන් රටේ නායකයාට සුබ බවත් රටට යම්කිසි සහනයක් ලැබෙන බවත් කිව යුතුයි.”

චෙන්නායි සුපර් කිංග්ස් අයි.පී.එල්. කිරුළ හිමිකර ගනියි

පසුගියවරශූර ගුජරාට් ටයිටන්ස් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව කඩුළු 5 කින් පරදා සිය 5 වැනි අයි.පී.එල්. කිරුළ හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. අහ්මදාබාද්හි පැවිති තරගයේ ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 15 කදී ලකුනු 171 ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි ක්‍රීඩකයේ සිය පන්දුවාර 15 තුළ කඩුළු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සමත්විය.

හොරෙන් රත්‍රං ගෙනා මන්ත්‍රී යළි ඩුබායි ගිහින් එයි

රුපියල් කෝටි 08කට අධික වටිනාකමෙන් යුත් රත්‍රං සහ ජංගම දුරකථන සමඟ අත්අඩංගුවට පත්ව දඩ මුදල් ගෙවීමෙන් පසු නිදහස ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් නැවත ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඊයේ (28) අලුයම කටුනායක ගුවන් තොටුපළේ VIP පර්යන්තය හරහා මෙරටට පැමිණ ඇත.

ඊයේ (28) අලුයම මෙම මන්ත්‍රීවරයා දිවයිනට එද්දී ඔහු දැඩි පරීක්‍ෂාවට ලක් කිරීමට රේගු බලධාරීන් කටයුතු කර ඇති අතර තහනම් භාණ්ඩ කිසිවක් ඔහු සතුව තිබී ඇතැයි අනාවරණය වී නැත.

විදේශගත ලාංකිකයින්ට විදේශ ගමන් බලපත්‍රය ගැන අලුත් තොරතුරක්

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී ජූනි මස 01 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකිය
 
මේ බව ප්‍රකාශ කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ය.
 

බුදු දහමට අපහාස කළ නතාෂා 7දා දක්වා රිමාන්ඩ්


“මෝඩාභිමානය " නමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ජයනි නතාෂා එදිරිසූරිය ජුනි 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේය.

ජයනි නතාෂා එදිරිසූරිය යන සැකකාරිය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවෙසට ඊයේ (28) රාත්‍රියේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ නියෝගය ලබා දුන්නේය.

Gossip Lanka Hot News Previous News Archive