වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මාවතේ කාමරයක මැරී සිටි තිදෙනා කොටගල ඩෙරික් ක්ලේයාර් වත්තේ විශ්‍රාමික රියැදුරකු වන සංගිලි කුමාරස් ස්වාමි (60) ඔහුගේ බිරිය ප්‍රබුදී (57) දියණිය අනිදි ප්‍රියා (23) වශයෙන් කොටහේනේ ඔවුන්ගේ සමීප ඥාතියකු හඳුනාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. සංගිලිකුමාර් බිරිය සහ දියණිය සමග කොළඹ පැමිණ ඇත්තේ නිවාඩුවක් ගත කිරීම සඳහා බවත් සංගිලිකුමාර්ගේ පුත් ප්‍රසාන් (27) සොයා ගැනීමට නැති බවත් පොලිසිය කියයි. ඔහු ඖෂධවේදීයෙකි. කොළඹ මහේස්ත්‍රාත් හර්ෂා රණසිංහ මහත්මිය එහි ගොස් මූලික පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස කළුබෝවිල රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ධම්මික ප්‍රනාන්දුට නියෝග කළාය. දින හතරකට කලින් මරාදමා ඇතැයි සැක කෙරේ. ඔවුන්ගේ සිරුරු එක්ම ඇඳක තබා පෙරෝනා වලින් වසා කපුරු බෝල පොරෝන මත තබා ඇතැයි මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට ලක් වූවාය. මෙය මිනී මැරුමක් බවට සාධක ඇතැයි පොලිසිය කියයි. ප්‍රසාන් පෙර දින කොටහේනේ සමීප ඥාතියකු හමුවූ බව ද පොලිසියට තොරතුරු ලැබී ඇත.2012 අගෝස්තු මස 18 20:20වැල්ලවත්ත ඝාතනය අභිරහසක් ඖෂධවේදී පුතා ආ ගිය අතක් නැහැ
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මාවතේ කාමරයක මැරී සිටි තිදෙනා කොටගල ඩෙරික් ක්ලේයාර් වත්තේ විශ්‍රාමික රියැදුරකු වන සංගිලි කුමාරස් ස්වාමි (60) ඔහුගේ බිරිය ප්‍රබුදී (57) දියණිය අනිදි ප්‍රියා (23) වශයෙන් කොටහේනේ ඔවුන්ගේ සමීප ඥාතියකු හඳුනාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. සංගිලිකුමාර් බිරිය සහ දියණිය සමග කොළඹ පැමිණ ඇත්තේ නිවාඩුවක් ගත කිරීම සඳහා බවත් සංගිලිකුමාර්ගේ පුත් ප්‍රසාන් (27) සොයා ගැනීමට නැති බවත් පොලිසිය කියයි. ඔහු ඖෂධවේදීයෙකි. කොළඹ මහේස්ත්‍රාත් හර්ෂා රණසිංහ මහත්මිය එහි ගොස් මූලික පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස කළුබෝවිල රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ධම්මික ප්‍රනාන්දුට නියෝග කළාය. දින හතරකට කලින් මරාදමා ඇතැයි සැක කෙරේ. ඔවුන්ගේ සිරුරු එක්ම ඇඳක තබා පෙරෝනා වලින් වසා කපුරු බෝල පොරෝන මත තබා ඇතැයි මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට ලක් වූවාය. මෙය මිනී මැරුමක් බවට සාධක ඇතැයි පොලිසිය කියයි. ප්‍රසාන් පෙර දින කොටහේනේ සමීප ඥාතියකු හමුවූ බව ද පොලිසියට තොරතුරු ලැබී ඇත.2012 අගෝස්තු මස 18 20:20
වැල්ලවත්ත ඝාතනය අභිරහසක් ඖෂධවේදී පුතා ආ ගිය අතක් නැහැ
2012-08-18T20:27:00+05:30
SL Matter
