මාතරින් කාන්තා හොල්මනක් !

කාලයෙන් කාලයට විවිධ ප්‍රදේශයෙන් භූතයන් හා අවතාර මතුවීම පිලිබඳ පසුගිය කාලය පුරාවට දැනගැනීමට ලැබුනා. පසුගිය කාලයේ අත්තනගල්ලෙන් මතුවූ එවන් කාන්තා හොල්මනක් හේතුවෙන් එම ප්‍රදේශය කැළඹීමට ලක්ව තිබුනා.

එම සිදුවීම පිලිබඳ අප ගවේෂණයක් සිදුකල අතර අවසානයේ අපට දැනගැනීමට ලැබුනේ එම ප්‍රදේශයේ පවත්වාගෙන යන අපචාර කටයුත්තක් සඳහා මෙම කතාව භාවිතා කර ඇති බවයි.

අද දිනයේ වාර්තාවන "අලුත්ම කාන්තා හොල්මන" වාර්තා වන්නේ මාතර කැකනදුරේ ප්‍රදේශයෙන්ය.

මාතර, කැකණදුර, බණ්ඩාරනායකපුර ප්‍රදේශයට ආසන්නව අද්භූත හා භයංකාරජනක නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වේ යයි රාවයක් ප්‍රදේශය පුර ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මුළුමහත් කැකණදුර ගම්මානයම කැළඹීමට පත්ව ඇත.

බලිතොවිල් හදි හූනියම් පිලිබඳ අදටත් ඉතා ඉහලම විශ්වාස කරන පිරිසක් සිටින මාතර පුරවරයේ මෙම සිදුවීම වෙනවා යයි පවසන්නේ අසල ගම්මාන සියල්ලකම තොවිලයක්, පිදෙනියක් තිබුණහොත් එහි තටු ගෙනත් දමන කැකණදුර, තල්පාවිල බෙදුම් ඇළ අසලය.

රාත්‍රී කාලයේ සහ අලුයම් වෙලාවේදී මෙම ප්‍රදේශයෙන් එහා මෙහා ගමන් කරන මිනිසුන් කිහිප දෙනෙකුටම මේ වන විට නොපෙනෙන බලවේගයට මුහුණ දී ඇති අතර එම ප්‍රදේශයෙන් ගමන් කරන වාහන වලට කිසියම් පුද්ගලයෙකු අත දමන බවත්, වාහනයට නග්ගගෙන ගිය විට ක්ෂණයෙන නැතිවන බවත් ,පයින් යන අය සමග කතා කරමින් පිටුපසින් පැමිණ ක්ෂණයෙන නැතිවන බවත් ගම්මු පවසති.

මේ හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාව අවේලාවේ මෙම ප්‍රදේශයෙන් ගමන් කිරීම නවතා ඇති අතර මෙම නොපෙනෙන බලවේගය නිසා ඇලට වැටුණු පුද්ගලයන්, තුවාල වූ පුද්ගලයන්, බයිසිකල් හා ත්‍රිවිල් රථ පෙරලාගත් පුද්ගලයන් කිහිප දෙනෙක්ම මෙම ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

කිසියම් පිරිසක් ඉතා කුමන්ත්‍රණකාරීව සිදුකරන ප්‍රෝඩාවක් යයි ගම්මුන් නොසිතන්නේ මෙය දුටුව විවිධ පුද්ගලයන් එකිනෙකට වෙනස් තොරතුරු සැපයීමත් ඒ සියලු දෙනාම පවසන්නේ එකම ස්වරුපයක පුද්ගලයකු පිලිබඳ නොවන බවත් නිසාය.

Gossip Lanka Hot News Previous News Archive