චෙන්නායි සුපර් කිංග්ස් අයි.පී.එල්. කිරුළ හිමිකර ගනියි

පසුගියවරශූර ගුජරාට් ටයිටන්ස් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව කඩුළු 5 කින් පරදා සිය 5 වැනි අයි.පී.එල්. කිරුළ හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. අහ්මදාබාද්හි පැවිති තරගයේ ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 15 කදී ලකුනු 171 ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි ක්‍රීඩකයේ සිය පන්දුවාර 15 තුළ කඩුළු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සමත්විය. එහිදී ඩෙවන් කොන්වේ ලකුනු 47 ක්ද ශිවම් ඩුබේ පන්දු 21 කදී නොදැවී ලකුනු 32 ක්ද බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී ගුජරාට් වෙනුවෙන් මෝහිත් ෂර්මා කඩුළු 3 ක් දවා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ක්‍රීඩකයෝ සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක්දැවී ලකුණු 214 ක් රැස් කළහ. එහිදී සායි සුදර්ශන් පන්දු 47 කදී ලකුණු 96 ක් රැස් කලේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ කඩුළු 2 ක් දවා ගත්තේය. චෙන්නායි ඉනිමට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ඔවුන්ට පන්දුවාර 15 කදී ලකුණු 171ක ඉලක්කයක් හිමිවිය.

චෙන්නායි මීට පෙර 2010, 2011, 2018 හා 2021 යන වර්ෂ වලදී අයි.පී.එල්. ශූරතා හිමිකරගැනීමට සමත්වූහ. කෙසේ වෙතත් ඔවුන් හිමිකරගත් ශූරතා සියල්ල ලබා ගත්තේ එහි වත්මන් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ වීම විශේෂත්වයකි.



Gossip Lanka Hot News Previous News Archive