පුත්තලම නෙඩුම්කලම්හි කපුටන් හදිසියෙ මිය යයි


පුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක  විශාල ලෙස කපුටන් (7 ) දින මිය ගොස් ඇති බව ජනතාව පවසති.

මෙසේ 100 කට ආසන්න කපුටන් නෙඩුම්කුලම් ප්‍රදේශ ස්ථාන කිපයක මිය ගොස් තිබු බව ප්‍රදේශවාසින් පවසයි.

මෙසේ මරණයට පත්වු කපුටන් රංචු ආසන්නයෙ අහසේ කපුටන් විශාල ලෙස පියාඹින් සිටින අයුරුද දැක ගත හැකි විනි.

කෙසේ නමුත් මෙසේ කපුටන් මිය යාම කුමන හේතුවක් බලපා ඇත් දැයි නොදන්නා බව ප්‍රදේශවාසින් කියති.

මරණයට පත්වු කපුටන්ගේ සිරුරු තැනින් දැක ගත හැකි වු අතර ජනතාව පවසා සිටියෙ මෙයට පෙර මෙසේ කිසිම දිනක මෙලෙස  කපුටන් මැරි සිටිනු තමන් දැක නැති බවත් මෙම තත්වය හේතුවෙන් තමන්ද මවිතයට පත්ව ඇති බවයි.

එසේම මෙම කපුටන් පියඹා යමින් සිටියදි එකවර බිමට පතිත වු බවත් එසේ වැටුන කපුටන් විනාඩි කිපයකින් මරණයට පත්වනු තමන් දුටු බවයි.

එසේම බිම පතිත වු කපුටන්ට දිය පෙවිමටත උත්සහ ගත් බවද ජනතාව පවසයි.

ජනතාව මේ පිළිබදව පුත්තලම පශු වෛද්‍ය නිළධාරි වරයාට දැනුවත් කර ඇති බව වාර්තාවිමත් සමග ඒ පිළිබදව පුත්තලම පශු වෛද්‍ය නිළධාරි චන්දික සමරසිංහ මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියෙ මිය ගිය කපුටන්ගේ සාම්පල් මේ වන විට හලාවත පශු විමර්ශ ඒකකය මගින් පරික්ෂණ සදහා රැගෙන ගිය බවත් ඒ පිළිබදව ලැබෙන වාර්තා පදනම් කර ගනිමින් ඉදිරි කටයුතු කිරීමට සුදානම් බවද ඔහු පවසනන්ට විය

Gossip Lanka Hot News Previous News Archive