To arrest drunken drivers starting from todayමත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නටන්ට එරෙහිව අද පටන් දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව අද දිනයේ සිට දිවයින පුරා පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පැය 24 පුරා ක‍්‍රියාත්මක වීමට නියමිතය.
එහිදී අල්ලා ගනු ලබන මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් අධිකරණයට ඉදිරිපත් කර උපරිම නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මූලස්ථානය නිවේදනය කරයි